සැම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ලෝක ඒඩ්ස් දිනය දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම නැංවීමට කැපකර ඇත. රාජ්‍ය හා සොඛ්‍ය නිලධාරින් විසින් බොහෝවිට ඒඩ්ස් ආශ්‍රිත මාතෘකා හා බැඳුනු කථා හෝ සමුළු හී සහභාගී වෙමින් මෙම දිනය සමරති. 1995 පටන්, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් ලෝක ඒඩ්ස් දිනයේදී නිල ප්‍රකාශයක් සිදු කෙරේ. අනෙකුත් ජාතීන්ගේ රජයයන් මෙය අනුගමනය කරමින් මේ හා සමාන ප්‍රකාශ නිකුත් කළහ.

ලෝක ඒඩ්ස් දිනය
HIV-ආසාදිත ජනයා හා ඒඩ්ස් වැලැඳී ජීවත් වන අයවලුන් වෙත සහයෝගිතාවය පළකිරීමේ ගෝලීය සංකේතය වන රතු පීත්තපටිය.
Observed byසියළු එජා සාමාජීක රාජ්‍යයන්
Date1 දෙසැම්බර්
Frequencyවාර්ෂික

1981 සහ 2007 අතරතුර මිලියන 25 කට අධික ජනකායක් ඒඩ්ස් රෝගයට ගොදුරු වී මිය ගොස් ඇති අතර,[1] 2007 වන විට ලොවපුරා ඇස්තමේන්තුගත මිලියන 33.2 ජනයා එච්.අයි.වී වැළැඳී ජිවත්වෙමින්,[2] එය ලේඛනගත ඉතිහාසයේ මහත් ව්‍යසනකාරී වසංගත අතුරින් එකක් බවට පත් කර ඇත. ප්‍රතිරෙට්රොවයිරස ප්‍රතිකාර සහ උවටැන් ලබා දීම සඳහා ලොව බොහෝ ප්‍රදේශයන්හී මෑතදී වැඩිදියුණු කල හැකියාවන් අභිමුඛයේ වුව, ඒඩ්ස් වසංගතය 2007 වසර තුලදී ඇස්තමේන්තුගත මිලියන 2 ක ගොදුරක් ගිල ගෙන ඇති අතර,[3] එයින් 270,000 පමණ කුඩා දරුවන් වෙති. [4]

ඉතිහාසය සංස්කරණය

 
රුසියානු මුද්දරය, 1993
 

ලෝක ඒඩ්ස් දිනයක් පිළිබඳ අදහස 1987 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරින් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ විය. [5] [6] බන් සහ නෙට්ටර් විසින් මෙම ඔවුන්ගේ අදහස, ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි (දැන් UNAIDS ලෙසද හැඳින්වෙන) අධ්‍යක්ෂක ආචාර්යය ජොනතන් මාන් වෙත ඉදිරිපත් කළහ. මෙම සංකල්පය ආචාර්යය මාන් ගේ සිත් ගත් අතර, එය ඔහු විසින් අනුමත කරනු ලදුව, ලෝක ඒඩ්ස් දිනය පළමුවෙන් සමරන දිනය 1988 දෙසැම්බර් 1 වන දිනය විය යුතුය යන නිර්දේශයටද එකඟ විය.

සැන් ෆ්‍රැන්සිස්කෝහී කේපිඅයික්ස්-ටීවී හී වාර්තාකාර රාජකාරියෙන් ප්‍රවාස නිවාඩු පිට සිටි ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වූ බන් විසින් දෙසැම්බර් 1 දිනය නිර්දේශ කළේ බටහිර ප්‍රවෘත්ති මාධ්‍යයන් විසින් උපරිම ආවරණයක් ලබාදෙනු ඇතැයි උපකල්පනය කළ නිසාය. 1988 වසර එ.ජ. හී මැතිවරණ වසරක් වූ බැවින් බන් විසින් යෝජනා කරන ලද්දේ මාධ්‍යයන් ඔවුන්ගේ පශ්චාත්-මැතිවරණ ආවරණයෙන් පසුව වෙහෙසට පත්ව සිටි අවධියක ආවරණය සඳහා නැවුම් ප්‍රවෘත්තියක් පිළිබඳ මහත් සේ ලොල්වනු ඇති බවකි. බන් හා නෙට්ටර් නිශ්චය කළේ දෙසැම්බර් 1 වන දිනය මැතිවරණයෙන් පසුව සැලකිය යුතු කාලයක් පසුව හා නත්තල් නිවාඩුවට සැලකිය යුතු කාලයක් ඉදිරියෙන් පැමිණෙන දිනයක් බැවින් ප්‍රවෘත්ති ප්‍රචාරණ දින දසුනෙහි එතරම් කාර්යබහුල නොවන කාල සීමාවක් බැවින් ලෝක ඒඩ්ස් දිනය සඳහා සුදුසුතම දින වකවානුව බවයි.

1986 ජූනි 18 වන දිනදී කේපීඅයිඑක්ස් හී “ඒඩ්ස් ලයිෆ්ලයින්" (බන් විසින් සහ කේපීඅයිඑක්ස් හී විශේෂ ව්‍යාපෘති නිෂ්පාදක නැන්සි සැස්ලෝ විසින් දියත් කරනු ලැබූ ප්‍රජා අධ්‍යාපන ව්‍යාපෘතියකි) සඳහා ජනාධිපති රොනල්ඩ් රීගන් විසින් පිරිනැමුණු පෞද්ගලික අංශ ආරම්භණ වෙනුවෙන් වූ ජනාධිපතිමය උද්ධාරයකින් පිදුම් ලැබිණි. "එඩ්ස් ලයිෆ්ලයින්" හී ඔහුගේ භූමිකාව නිසාවෙන්, එ. ජ. රජය වෙනුවෙන් ආචාර්යය මාන් විසින් බොන් ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ, දෙවසරක ප්‍රවාස නිවාඩු ගෙන, රෝග පාලන කේන්ද්‍රයන්හී වසංගත අධ්‍යයනඥයෙකු වූ ආචාර්යය මාන් හා එක්ව, එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා, ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහන ඇරඹීමට උපකාර සපයන ලෙසයි. බන් මහතා විසින් මෙම ආරාධනය පිළිගනු ලදුව ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහන සඳහා පළමුවන මහජන තොරතුරු නිලධාරි ලෙසින් නම් කරනු ලැබීය. මහජන සෞඛ්‍යය ඉතිහාසයෙහි රෝග සම්ප්‍රජානනය හා නිවාරණය පිළිබඳ ප්‍රත්‍යුත්ක්‍රම අතුරින් වැඩිම කාලයක් පැවැති ලෝක ඒඩ්ස් දින සැමරුමෙහි ප්‍රාරම්භක සැමරුම බන් හා නේට්ටර් යන්නන්ගේ මනසේ පිළිසිඳ ඔවුන් විසින් එය සැලසුම් කොට එය ක්‍රියාක්මක කෙරිණි.

එච්.අයි.වී/ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන (UNAIDS) 1996දී ක්‍රියාත්මක වූ අතර ලෝක ඒඩ්ස් දිනය සැලසුම් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ කටයුතු එය විසින් පවරා ගන්නා ලදි.[7] එක් දිනක් තුල අවධානය යොමු කරනවා වෙනුවට, UNAIDS විසින් 1997දී ලෝක ඒඩ්ස් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ අතර එය විසින් වසර පුරා පැවැති සන්නිවේදනය, නිවාරණය හා අධ්‍යාපනය ගැන අවධානය ඇති කෙරුණි.[7][8]

පළමු වසර දෙක තුලදී, ලෝක ඒඩ්ස් දිනයේ තේමාව විසින් අවධානය යොමු කළේ කුඩා දරුවන් හා යෞවනයන් පිළිබඳවය. සියළු වයස් වල පසුවන්නන් එච්.අයි.වී ආසාදිතව ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බව යන කරුණ නොසැලකූ මෙම තේමාවන් එකල දැඩි ලෙසින් විවේචනයට පාත්‍ර විය.[7] කෙසේවෙතත් මෙම තේමාවන් විසින් එච්.අයි.වී/ඒඩ්ස් වසංගතය කෙරෙහි අවධානය යොමු කරවනු ලැබූ අතර, රෝගය පිළිබඳව පැවැති අපකීර්තිමත් මතිමතාන්තර අඩු කිරීමට උපකාරි වෙමින්, මෙම ගැටළුව පවුල් රෝගයක් ලෙසින් පිළිගැනුමේ අවශ්‍යතාවය හුවාදැක්වීමට උපකාරි විය.[7]

2004 දී, ලෝක ඒඩ්ස් ව්‍යාපාරය ස්වායත්ත සංවිධානයක් බවට පත් විය.[7][8][9]

සැම වසරකදීම, දෙවන ජුවාම් පාවුළු සහ දහසයවන බෙනඩික්ට් යන පාප් වහන්සේලා විසින් ලෝක ඒඩ්ස් දිනයේදී රෝගීන් හා වෛද්‍යවරුන් සඳහා සුපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. [10][11][12][13][14][15]

තේමා සංස්කරණය

එක් එක් ලෝක ඒඩ්ස් දින වැඩසටහනක්ම විශේෂිත තේමාවක් අරමුණු කර ගෙන සිදුකෙරෙන අතර, UNAIDS, WHO සහ එච්අයිවී/ඒඩ්ස් වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීමට සම්බන්ධ ආමූලිකයන්, ජාතික සහ ජාත්‍යන්තර කාර්යාංශයන් විශාල සංඛ්‍යාවක සමූපදේශනය ඔස්සේ එය තෝරා ගැනෙයි. 2008 වන විට, එක් එක් වසරක ලෝක ඒඩ්ස් දිනයේ තේමාව තොරාගනු ලැබුවේ ලෝක ඒඩ්ස් ව්‍යාපාරයේ ගෝලීය සුසැරවීම් කමිටුව (WAC) විසිනි.[7]

2005 වසරෙහි සිට 2010 වසර දක්වා එක් එක් ලෝක ඒඩ්ස් දිනය සඳහා තේමාව වූයේ, "ඒඩ්ස් වලක්වන්න. පොරොන්දුව ඉටු කරන්න" යන්න වන අතර, එය සැලසුම් කර තුබූයේ, එච්අයිවී/ඒඩ්ස් වැලැක්වීම, ප්‍රතිකාරය, සුරැකුම සහ සහයෝගය සඳහා විශ්ව ප්‍රවේශය, 2010 වසර වන විට ලඟාකරගැනුමට ඔවුන් එකඟවූ කැපවීම ඉටු කිරීමට දේශපාලන නායකයන් උනන්දු කිරීමටය.[7]

2012 වසර වන විට, ලෝක ඒඩ්ස් දිනය සඳහා බහු-වසර තේමාව වූයේ "ශූන්‍යය කරා එළඹීම: නව එච්අයිවී ආසාදන ශුන්‍යය කරන්න. ඒච්ස්-සබැඳි රෝගිතාවන් නිසා මරණ ශුන්‍යය කරන්න. වෙනස්කම් කිරීම ශුන්‍යය කරන්න" යන්නයි.[16]

මෙම තේමාවන් එක් දිනයකට පමණක් සීමා නොවන අතර, ජී8 සමුළුව වැනි අනෙකුත් ප්‍රධාන ගෝලීය ඉසව් මෙන්ම, එක්සත් රාජධානියේ ශිෂ්‍යයෝ ඒඩ්ස් සඳහා තිත තබති ව්‍යාපාරය වැනි දේශීය ව්‍යාපාරයන්හීද සන්දර්භය තුල, වසර පුරා, එච්අයිවී/ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම ඉස්මතු කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නය තුල භාවිතා වෙයි.

ලෝක ඒඩ්ස් දිනය තේමා, 1988–වර්තමානය[17] සංස්කරණය

 
A large red ribbon hangs between columns in the north portico of the White House for World AIDS Day, 30 November 2007
 
A 67 m long "condom" on the Obelisk of Buenos Aires, Argentina, part of an awareness campaign for the 2005 World AIDS Day
1988 සන්නිවේදනය
1989 තාරුණ්‍යය
1990 කාන්තාවන් සහ ඒඩ්ස්
1991 අභියෝගයට හවුලේ මුහුණදීම
1992 ප්‍රජා කැපවීම
1993 ක්‍රියාත්මක වන්න
1994 ඒඩ්ස් සහ පවුල
1995 හවුල් අයිතිවාසිකම්, හවුල් වගකීම්
1996 එක ලෝකයක්. එක බලාපොරොත්තුවක්.
1997 ඒඩ්ස් සහිත ලෝකයක ලමුන් ජීවත්වීම
1998 වෙනසක් බලාත්මක කරන්න: තරුණ ජනයා සමග ලෝක ඒඩ්ස් ව්‍යාපාරය
1999 සවන් දෙන්න, උගෙන ගන්න, ජීවත් වන්න: ලමුන් සහ තරුණ ජනයා සමග ලෝක ඒඩ්ස් ව්‍යාපාරය
2000 ඒඩ්ස්: පුරුෂයන් වෙනසත් සිදු කරති
2001 මම සැලකිලිමත් වෙමි. ඔබත් එසේ කරනවාද?
2002 අපකීර්තිය සහ වෙනස්කම් කිරීම
2003 අපකීර්තිය සහ වෙනස්කම් කිරීම
2004 කාන්තාවන්, ගැහැණු ලමයි, එච්අයිවී සහ ඒඩ්ස්
2005 ඒඩ්ස් වලක්වන්න. පොරොන්දුව ඉටු කරන්න
2006 ඒඩ්ස් වලක්වන්න. පොරොන්දුව ඉටු කරන්න – වගකීම
2007 ඒඩ්ස් වලක්වන්න. පොරොන්දුව ඉටු කරන්න – නායකත්වය
2008 ඒඩ්ස් වලක්වන්න. පොරොන්දුව ඉටු කරන්න – නායකත්වය දෙන්න – බලය පවරන්න – ඉටු කරන්න[18]
2009 විශ්ව පිවිසුම සහ මිනිස් අයිතිවාසිකම්[19]
2010 විශ්ව පිවිසුම සහ මිනිස් අයිතිවාසිකම්[19]
2011 ශූන්‍යය කරා එළඹීම[20]
2012 ශූන්‍යය කරා එළඹීම[17]
2013 ශූන්‍යය කරා එළඹීම[17]
2014 ශූන්‍යය කරා එළඹීම[17]
2015 ශූන්‍යය කරා එළඹීම[17]

සටහන් සංස්කරණය

වර්ල්ඩ් ඒඩ්ස් ඩේ: 10 ටිප්ස් ෆො යූසින් අ කොන්ඩෝම්

  1. ජොයින්ට් යුනයිටඩ් නේෂන්ස් ප්‍රෝගම් ඔන් එච්.අයි.වී/ඒඩ්ස් (UNAIDS), රිපෝට් ඔන් ද ග්ලෝබල් එච්.අයි.වී/ඒඩ්ස් එපිඩමික් 2008, (ජිනීවා, ස්විට්ස්ර්ලන්තය: UNAIDS, ජූලි 2008; ඉංග්‍රීසි මුල්), පි. 15.
  2. ජොයින්ට් යුනයිටඩ් නේෂන්ස් ප්‍රෝගම් ඔන් එච්.අයි.වී/ඒඩ්ස් (UNAIDS), රිපෝට් ඔන් ද ග්ලෝබල් එච්.අයි.වී/ඒඩ්ස් එපිඩමික් 2008, (ජිනීවා, ස්විට්ස්ර්ලන්තය: UNAIDS, ජූලි 2008; ඉංග්‍රීසි මුල්), පි. 32.
  3. ජොයින්ට් යුනයිටඩ් නේෂන්ස් ප්‍රෝගම් ඔන් එච්.අයි.වී/ඒඩ්ස් (UNAIDS), රිපෝට් ඔන් ද ග්ලෝබල් එච්.අයි.වී/ඒඩ්ස් එපිඩමික් 2008, (ජිනීවා, ස්විට්ස්ර්ලන්තය: UNAIDS, ජූලි 2008; ඉංග්‍රීසි මුල්), පි. 30.
  4. ජොයින්ට් යුනයිටඩ් නේෂන්ස් ප්‍රෝගම් ඔන් එච්.අයි.වී/ඒඩ්ස් (UNAIDS), රිපෝට් ඔන් ද ග්ලෝබල් එච්.අයි.වී/ඒඩ්ස් එපිඩමික් 2008, (ජිනීවා, ස්විට්ස්ර්ලන්තය: UNAIDS, ජූලි 2008; ඉංග්‍රීසි මුල්), පි. 37.
  5. රෝග පාලනය හා නිවාරණය සඳහාවූ එ.ජ. කේන්ද්‍ර, ජාත්‍යන්තර පුවත්, "වර්ල්ඩ් ඒඩ්ස් ඩේ කෝ-ෆවුන්ඩර් ලුක්ස් බෑක් 20 ඉයර්ස් ලේටර්", සීඩීසී එච්අයිවී/හෙපටයිටිස්/එස්ටීඩී/ටීබී ප්‍රිවෙන්ෂන් නිවුස් අප්ඩේට්, දෙසැම්බර් 12, 2007
  6. "ඒඩ්ස් ඩේ කෝ-ෆවුන්ඩර් ලුක්ස් බෑක් ආෆ්ටර් 20 ඉයර්ස්" රෝස් හොබාන් විසින්, වොයිස් ඔෆ් ඇමරිකා, 06 දෙසැම්බර් , 2007
  7. 7.0 7.1 7.2 7.3 7.4 7.5 7.6 ස්පෙයිචර්, සාරා. "වර්ල්ඩ් ඒඩ්ස් ඩේ මාර්ක්ස් 20ත් ඇනිවර්සරි ඔෆ් සොලිඩෑරිටි." මෙඩිකල් නිවුස් ටුඩේ. නොවැම්බර්19, 2008., http://www.medicalnewstoday.com/articles/130044.php, ප්‍රතිෂ්ඨාපනය 2012-01-14 
  8. 8.0 8.1 වොන් සොඑස්ට්, මාර්සල්. "එකවුන්ටිබිලිටි: මේන් මෙසේජ් ඔන් වර්ල්ඩ් ඒඩ්ස් ඩේ." එච්.අයි.වී/ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන. ඔක් 20, 2006.
  9. ඉයර්බුක් ඔෆ් දි යුනයිටඩ් නේෂන්ස් 2005. 59 වෙළුම ජිනීවා, ස්විට්සර්ලන්තය: එක්සත් ජාතීන්ගේ ප්‍රකාශන, 2007. ISBN 9211009677
  10. ෆර්ස්ට් වර්ල්ඩ් ඒඩ්ස් ඩේ ඉන් 1988
  11. මෙසේජ් ෆො ද වර්ල්ඩ් ඒඩ්ස් ඩේ, http://www.healthpastoral.org/text.php?cid=267&sec=4&docid=21&lang=en, ප්‍රතිෂ්ඨාපනය 2012-01-15 
  12. පෝප්: "අයි ෆීල් නියර් ටු පීප්ල් විත් ඒඩ්ස් ඇන්ඩ් දෙයා ෆැමිලීස්"
  13. මෙසේජ් ඔෆ් කැරිටාස් ඉන්ටර්නැෂනලිස් ඔන් ඔකේෂන් ඔෆ් වර්ල්ඩ් ඒඩ්ස් ඩේ 2006
  14. පෝප් ස්කර්ට්ස් කොන්ඩම්ස් ඉෂූ ඉන් වර්ල්ඩ් ඒඩ්ස් ඩේ ස්ටේට්මන්ට්, http://blogs.reuters.com/faithworld/2007/11/30/pope-skirts-condoms-issue-in-world-aids-day-statement/, ප්‍රතිෂ්ඨාපනය 2012-01-15 
  15. මෙසේජ් ෆ්‍රොම් ද පෝප් ඔන් වර්ල්ඩ් ඒඩ්ස් ඩේ
  16. ලෝක සෞඛ්‍ය සංවිධානය, World Aids Day 2012: ක්ලෝසිං ඉන් ඔන් ග්ලෝබල් එච්අයිවී ටාගට්ස්. සම්ප්‍රවේශය 8 අප්‍රේල් 2014.
  17. 17.0 17.1 17.2 17.3 17.4 ලෝක ඒඩ්ස් දිනය සංරක්ෂණය කළ පිටපත 2016-12-01 at the Wayback Machine, මිනසෝටා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, 2008
  18. "Dr. Peter Piot, "2008 World AIDS Day statements," Joint United Nations Programme on HIV/AIDS (UNAIDS), 30 නොවැම්බර් 2008". UNAIDS. 2008-11-30. සම්ප්‍රවේශය 2013-12-05.
  19. 19.0 19.1 ලෝක ඒඩ්ස් දිනය avert.org
  20. ලෝක ඒඩ්ස් දිනය 2011 ලෝක ඒඩ්ස් ව්‍යාපාරය
"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_ඒඩ්ස්_දිනය&oldid=593247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි