සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු, (දෙමළ: ரஞ்சன் ராமநாயக்க, ඉංග්‍රීසි: Ranjan Ramanayake; උපත 11 මාර්තු 1963) සාමාන්‍ය වශයෙන් රන්ජන් රාමනායක ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ දේශපාලනඥයෙක්.[1][2] රාමනායක 1 සැප්තැම්බර් 2015 සිට 7 අප්‍රේල් 2021 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්.[3] ඔහු 22 අප්‍රේල් 2010 සිට 26 ජූනි 2015 දක්වා රත්නපුර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කළේය.

රන්ජන් රාමනායක
ரஞ்சன் ராமநாயக்க
Ranjan Ramanayake
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 7 අප්‍රේල් 2021
අනුප්‍රාප්තිකයාඅජිත් මාන්නප්පෙරුම
බහුතරය103,992 මනාප ඡන්ද
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015
බහුතරය59,318 මනාප ඡන්ද
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
21 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Ministerකබීර් හෂීම්
සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Ministerඑස්.බී.දිසානයක
සමාජ සේවා සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
21 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Ministerපී. හැරිසන්
සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක
තනතුර දරමින්
23 අගෝස්තු 2008 – 22 අප්‍රේල් 2010
පුද්ගලික තොරතුරු
උපත
සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු

11 මාර්තු 1963 (1963-03-11) (වයස 61)
මීගමුව, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය (2020-වර්තමානය)
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජාතික පක්ෂය (2020ට පෙර)
Relationsවිජය කුමාරතුංග
ජීවන් කුමාරතුංග
චන්ද්‍රිකා කුමාරතුංග
කාලෝ ෆොන්සේකා
වාසස්ථාන(ය)නො D 4, MPP Housing Scheme, මැදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
උගත් ශාස්ත්‍රාලයමාරිස්ටෙලා විද්‍යාලය
රැකියාවමාරිස්ටෙලා විද්‍යාලය
වෘත්තියරංගන ශිල්පී

මුල් අවධිය

1963 මාර්තු 11 වැනිදා මීගමුවේදී උපත ලැබූ රන්ජන් මහතා සිය අධ්‍යාපන කටයුතු මාරිස්ටෙලා විද්‍යාලයෙන් හදාරණ ලදී. ඔහුට ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකික සිනමාවට මං විවරකරදුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන්, රන්ජන් මහතා සිය නාමයට 'රාමනායක' නමින් කොටසක් එක්කර ගත් බව පැවසෙයි. [4]

විශේෂයන්

රන්ජන් රාමනායක තරුණ කල ජීවත් වූ තම විජය මාමාගේ ගමෙහි දිල්හානි අශෝකමාලා ද පදිංචිව සිටි අතර රන්ජන් - දිල්හානී ප්‍රේම සම්බන්ධයට සහගෝගය දැක්වූයේ විජය කුමාරතුංගයන් බවද පැවසෙයි. ඔවුන්ගේ ප්‍රේමය දෙකඩ වීමක් නිසා රන්ජන් ඇය වෙනුවෙන් ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා… ඇගේ නමෙහි කොටසක් යොදා ගීතය සෑදීය. එම ප්‍රේම දෙපළු වීමෙන් පසු ඔහු තනිකඩ දිවියක් ගත කරයි. ඔහුට මෙතෙක් දරුවන් නොමැත. [5]

සිනමා දිවිය

සිය සිනමා දිවිය, වාණිජ චිත්‍රපටියක් වූ ජය කොතැනද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ආරම්භ කල රන්ජන් මහතා, 1990 දශකය පුරාවට සිය ප්‍රතිරූපය වාණිජ චිත්‍රපටි නළුවෙක් ලෙස පවත්වා ගන්නා ලදී. එසේ වූවත් සමහර අවස්ථාවලදී චිත්‍රපටි සඳහා, ඔහු තරමක් ගැඹුරු චරිතද නිරූපණය කොට තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර චිත්‍රපටියේ ඔහු නිරූපණය කරන චරිතය එවැන්නකි. මෑත කාලීනව ඔහු වාණිජ සිනමා චරිත නිරූපණය කිරීමට අමතරව, පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන් හා ලීඩර් වැනි චිත්‍රපටි තුලින්, අධ්‍යක්ෂණය සහ තිර රචනයටද දායක වී තිබෙයි.

රංගනයට අමතරව, ජය කොතැනද, නරලොව හොල්මන්, ලවු ඉන් බැංකොක් සහ තවත් චිත්‍රපටි කීපයක් සඳහා ගීත ගායනයෙන්ද දායක වී තිබෙන රන්ජන් මහතා, චිත්‍රපටියක් වෙනුවෙන් ගායනා කල 'රන් සමනල ජෝඩුව වාගේ' ගීතය එකල ප්‍රේකෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.[6][7]

සිනමාගමනය

වසර සිනමාපටය චරිතය විෂේශ කරැණු
1988 කෝ හතුරෝ
1989 සිනාසෙන්න රත්තරනේ
1990 දෑසේ මල් පිපිලා
1990 වීර උදාර
1990 ජය කොතනැද
1990 චන්ඩි රජා
1990 ක්‍රිස්තු චරිතය
1991 හිම ගිර
1991 ලව් ඉන් බැන්කොක්
1991 රන් හදවත
1991 මා ඔබේ හිතවතා
1992 සල්ලි තිබුණට මදි
1992 සක්විති රජා
1992 චන්ඩි රැජිණ
1992 සිංහයගෙත් සිංහයා
1992 රජෙක් වගේ පුතෙක්
1993 මැවීලා පෙනේවි ඔබෙ රෑපේ
1993 කම් ඔර් චිකාගෝ වික්‍රමසිංහ මුදියන්සේලාගේ රංජන් කරුණානායක
1993 සඳරේඛා
1993 ළඟින් ගියොත් ඇහැක් නෑ
1993 ජූරියි මමයි
1993 සූර වීර චන්ඩියෝ
1994 නොහඬන් ලඳුනේ
1994 හලෝ මයි ඩාලිං
1995 අවරගිර ප්‍රියංකර සැතිගල
1996 වෛරයෙන් වෛරය
1996 මල් 7යි
1997 සූරයෝ වැඩකාරයෝ
1998 රෑ දනියෙල් දවල් මිගෙල් චණ්ඩි
1998 මොහොතින් මොහොත
1999 බහු බාර්‍යා කපිල
2000 රෑ දනියෙල් දවල් මිගෙල් 2 චණ්ඩි
2001 ජොන්සන් ඇන්ඩ් ගොන්සන්ඩ් ජොන්සන්
2001 රෝස වසන්තේ
2002 පාර්ලිමන්ට් ජෝක්ස්' ළවාරිස් ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ සරසවිය සම්මාන හොඳම සිනමාපටය
2003 පිස්සු ට්‍රිබල්
2003 වැලා ඉන් ලන්ඩන්
2003 යකඩ පිහාටු
2005 වන් ෂොට් වන්ෂොට් නොහොත් විජේ දෙවන සිනමා අධ්‍යක්ෂණය
2006 නිළම්බරේ නිර්වාන් හොඳම නළුවා සරසවිය සම්මාන
2009 ලීඩර් ලීඩර් තෙවන සිනමා අධ්‍යක්ෂණය
2010 පායා එන්න හිරු සේ
2011 කිව්වද නහී නොකිව්වද නහී කලණ
2012 ජීවිතේ ලස්සනයි විශ්ව
2012 ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සුද්ධෝදන රජු
2013 රජ හොරු මහේෂ්
2014 රංජා රංජා නොහොත් රන්ජන්
2014 පරපුර සුරනිමල
2014 රෑපාන්තරණ
2015 ප්‍රවේගය කාර්‍යාල කළමනාකරු ගරු රඟපෑම්
2016 සිංහයා
2016 මායා මායා
2018 ඩොක්ටර් නවරියන් නවරියන් සිව්වන සිනමා අධ්‍යක්ෂණය

දේශපාලන දිවිය

2008 වර්ෂයේදී, සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ වැදුනු රාමනායක මහතා,[8] එම ඡන්දයෙන් සභාවේ ප්‍රධාන විපක්ෂ අමාත්‍යවරයා බවට පත්විය. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය හරහා රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් රාමනායක මහතා, වත්මන් විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරයි.

මතභේදයට ලක්වීම්

අත්අඩංගුවට පත්වීම

මහනුවර පාසල් ගුරුවරියක විවාහ කරගන්නා බව පවසා ඇගෙන් රු. මිලියනයක පමණ මුදලක් වංචා කරන ලදැයි රාමනායක මහතාට චෝදනා එල්ල වූ අතර, එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනුකල පැමිණිල්ල මත, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.[9] මේ හේතුවෙන් දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි රාමනායක මහතා ඉන් ඇපමත නිදහස්ව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන ලදී. කෙසේ නමුදු එජාප පාම රාමනායක මහතාගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චොදනාව එල්ල කල ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කල පොලිස් පරීක්ෂණ මගින් අවසානයේ තහවුරු විය.[10]

වාද වැඩසටහනක නිවේදිකාවකට තර්ජනය කිරීම

2010 වර්ෂයේදී, ටීවී දෙරණ හී 360 දේශපාලන වාද වැඩසටහනකට එක්වූ රාමනායක මහතා එම වැඩසටහන මෙහෙයවනු ලැබූ ඩිල්කා සමන්මලී නිවේදිකාවට තර්ජනය කල බවට චෝදනා එල්ල වුණි.[11] ඊට අමතරව සමන්මලී විසින් එම වැඩසටහන තුලදී සිය ප්‍රතිරූපයට හානි කල බවට චෝදනා කරමින්, සමන්මලී මහත්මියගේ දෙමාපියන්ටද දුරකථන ඇමතුමක් මගින් තර්ජනය කල බවට රාමානායක මහතාට චෝදනා එල්ල විණි. සමන්මලී වෙත යම් කරදරයක් සිදුවිය හැකිබවට, රාමනායක මහතා විසින් එම දුරකථන ඇමතුම හරහා අනතුරු හඟවා තිබූ බවද පැවසෙයි. කෙසේ නමුදු මෙම චෝදනා ප්‍රතික්ෂේප කල රාමානායක මහතා පසුව ප්‍රකාශ කලේ, අදාල වැඩසටහන තුල ඔහුගේ දියණිය පක්ෂපාතීව ක්‍රියාකල බවට තමා විසින් ඕස්ට්‍රේලියාවේ සිටි සමන්මලීගේ පියාට දුරකථන ඇමතුමක් මගින් ආචාරශීලීව දැනුම් දීමක් පමණක් සිදුකල බවයි.[12]

සම්මාන

රන්ජන් රාමනායක මහතාගේ සම්මාන හා නිර්දේශ
 
රන්ජන් රාමනායක 2016දී සිව්වන වරටත් ස්ලිම් නෙල්සන් සම්මාන ද්විත්වයක් දිනා ගනු ලැබීය.
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
ස්ලිම් නෙල්සන්
14 14
සරසවිය
9 9
සිග්නීස් සැලියුට්
2 2
දෙරණ
2 2
එකතුව
ලබා ගැනීම් 27
නිර්දේයන් 27

රාමනායක මහතා සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 4 වතාවක් දිනාගෙන තිබේ.

2016 වසරේ 10 වන වතාවටත් පැවැත්වුනු ස්ලිම් නිල්සන් ජනතා සම්මාන (SLIM Nielsen People’s Awards) උලෙළේදී "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ පි‍්‍රයතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක විසින් ලබාගන්නා ලදි. ඔහු මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් සම්මානය ලැබූයේ පිට පිට 10 වන වතාවටය. නළුවකු එකපිටම 10 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා හිමිකම් කියයි.[13]

ස්ලිම් නෙල්සන්

වසර සම්මානය දින්නා / නැහැ
2007 ජනප්‍රියතම නළුවා දිනාගති
2008 ජනප්‍රියතම නළුවා දිනාගති
2009 ජනප්‍රියතම නළුවා දිනාගති
2010 ජනප්‍රියතම නළුවා දිනාගති
2011 ජනප්‍රියතම නළුවා දිනාගති
2012 ජනප්‍රියතම නළුවා දිනාගති
2013 ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ නළුවා දිනාගති
2014 ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම දිනාගති
2015 ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම දිනාගති
2016 ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම දිනාගති

සරසවිය

වසර සම්මානය දින්නා / නැහැ
1990 නැගී එන නළුවා දිනාගති
1990 ජනප්‍රියතම නවක නළුවා දිනාගති
2001 හොඳම ජනප්‍රිය නළුවා දිනාගති
2002 හොඳම ජනප්‍රිය නළුවා, ජනප්‍රියතම සිනමාපටය දිනාගති
2003 හොඳම ජනප්‍රිය නළුවා දිනාගති
2004 හොඳම ජනප්‍රිය නළුවා දිනාගති
2005 හොඳම ජනප්‍රිය නළුවා දිනාගති
2006 හොඳම නළුවා දිනාගති

සිග්නීස් සම්මාන

වසර සම්මානය සිනමාපටය
2007 නිර්මාණාත්මක කුසලතා නිලම්බරේ
2010 නිර්මාණාත්මක කුසලතා පායා එන්න හිරු සේ

දෙරණ සිනමා සම්මාන

වසර සම්මාන වාරය සම්මානය
2011 දෙරණ සිනමා සම්මාන 2011 ජනප්‍රියතම නළුවා
2015 දෙරණ සිනමා සම්මාන 2015 ජනප්‍රියතම නළුවා

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "ඔන්ලයින් එඩිෂන් ඔෆ් ඩේලි නිව්ස් - ෆීචර්ස්". Dailynews.lk. 2004-12-22. සම්ප්‍රවේශය 2012-08-30.</ref"ද පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා - ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්". Parliament.lk. 1963-03-11. සම්ප්‍රවේශය 2012-08-30.
  2. ":: ඩේලි මිරර් - ඔපීනියන් ::". Archives.dailymirror.lk. 2005-08-15. සම්ප්‍රවේශය 2012-08-30.
  3. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  4. ":: ඩේලි මිරර් - ඔපීනියන් ::". Archives.dailymirror.lk. 2005-05-16. සම්ප්‍රවේශය 2012-08-30.
  5. "රන්ජන් දිල්හානි ප්‍රේමය හා විජයගේ කපුකම". දිනමිණ.
  6. "රංජාගේ ඉන්දියා ශ්‍රී ලංකා දැවැන්ත පාළම". Sundaytimes.lk. 2016-04-29. සම්ප්‍රවේශය 2016-07-05.
  7. "රන්ජන් රජිනිකාන්ත් හමුවෙයි". Indiaglitz.com. 2016-04-29. සම්ප්‍රවේශය 2016-07-05.
  8. "ද සන්ඩේ ලීඩර් ඔන්ලයින්". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2012-08-30.
  9. "Sri Lanka Security News | Online edition of Daily News - Lakehouse Newspapers". Dailynews.lk. 2010-10-15. සම්ප්‍රවේශය 2012-08-30.
  10. "රන්ජන් රාමනායක විලේයින් නෝ මේර්; සේෆ් ටු කාස්ට් ඈස් හීරෝ වන්ස් අගෙයින්". Lakbimanews.lk. සම්ප්‍රවේශය 2012-08-30.
  11. "විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම්". Adaderana.lk. 2010-08-30. සම්ප්‍රවේශය 2012-08-30.
  12. "නිව්ස්". Nation.lk. සම්ප්‍රවේශය 2012-08-30.
  13. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/03/31/?fn=sa16033110, ප්‍රතිෂ්ඨාපනය 2016-08-18 


"https://si.wikipedia.org/w/index.php?title=රන්ජන්_රාමනායක&oldid=596692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි