විදුලිබල ශක්ති ව්‍යාප්තිය

විදුලිබල ශක්ති ව්‍යාප්තිය යනු රටක් තුල විදුලිබල ශක්තිය ජනනය කිරීමේ හා සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රවර්ධනය තුලින් විදුලිබල ශක්තිය මුළු රට පුරා දිවිගෙවන සමස්ත ජනයාගේ පරිභෝජනය සඳහා උපයෝජ්‍ය වන පරිදී ව්‍යාප්ත කිරීම වන අතර 1880 ගණන් වල මැද භාගයේ සිට 1940 දක්වා කාලය තුලදී එක්සත් ජනපදය, එංගලන්තය හා අනෙකුත් රටවල මෙය සිදුකර නිමා කර ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය සිදු වෙමින් පවතියි.

විද්‍යුත් ග්‍රිඩය සංස්කරණය

මෙම වදන වඩාත් විශේෂිතව භාවිතා කරන ලද්දේ නිවාස හා ව්‍යාපාර සඳහා විද්‍යුත් ජවය සැපයීමට අවශ්‍ය යටිතල පහසුකම් සහිත ක්‍රියාවලි හැඳින්වීමටය. විද්‍යුතනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වලට ජව බලාගාර, දිගු සම්ප්‍රේෂණ රැහැන්, උපපොළවල් හා අවසාන පරිශීලකයන්ට වූ කෙටි බෙදා හැරීම් රැහැන් ඇතුළත් වේ.


රටවල්


විශාලතම විද්‍යුතන ව්‍යාපෘතිවලින් එකක් වූයේ 1920 ආරම්භ වී 1931 දී අවසාන වූ රුසියාවෙහි ක්‍රියාත්මක වූ GOELRO සැලසුමයි.

එක්සත් ජනපදයේ දී 1935 ග්‍රාමීය විද්‍යුත් පරිපාලනය ආරම්භ වීමත් සමඟ පුළුල්ව පැතිරුණු ග්‍රාමීය විද්‍යුතනය ආරම්භ වූ අතර එය දේශීය ග්‍රාමීය විද්‍යුත් සමූපකාරයන් සමඟ සම්බන්ධ විය.


විද්‍යුතන පුරෝගාමී සංස්කරණය

  • සිඩ්නි මැක්මත්
  • ටෙන්සි නිම්න අධිකාරිය


ප්‍රවාහනයේ විද්‍යුතනය සංස්කරණය

ප්‍රවාහනයේ විද්‍යුතනය යනු සම්පූර්ණයෙන්ම පෙට්‍රෝලියම් වාහන වෙනුවට දෙමුහුම් (Hybrid) හෝ විද්‍යුත් වාහන භාවිතයයි.