රෙදිපිළි යනු බොහෝ විට නූල් ලෙස හදුන්වන ස්වභාවික හෝ කෘතීම තන්තු ජාලයකින් සමන්විත සුනම්‍ය පදාර්ථයකි. නූල් නිෂ්පාදනය කරනු ලබන්නේ භ්‍රමණ රෝදයක් මත අමු වූල් තන්තු, ලිනන්, කපු හෝ අනෙකුත් ද්‍රව්‍ය භ්‍රමණය කිරීම මගිනි. මෙහිදි ලැබෙන දිග තන්තු නූල් ලෙස හදුන්වනු ලැබේ. රෙදි පිලි නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම තන්තු එකට වීවිමෙන් ගෙනීමෙන් ගෙතීමෙන් හෝ තද කිරීමෙනි.

පකිස්තාන් කරච්චිහි කුඩා මාර්ගයක ඇති ඉරිදා රෙදි පිලි වෙළද පොළක්

ඉතිහාසය සංස්කරණය

 
ඊජිප්තියානු පසු පෞරාණික රෙදි පිළි දැනට දම්බර්ටන් ඕක්ස් එකතුවෙහි ඇත.

රෙදි පිලි නිෂ්පාදනය වැදගත් කර්මාන්තයකි. එහි වේගය හා නිෂ්පාදන ප්‍රමාණය, කර්මාන්ත කරණය හා නවීන නිෂ්පාදන තාක්ෂණික ක්‍රම වල හදුන්වාදීම මගින් ලැබිය යුතු තත්ත්වයටත් වඩා ඉහළින් ඔසවා තබා ඇත. එසේ නමුත් ප්‍රධාන රෙදි පිලි වර්ග සදහා (සාමාන්‍ය ගෙතිම්, හරහට වන සේ ගෙතීම හා සැටීන් ගෙතීම්) පවුරාණික හා නූතන ක්‍රම අතර ඇත්තේ කුඩා වෙනසක් පමණි.

ඉන්කා ඉන්දියන්වරු වසර දහස් ගණනක් සදහා ස්පන් වැනි ප්‍රෝටීන් වලින් හෝ බැටළුවන්, ලාමා සතුන් හා ඔටුවන් වැනි ඔටුකුලයේ සතුන්ගෙන් ගත් වූල් හෝ ලොන් මගින් හෝ කපු වැනි සෙලියුලෝස් මගින් ගන්නා ලද තන්තු වලින් සාදන ලද කියුපස් (quipus) නිර්මාණය කළ කියුපස් යනු නූල් කැබැල්ලක් දිගේ ඇති ගැට ශ්‍රේණියකි.

ඔවුන් විශ්වාස කරන්නේ ඒවා ගණනය කිරීමේ ආකාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වු බව නමුත් හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යය වරයෙකු වු ගැරී අර්ට්න් මගින් පෙන්වා දුන් නව සාධක වලට අනුව මේවා ඊට වඩා වෙනස් කර්තව්‍යයන් සදහා භාවිතා කර ඇති බවට ඇඟ වෙයි. කියුපස් වල සංරක්ෂිත සාම්පල කෞතුකාගාර වල ඇති අතර එම එකතු සාමාන්‍ය රෙදි පිළි සංරක්ෂණ මූලද්‍රව්‍ය හා පුහුණු ක්‍රම අනුගමනය කර ඇත.

භාවිතයන් සංස්කරණය

රෙදිපිළි සම්මිශ්‍රිතව භාවිතා වේ. ඒවා අතරින් වඩාත් පොදු වන්නේ ඇඟලුම් හා බෑග් හා බාස්කට් වැනි නිමි භාණ්ඩයි. ගෘහාශ්‍රිතව ඒවා පලස් ඇතිරීමට ගෘහ භාණ්ඩ සදහා තිර රෙදි සදහා තුවා සදහා මේස ආවරණ සදහා ඇදන් වල‍ට හා වෙනත් පැතලි මතුපිට සදහා මෙන්ම කලා කටයුතු සදහා භාවිතා වේ. වැඩ බිමේදි ඒවා පෙරීම කොඩි කූඩාරම් දැල් ලේන්සු වැනි පිරිසිදු කිරීමේ උපකරණ බැලුන් සරුන්ගල් හා පැරිෂුට් වැනි පරිවාහක උපකරණ සවිගැන්වුම් සංඝටක මූලද්‍රව්‍ය වශයෙන් ෆයිබර් ග්ලාස් හා කර්මාන්තමය භූ රෙදි පිළි හා කුඩා ඇදුම් ලෙස භාවිතා වන අතර හුදු සබන්ගෑමකින් තොරව සබන් ගා සේදීමේ ක්‍රමයකට භාවිතා වේ.

කර්මාන්තමය කටයුතු සදහා රෙදි පිළි යොදා ගන්නා අතර පෙනුමට වඩා ගති ලක්ෂණ වෙනුවෙන් තෝරා ගැනේ. එවැනි රෙදි පිළි තාක්ෂණික රෙදි පිළි ලෙස ව්‍යවහාර වේ. තාක්ෂණික රෙදි පිළි අතරට ස්වයං පරිවාහක උපකරණ වෛද්‍යමය රෙදි පිළි (රෝපණ මාධ්‍ය) භූ රෙදි පිළි (අමුණු සවිගැන්වුම් කාරක) , කෘෂිකාර්මික රෙදි පිළි (බෝග ආරක්ෂා කිරීමේ රෙදි පිළි, ආරක්ෂක රෙදි පිළි (තාපය හා විකිරණ වලට ප්‍රතිරෝධි රෙදි පිළි ගිනි නිවන බටයන් භාවිතා කරන අතර පෑස්සුම් කරුවන් ද්‍රව ලෝහ වලට එරෙහි රෙදි පිළි භාවිතා කරයි. පිහි ඇනීම් වලින් ආරක්ෂා කරන හා වෙඩි නොවදින ඇදුම් උදාහරණ ලෙස ගත හැක. මේ සියළු යෙදවුම් වලදී සවිගැන්වුම් ඉල්ලුම සැපයිය යුතුය. සින්ක්ඔක්සයිඩ් නැනෝ නූල් වලින් ආවරණය වු වියූ කැටි නූල්, විද්‍යාගාර සියුම් නූල් ස්වයං බලගැන්වුම් නැනෝ පද්ධති හැකියාව සුළඟ හෝ දේහ චලන වැනි එදිනෙදා කටයුතු වලින් බලය ලබාගනී.

නිපැයුම් ක්‍රම සංස්කරණය

 
විශිෂ්ට ලෙස වර්ණ ගන්වන ලද ගෝත මාලාවේ වියු රෙදි පිළි හා රෙදි වියන යන්ත්‍රයකින් වියන කාන්තාවක්.

විවීම යනු රෙදි පිළි නිපදවීමේ ක්‍රමයක් වන අතර දිගු නූල් එකට බැදවීම අඩංගු වන අතර එහිදි හරස් නූල් කාණ්ඩයක්ද භාවිතා වේ. මෙය වියන යන්ත්‍රය නම් වු රාමුවක හෝ යන්ත්‍රයක් මත සිදුවන අතර ඒවායේ වර්න ගනනාවක් ඇත. බහුතරයක් යන්ත්‍රණු සාරයෙන් සිදු වුවද ඇතැම් විවීම් අදටත් අතින් සිදු කෙරේ.

ගෙතීම හා අණ්ඩ දැමීම ‍කැටි නූල් සමුහයන් කැටි කිරීමට අයත් වෙයි. මේවා ගෙතුම් ඉදිකටුවකින් හෝ ගෙතුම් කොක්කක් මගින් රේඛාවක් දිගේ සිදු කෙරේ. ක්‍රියාපටිපාටීන් දෙක වෙනස් වන්නේ පෙරකී ක්‍රමයේදී එකම වෙලාවකදී සක්‍රීය කාණ්ඩයන් කිහිපයක් පවතින බැවිනි. එම ඉදි කටුව අනෙක් කාණ්ඩය සමග අගුල් වැටී පවති. එසේ නමුත් ගෙතීමේ වරකට එක් කාණ්ඩයකට වඩා භාවිතා නොවේ.

හැඩ පලු වැටීම හෝ ගෙතීම නූල් එකට කැටි කොට රෙද්දක් බවට පත් කිරීමේදි සිදු වේ. නූල් රටාවක් නිර්මාණයේදී භාවිතා වන ශිල්ප ක්‍රමයේදී නූල් එකට ගැට ගැසීම සිදුවේ.

රේන්ද ගෙතීමේදී නූල් ස්වාධීනව ඉහත කී ඕනෑම ක්‍රමයක ආධාරයෙන් එකට ඇමිණීම සිදු වේ. එහිදි මනාව නිම වු රෙද්දක් ලැබෙන අතර වැඩ කිරීමේදී තිබු සිදුරු පියවෙයි. රෙන්ද අතින් හෝ යන්ත්‍රාණුසාරයෙන් නිර්මාණය කල හැක.

පලස්, කම්බිලි, වෙල්වට්, විල්ලුද හා කපු විල්ලුද වියු රෙද්දක් මත ද්වීතිකව රේන්ද ගෙතීම් මගින් සිදු කෙරේ. එහිදි සියුම් ලොම් නම්වු සිනිදු ස්ථරයක් නිර්මාණය වෙයි.

තහඩු ලොම් ශිල්ප ක්‍රමයේදී කෙදි පැදුරක් එකට සම්පීඩනය කිරීමෙන් පසු ඒවා එකට හා වන තුරු විවීම සිදු කෙරේ. සබන් වතුර වැනි ද්‍රවයක් එක් කොට කෙදි ස්නේහනය සිදු වන අතර එහිදී ලොම් රෙද්දේ එන්වීක්ෂීය පරිමාණය විවෘත වීම් ඇති වේ.


විලාසිතාවල ප්‍රතිකාරකයා සංස්කරණය

 
ස්කොට්ලන්තයේ ක්ලැන් කැම්බෙල් හි වියන ලද ටෙට්රන් රෙද්දක්.

රෙදි පිළි බොහෝ විට සායම් ගැන්වේ. එබැවින් සියළුම වර්ණ වල පාහේ අමු රෙදි දක්නට ලැබෙයි. වර්ණ ගැන්වු රෙදි පිළි විවිධ වර්ණ වල කෙදි එකට විවීම මගින් සිදු කළ හැක. එසේත් නොමැති නම් නිමවු අමුරෙද්දට වර්ණ ගැන්වූ මැසීම් එක් කළ හැකිය. ඊට අමතරව වර්ණ ගැන්වීම් ප්රතිරෝධි ක්රම භාවිතා කරමින් රටා ගැන්වීම, රෙද්දේ ප්රදේශ එකට ගැට ගැසීම වර්ණ ගැන්වීම, රෙද්දේ ඉටි රටා ඇති කොට ඒවා අතර වර්ණ ගැන්වීම හෝ නිමවු අවු රෙද්දේ විවිධාකාර මුද්රණශීල්ප ක්රම ඇති කිරීම සිදු කෙරේ. ලී රාමු මුද්රණ ක්රමය ඉන්දියාවේ හා වෙනත් ප්රදේශ වල අදටත් භාවිතා වේ. එහි පැරණිම ක්රමය ක්රි.ව. 220 දී චීනය දක්වා දිවයයි.

ඇතැම් විට රෙදි පිළි විරංජනය කෙරෙයි. මෙම ක්රමයේදී රෙද්දේ මූලික වර්ණය රසායන ද්රව්ය මගින් හෝ හිරු එළියෙන් නිරාවරණය කිරීමෙන් රෙද්ද එකවර්ණයකට හෝ සුදු වර්ණයට හැරවෙයි.

රෙදි පිළි ඇතැම් විට ඒවායේ ගති ලක්ෂණ වෙනස් කිරීමට රසායනික ක්රම භාවිතා කෙරෙයි. 19 වන ශත වර්ෂයේ සිට 20 වන ශත වර්සයේ මුල් භාගය දක්වා කැද දැමීම රෙද්දේ රැලි ඇතිවීමට හා පොඩිවීමට ප්රතිරෝධි ලෙස භාවිතා විය. 1990 සිට තාක්ෂණයේ දියුණුවත් සමග ස්තීර සම්පීඩක ක්රියාදාමය වැනි ක්රම භාවිතා කෙරුණු අතර නිමවුම් කාරක මගින් අමුරෙදි සවිගැන්වු අතර ඒවා රැලිවැටීම වැළැක්විය. වඩාත් නූතන කාලයේදී නැනෝ අමුද්රව්ය පරීක්ෂණ තවදුරටත් වාසි දායක තත්ත්වයන්ට පත්විය. නැනෝ ටෙක්ස් හා නැනෝ හොරිසන් වැනි ආයතන ලෝහමය නැනෝ අංශුමත පාදක වු ස්ථිර ප්රතිකාරකයන් යොදා ගෙන ජලය ආතතීන් රැලිවැටීම් හා බැක්ටිරියා හා දීලීර රෝග කාරක වලට ප්රතිරෝධි රෙදිපිළි නිමවීය.



References සංස්කරණය

අන්තර්ජාල අලෙවිකරණය

"https://si.wikipedia.org/w/index.php?title=රෙදිපිළි&oldid=489371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි