භගවද් පුරාණය තුළ, වසුදේව (දේවනගරි: वसुदेव, IAST: Vasudeva) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණුගේ අටවන උපත වන ක්‍රිෂ්ණගේ පියායි. මොහු යාදව රජකු විය. නන්ද බාබාගේ සොහොයුරා වූ ඔහු ළමාවියේ දී ක්‍රිෂ්ණව රැකබලා ගත්තේ ය. ඔහුගේ සොහොයුරිය වූ කුන්ති පණ්ඩු සමග විවාහ විය. පසුකාලීන මහාභාරත යුද්ධයේ දී කුන්ති වැදගත් කාර්යභාරයක් ඉටු කළා ය. පීතෘනාමික වාසුදේව (දීර්ඝ ශබ්දය සහිත්ස්) ‍යන්න ක්‍රිෂ්ණගේ නාමයන් අතුරින් ප්‍රචලිත නාමයකි. හරිවංස පුරාණය අනුව වසුදේව සහ නන්ද සොහොයුරෝ වූහ.[1] ඔහු 'ග්වාල' හෙවත් ගව රංචුවක් බලාගත් අයකු යැයි පැවසේ. ඉන්දියානු ඉතිහාසය හෝ පුරාතන ග්‍රන්ථ ආදියෙහි සඳහන් වන්නේ ඔහු ඉතා සාමකාමී පුද්ගලයකු ලෙසයි.

වසුදේව
මහාභාරතය චරිතය
වසුදේව
ක්‍රිෂ්ණ සහ බලරාම සිය දෙමාපියන් හමුවීම (රාජා රවී වර්මාගේ සිතුවමකි)
තොරතුරු
පවුලශූරසේන (මියා)
කුන්ති (සොහොයුරිය)
කලත්‍රයා (කලත්‍රයන්)රෝහිනී දේවි, දේවකී
දරුවෝබලරාම, සුභද්‍ර සහ ක්‍රිෂ්ණ

මේවාත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

  • RG Bhandarkar: "Vasudeva of Panini" 4.3.98. Journal of the Royal Asiatic Society, 1910.
"https://si.wikipedia.org/w/index.php?title=වසුදේව&oldid=414458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි