විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/මූලාශ්‍ර

සජීවී උදව් ගන්න: irc • web

4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්
මූලාශ්‍ර නිදසුන්

යහපත් මූලාශ්‍ර අඩංගුයි:

  • පොත්පත්වල
  • පුවත්පත්වල
  • සම්භාවනීය සඟරාවල
  • ශාස්ත්‍රීය ජර්නල්වල

අයහපත් මූලාශ්‍ර අඩංගුයි:

  • බ්ලොග්වල
  • මයිස්ෆේස්/ෆේස්බුක්  පිටුවල
  • "පුද්ගලික දැනීම්වල"
  • අනෙකුත් සංස්කාරකයෙකු 
    හට තනිවම ස්ථිර කළ 
    නොහැකි ඕනෑම මූලාශ්‍රවල.

විකිපීඩියාවෙහි ඇති තොරතුරු විශ්වාස සහ සත්‍යෙක්ෂණය කළ හැකි විය යුතුය.

යම් යම් සිද්ධාන්තයන්, මතයන්, ප්‍රමේයයන් සහ තර්ක විතර්කයන් ඇතුලත් කලයුත්තේ එම කරුණු සඳහා විශ්වාස කළ හැකි මූලාශ්‍ර ප්‍රකාශනය කර පවතීනම් පමණි. මූලාශ්‍ර සතුව ජනප්‍රියතාවයක් පැවතීම සත්‍යෙක්ෂණයට හා නිවැරදි භාවයට ඉවහල් වේ, එමෙන්ම මාතෘකාවෙහි ස්වාධින බවක් බවක් පැවතීමද ඉතා වැදගත් වේ. උපුටා ගැනීමේ මූලාශ්‍ර විකිපීඩියාව තුල මෙන්ම විකිපීඩියා ලිපියක් තුලද මූලික මෙන්ම නිල ප්‍රතිපත්තියක් වෙයි. එවැනි මූලාශ්‍ර නොදක්වන ලද උපුටාගැනීම් සහිත ලිපියක් විකිපීඩියාව සතුව පවතියිනම් එම ලිපිය පිළිබඳ විමසීමෙන් පසු නිවැරදි නොවුනහොත් ඉක්මන් මකාදැමුමට ලක්වේ. ශාස්ත්‍රිය විශයන් සඳහා, මූලාශ්‍ර ඉතා සුවිශේෂි ලෙස සම සම සමාලෝචනයට ලක්වී තිබීම ඉතා වැදගත් වේ. එමෙන්ම මූලාශ්‍රවල හිමිකම් අයීතීන් පැහැදිලිව තිබීම, උදාහරණ ලෙස පිටස්තර හිමිකම් සඳහා ශක්තිමත් මූලාශ්‍ර අවැසි වේ. ඔබට මූලාශ්‍රවල ප්‍රමාණවත් සුදුසුබව පිළිබඳව සැකයක් පවතීනම් විකිපීඩියා:විශ්වාසනීය මූලාශ්‍ර බලන්න, තවදුරටත් අවිශ්වාසනම්, ඔබට විශ්වාසනීය මූලාශ්‍ර දැන්වීම් පුවරුව මගින් විමසීමක් සිදුකල හැකිය.

සටහන: වෙනත් විකිපීඩියා ලිපි විශ්වාසනීය මූලාශ්‍ර ලෙස නොසලකයි (එනමුත් සැබැවින්ම ඔබට විකිපීඩියා ලිපි තුලින් උචිත මූලාශ්‍ර උපුටාගැන්මට අවස්ථාව හිමිවේ).


යහපත් මූලාශ්‍ර

  1. විශ්වසනීයත්වය සදහා ප්‍රසිද්ධියක් ඇත: ඒවා විශ්වාස කළ හැකි මූලාශ්‍ර වේ
  2. මාතෘකාවෙහි නිදහස් බවක් ඇත
  3. අනෙකුත් සංස්කාරකයන් හට සත්‍යෙක්ෂණය කළ හැකියි


ඔබේ ලිපියෙහි උපන්‍යාසය විශ්වාස කළ හැකි, නිදහස් මූලාශ්‍ර නොමැතිනම්, එය මකා දැමීමට ඉඩ ඇත.


ඔබ බලාපොරොත්තු වූ ලිපිය සතුව යහපත් මූලාශ්‍ර තිබේද?