රොහාන් ගුණරත්න (උපත 1961) යනු ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකි. ඔහු, සිංගප්පූරුවේ නැංයැං තාක්ෂණික විශ්වවිද්‍යාලයයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPVTR) අංශ ප්‍රධාන වෙයි.[1] එහි විශාලත්වය අනුව, ICPVTR යනු ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහි පර්යේෂණ පවත්වන හා පුහුණු සපයන මධ්‍යස්ථාන අතුරින් විශාල එකක් වෙයි.

ගුණරත්න මහතාට විරුද්ධව ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සංස්කරණය

2011 පෙබරවාරි මසදී ලක්බිම නිවුස් වෙත පළවූ ලිපියක් තුලින් ගුණරත්න මහතා කියා සිටියේ කැනේඩියානු දෙමළ කොංග්‍රසය (කැදෙකො) යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙහි පෙරටු සංවිධානයක් බවයි.[2] කැදෙකො විසින් 2014 ජනවාරි 21 දිනදී ගුණරත්න මහතා වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරූ අතර ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් ගුණරත්න මහතාට එරෙහිව තීන්දුව ප්‍රකාශ කරමින්, කැදෙකො වෙත වන්දි වශයෙන් $37,000 සහ නඩු ගාස්තු ලෙසින් $16,000 ගෙවන ලෙස නියම කළේය.[3][4] මෙම නඩු තීන්දුවෙහිදී, විනිසුරු ස්ටීවන් ඊ. ෆයර්ස්ටෝන් ප්‍රකාශ කර සිටියේ ගුණරත්න මහතා විසින් යෝජනා කර සිටි කරුණු සැක රහිතව සහ and අප්‍රතිවාදිනීය ලෙසින් "සාවද්‍ය සහ අසත්‍ය" බවයි.[5][6]

ආශ්‍රිත සංස්කරණය

  1. http://www.pvtr.org/
  2. "සීටීසී එවවෝර්ඩඩ් $53,000 ඉන් සක්සස්ෆුල් ඩෙෆටම්ෂන් ලෝසූට් අගේන්ස්ට් රොහාන් ගුණරත්න". කලම්බු ටෙලිග්‍රාෆ්. 19 පෙබරවාරි2014. https://www.colombotelegraph.com/index.php/ctc-awarded-53000-in-successful-defamation-lawsuit-against-rohan-gunaratna/comment-page-2/. 
  3. වෙස්ට්හෙඩ්, රික් (20 පෙබරවාරි 2014). "කැනේඩියන් ටැමිල් කොංග්‍රස් වින්ස් $53,000 ලයිබ්ල් ජජ්මන්ට්". ටොරොන්ටෝ ස්ටාර්. http://www.thestar.com/news/world/2014/02/20/canadian_tamil_congress_wins_53000_libel_judgment.html. 
  4. "වීඩියෝ: කැනේඩියන් කෝට් ඕර්ඩර්ස් ප්‍රොෆ් ගුණරත්න ටු පේ ඩැමේජස්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). ඉන්ඩෝ-ඒෂියන් නිවුස් සර්විස්. 19 පෙබරවාරි 2014. http://www.dailymirror.lk/news/43362-canadian-court-orders-profgunaratna-to-pay-damages.html. 
  5. විජයන්, කේ. සී. (27 පෙබරවාරි 2014). "සින්ගපෝර් ටෙරර් එක්ස්පර්ට් මස්ට් පේ $60,000 ෆො ඩෙෆමේෂන්". ද ස්ට්‍රේට් ටයිම්ස්. http://www.straitstimes.com/breaking-news/singapore/story/singapore-terror-expert-must-pay-60000-defamation-20140227. 
  6. "සීටීසී වින්ස් ඩෙෆමේෂන් කේස් එගේන්ස්ට් ශ්‍රී ලංකන් win defamation case against Sri Lankan 'ටෙරරිසම් එක්ස්පර්ට්'". ටැමිල් ගාඩියන්. 19 පෙබරවාරි 2014. http://www.tamilguardian.com/article.asp?articleid=10006. 
"https://si.wikipedia.org/w/index.php?title=රොහාන්_ගුණරත්න&oldid=290871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි