වක්ත්‍ර, අන්තරංග කපාලය, හෙවත් ආශය-කපාලය යනු හිස්කබලේ කොටසක් වන අතර, එය ඇතිවන්නේ ග්‍රසනික වක්‍රයෙනි. වක්ත්‍ර අස්ථි අතරට හිස්කබලේ පූර්ව සහ පහළ කොටස් අයත් වේ. හිස්කබලේ ඒ හැර සෙසු කොටස් කපාල අස්ථි ගණයට අයත් වේ.

වක්ත්‍ර අස්ථි
මානව වක්ත්‍ර සැකිල්ල සාදන අස්ථි දාහතර.
වක්ත්‍ර අස්ථි දාහතර. (ස්නායුකපාලය මෙහි අර්ධ-පාරදෘශ්‍ය අයුරින් පෙන්වා ඇත)
  නිල්: හලාස්ථිය (1)
  රෝස: නාසාස්ථි (2)
  රතු: තාලව අස්ථි (2)
  දීප්තිමත් නිල්: අශ්‍රැ අස්ථි (2)
  අඳුරු කොළ: යුගාස්ථි (2)
  දීප්තිමත් කොළ: අධර නාසා කම්බු (2)
තොරතුරු
ලතින්ossa faciei, ossa facialia
හඳුන්වනයන්
ග්‍රේ ගේp.156
Dorlands
/Elsevier
Facial bones
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යූහය සංස්කරණය

බොහෝ මූලාශ්‍රවල මානව හිස්කබලේ වක්ත්‍ර අස්ථි යටතට පහත අස්ථීන් දාහතර ඇතුළත් කොට ඇත:[1][2]

විචලනයන් සංස්කරණය

ඇතැම්විට මානව කණ්ඨිකා අස්ථිය ද මේ අතරට ඇතුළත් කෙරුණු අවස්ථා ඇත. ජිද්‍රාස්ථිය (හෝ එහි කොටසක්) සහ කීලාස්ථිය ද සමහර අවස්ථාවල වක්ත්‍ර යටතට ඇතුඵත් කෙරුණ ද, ඒවා බොහෝ විට කපාලයේ කොටසක් ලෙස සැලකේ. ඇතැම් මූලාශ්‍රවල ඌර්ධ්වහනුක අස්ථියේ වම් සහ දකුණු කොටස් අස්ථි දෙකක් ලෙස සලකා ඇත. එසේම තාලව අස්ථිය ද ඇතැම්විට අස්ථි දෙකක් ලෙස විස්තර කෙරේ.

විවිධ පාඨ ග්‍රන්ථවල මෙම වක්ත්‍ර සැකිල්ලට ඇතුළත් කොට ඇති අස්ථීන් විවිධ ය. අස්ථීන්ගේ කලලවිද්‍යාත්මක සම්භවය මත පදනම්ව ඇතැම් පාඨ ග්‍රන්ථවල ස්නායුකපාල සහ අන්තරංග කපාල අස්ථීන් අතර වෙනස්කම් ඍජුවම දක්වා ඇත. වෙනත් පාඨ ග්‍රන්ථ මානව හිස්කබලේ පූර්ව පැත්තෙන් දැකගත හැකි සියලු අස්ථීන් මේ යටතට ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත; මීට සමගාමීව ඔවුන් විසින් ලලාට අස්ථිය වැනි අස්ථි ද මෙයට ඇතුළත් කොට ඇත.[3]

වර්ධනය සංස්කරණය

මෙම අන්තරංග කපාලය ඇතිවන්නේ ස්නායු මාර්ග ශිඛා සෛලවලින් (ස්නායුකපාලයේ, දත්වල සහ අධිවෘක්ක මජ්ජාවේ වර්ධනයට හේතු වන) හෝ මධ්‍යචර්මයේ දේහපිණ්ඩ කොටසින් ඇති වන කංකාල පිණ්ඩයෙනි. නමුත් මෙය කොන්ඩ්‍රික්තියේස් සහ සෙසු කාටිලේජමය පෘෂ්ඨවංශීන්ගේ මෙන්, ස්නායුකපාලය සමග අන්තඃකාටිලේජ අස්ථිභවනය මගින් ප්‍රතිස්ථාපනය වී නැත. උභයජීවීන් සහ උරගයන් වැනි සිව්පාවුන්ගේ කර්ණපටහයට සම්බන්ධ ස්තම්භිකාව ඇතිවන්නේ මෙම අන්තරංග කපාලයෙනි. නමුත් ක්ෂීරපායීන් තුළ, අන්තරංග කපාලයෙන් සම්භවය වන්නේ මැද කනේ අස්ථි වන මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකය යි.

අමතර රූප සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. ස්කෙලිටල් සිස්ටම් / ඩිවිෂන්ස් ඔෆ් ද ස්කෙලිටන්
  2. ෆේෂල්+බෝන් - ඩිෆිනිෂන් ෆ්‍රොම් මීරියම්-වෙබ්ස්ටර්'ස් මෙඩිකල් ඩික්ෂනරි, http://medical.merriam-webster.com/medical/facial%20bone, ප්‍රතිෂ්ඨාපනය 2016-10-01 
  3. මෙවන් වෙනස්කම් නිසා වක්ත්‍ර සැකිල්ලේ මුළු අස්ථි සංඛ්‍යාව නිර්ණයේ දී විවිධ බාධා ඇති වේ. කෙසේනමුත්, හිස්කබලේ ව්‍යූහය වර්ගීකරණයට/හඳුනාගැනීමට මෙවන් වර්ගීකරණ සිදුකොට තිබුණ ද, ඒවායේ ව්‍යූහවිද්‍යාවට ඉන් බලපෑමක් සිදු නොවේ.

බාහිර සබැඳිs සංස්කරණය

සැකිල්ල:Compound structures of skull

"https://si.wikipedia.org/w/index.php?title=වක්ත්‍ර_අස්ථි&oldid=593260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි