ලක්‍රොස් යනු කුඩා රබර් බෝලයක් (62.8–64.77 mm (2.472–2.550 in), 140–147 g (4.9–5.2 oz)) සහ ක්‍රොස් (crosse) හෝ ලක්‍රොස් දණ්ඩ ලෙස හැඳින්වෙන දිග මිටක් සහිත දඬු භාවිතයෙන් කණ්ඩායම් දෙකක් අතර පවත්වනු ලබන කණ්ඩායම් ක්‍රීඩාවකි. කැපුම් සහ ප්‍රබල හානි දණ්ඩට සහ සිරුරට සිදුවන බැවින් එය දුෂ්කර ක්‍රීඩාවක්[1] වශයෙන් සළකනු ලැබේ. ලක්‍රොස් පන්දුව අල්ලා ගැනීමට සහ රඳවා ගැනීමට හැකිවන පරිදි ලක්‍රොස් දණ්ඩේ හිස කොටස ලිහිල් දැලකින් සකස් කර ඇත. පන්දුව අල්ලා ගැනීමට, රඳවා ගැනීමට සහ හුවමාරු කර ගැනීමට ලක්‍රොස් දණ්ඩ භාවිත කරමින් ගෝල රකින්නා මගහරිමින්, ප්‍රතිවාදී පිලේ ගෝලය (ඉලක්කය) වෙත පන්දුව විදීම ක්‍රීඩාවේ අභිප්‍රාය වෙයි. එමෙන්ම, ප්‍රතිවාදී පිල ගෝල රැස් කිරීමෙන් වැලැක්වීම සඳහා, පන්දුව ලබා ගැනීමට දණ්ඩ භාවිත කිරීම, ශාරීරික සම්බන්ධතාවය හෝ ස්ථානගත වීම මගින් උත්සාහ කරනු ලබයි. ක්‍රීඩාවෙහි ප්‍රධාන ආකාර හතරක් ඇත.

ලක්‍රොස්
උසස්ම පාලන මණ්ඩලයජාත්‍යන්තර ලක්‍රොස් සම්මේලනය (FIL)
පළමුව ක්‍රීඩා කලේ12 වන ශතවර්ෂයේ මුල් භාගයේ
නීතිරීති සැකසීම 1869
ගුණාංග
කණ්ඩායම් සාමාජිකයෝඑක් පිලකට 10 (ගෝල රකින්නා ඇතුලත්ව)
මිශ්‍ර ලිංගඔව්, වෙන් වෙන් තරඟ
උපකරණලක්‍රොස් දණ්ඩ, හෙල්මට්, උර ආවරණ, වැලමිට ආවරණ, ඇත්ලටික් කප්, ලක්‍රොස් අත්වැසුම්, සැහැල්ලු ලක්‍රොස් පන්දුව
ස්ථානයගෘහස්ත හෝ එළිමහන් ලක්‍රොස් පිටි
පැවතීම
ඔලිම්පික්1904 සහ 1908 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩාවක් විය
1928, 1932 සහ 1948 ගිම්හාන ඔලිම්පික් වල ප්‍රදර්ශන තරඟ ලෙස පවත්වනු ලැබීය.

මුලාශ්‍ර සංස්කරණය

  1. Donald M. Fisher (2002). Lacrosse: A History of the Game. JHU Press. p. 125. ISBN 978-0-8018-6938-9.
"https://si.wikipedia.org/w/index.php?title=ලක්‍රොස්&oldid=410693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි