රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව

රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව /rdz/ (පුරාතන ග්‍රීක: ὁ Κολοσσὸς Ῥόδιος, romanized: ho Kolossòs Rhódios)[1] යනු ක්‍රි.පූ. 280දී ලින්ඩොස්හි චාරේස් විසින් රෝඩ්ස් නම් ග්‍රීක දිවයිනේ රෝඩ්ස් නගරයේ ඉදිකරන ලද ග්‍රීක ටයිටන් සූර්ය දෙවි හීලියෝස්ගේ ප්‍රතිමාවකි. පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වන මෙය ක්‍රි.පූ. 305දී සයිප්‍රසයේ පාලකයා වූ ඇන්ටිගෝනස් I මොනොෆ්තැල්මස් විසින් දියත් කළ ආක්‍රමණය පරදා රෝඩ්ස් ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉදිවූවකි. බොහෝ සමකාලීන විස්තර අනුව, මෙම ප්‍රතිමාවේ පතුලේ සිට කිරුළ දක්වා වූ උස ආසන්න වශයෙන් රියන් 70ක් හෙවත් 33 මීටර (108 අඩි) විය. මෙය නූතන ලිබර්ටි ප්‍රතිමාවේ උසට ආසන්නව සමාන ය. ඒ අනුව මෙය පුරාතන ලෝකයේ උසින් වැඩිම ප්‍රතිමාව විය.[2] ක්‍රි.පූ. 226 භූමිකම්පාවකින් මෙය විනාශ වූ අතර, එය නැවත ඉදි කිරීමක් ද සිදුවූයේ නැත.

රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව, 1880 සිත්තරකුගේ සංකල්පනාවක්

2015 වන විට රෝඩ්ස් වරායෙහි නව කොලෝසසයක් තැනීමට තාවකාලික යෝජනා ඉදිරිපත් විය. නමුත්, මුල් ප්‍රතිමාව නිශ්චිතව පිහිටා ස්ථානය සම්බන්ධයෙන් විවිධ මතභේද පවතියි.[3][4]

රෝඩ්ස් වටලෑම සංස්කරණය

ක්‍රි.පූ. 4වන සියවසේ දී ඊජිප්තුවේ Iවන ටොලමි සමග එක්ව රෝඩ්සය සිය පොදු සතුරා වූ ඇන්ටිගෝනස් I මොනොෆ්තැල්මස්ගේ දැවැන්ත ආක්‍රමණයක් වළක්වා ලීමට සමත් විය.

ක්‍රි.පූ. 304දී ටොලමි විසින් එවන ලද ආධාර නෞකා පැමිණි අතර, ඇන්ටිගෝනස්ගේ හමුදාව සිය ආක්‍රමණය අත්හැර පලාගියේ සිය ආයුධවලින් බොහෝමයක් රෝඩ්සයේ හැරදමා ය. මෙම විජයග්‍රහණය සැමරීමට, රෝඩියානුවෝ අත්හැර දමාගිය ආයුධ ටැලන්ට් 300කට[5] අලෙවි කොට ලද මුදල්වලින් සිය අනුග්‍රාහක දෙවියා වූ හීලියෝස්ගේ දැවැන්ත ප්‍රතිමාවක් තැනවීමට තීරණය කළහ. මෙය ඉදිකිරීම භාර වූයේ රෝඩ්ස්හි ලින්ඩොස් පෙදෙසේ ස්වදේශිකයකු වූ චාරේස් හට ය. මින් පෙර ඔහු විශාල ප්‍රමාණයේ ප්‍රතිමා නිර්මාණයෙහි යෙදී සිටියෙකි. ඔහුගේ ගුරුවරයා වූ ප්‍රතිමා ශිල්පී ලිසිපොස් විසින් 22-මීටර-උසැති (72 ft)[6] ලෝකඩ සියුස් ප්‍රතිමාවක් ටැරන්ටම්හි ඉදිකොට තිබේ.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Kolossos යනු "දැවැන්ත ප්‍රතිමාව" යන්නයි. ආර්. එස්. පී. බීක්ස් විසින් පූර්ව-ග්‍රීක ප්‍රාක්-ස්වරූපයක් වන *koloky- යන්න යෝජනා කොට ඇත (Etymological Dictionary of Greek, Brill, 2009, p. 740).
  2. Reynold Higgins, "The Colossus of Rhodes", The Seven Wonders of the Ancient World, edited by Peter A. Clayton and Martin Jessop Price. Psychology Press, 1988, p. 130. ISBN 9780415050364
  3. Williams, Kate (26 December 2015). "Rhodes reconstruction project will be a colossal gamble for Greece – but it might well pay off". Guardian. සම්ප්‍රවේශය 25 July 2016.
  4. Bennett, Jay (7 January 2016). "There's a Plan To Rebuild the Colossus of Rhodes". Popular Mechanics. සම්ප්‍රවේශය 25 July 2016.
  5. Pliny the Elder, Natural History xxxiv.18.
  6. Forty cubits high, according to Pliny the Elder (Natural History xxxiv.18).