ලයිෆ්බෝයි යනු යුනිලීවර් සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන සබන් වර්ගයක වෙළෙඳ නාමයකි. ලයිෆ්බෝයි හඳුන්වා දෙනු ලැබුවේ එංගලන්තයේ ලීවර් සහෝදරයින් විසින් 1895 දී ය. 1923 සිට 50 දශකයේ මැද භාගය දක්වා ලයිෆ්බෝයි එක්සත් ජනපදයේ ජනප්‍රියතම සබන් වර්ග වලින් එකක් විය. එහි රතු හා කහ පැහැති ඇසුරුම සහ රතු පැහැති අෂ්ටාශ්‍රාකාර හැඩය සැවොම දැන හඳුනන්නක් විය. වර්තමානයේ දී UK සහ US වල ලයිෆ්බෝයි නිෂ්පාදනය නොවන නමුත් සයිප්‍රසයේ යුනිලිවර් සමාගම මගින් UK, EU, US හා බ්‍රසීල වෙළඳපොළ සඳහා ඇති විශාල වශයෙන් ලයිෆ්බෝයි නිපදවනු ලබයි. වර්තමානයේ දී විවිධ ලයිෆ්බෝයි නිෂ්පාදන වර්ග වෙළෙඳපොලේ පවතී.

1902 ad for Lifebuoy Soap
"https://si.wikipedia.org/w/index.php?title=ලයිෆ්බෝයි&oldid=365844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි