රායි ආර්යාව (ක්‍රි.පූ. 1570/1560 පමණ – 1530) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 18වන රාජවංශයේ විසූ පුරාතන ඊජිප්තු කාන්තායකි. ඇය අහ්මෝස්-නෙෆටාරි (ක්‍රි.පූ. 1562-1495) රැජිනගේ හෙදිය ලෙස සේවය කොට තිබේ. ඇගේ මමීකෘත දේහය සොයාගන්නා ලද්දේ 1881දී තීබානු සොහොන්ගැබකිනි. මියයන විට ඇය තිස්වන වයස් සීමාවේ පසුවන්නට ඇතැයි විශ්වාස කෙරේත[1]

රායි ආර්යාවගේ මමියේ පැති පෙනුම; වර්තමානයේ කයිරෝ කෞතුකාගාරයේ තබා ඇත.

2009දී වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ CAT පරිලෝකනයකින් පෙනීගියේ රායි ආර්යාව මහා ධමනි වක්‍රයේ රෝගී තත්ත්වයකින් පෙළී ඇති බවයි. ඒ අනුව, ඇතරොස්ක්ලෙරෝසිස් රෝගය පිළිබඳ සාධක සහිත පැරණිතම හඳුනාගත් මමිය ලෙස මෙය සැලකේ.[2]

අහ්මෝස්-නෙෆටාරිගේ නැන්දණිය වූ 17වන රාජවංශයේ විසූ කුමරියක මෙන්ම රැජිනක ද වන අහ්මෝස් ඉන්හාපිගේ මමිය හමුවූයේ රායි ආර්යාවගේ බාහිර මිනීපෙට්ටිය තුළ තිබී ය.

මූලාශ්‍ර සංස්කරණය

  1. "XVIII'ත් ඩයිනාස්ටි ගැලරි I". ද තීබන් රෝයල් මමී ප්‍රොජෙක්ට්. anubis4_2000.tripod.com. සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2013.
  2. ඇලම්, ඇඩෙල් එච්. (නොවැම්බර් 18, 2009). "කම්පියුටඩ් ටොමෝග්‍රැෆික් ඇසස්මන්ට් ඔෆ් ඇතරොස්ක්ලෙරෝසිස් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ටියන් මමීස්". JAMA: ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ ජර්නලය. 302 (19): 2091–2094. {{cite journal}}: Invalid |display-authors=ඇතුළු පිරිස (help)
"https://si.wikipedia.org/w/index.php?title=රායි_ආර්යාව&oldid=389456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි