රණතුංග කරුණානන්ද (21 මැයි 1936[1] – 1975) නැතහොත් "මැරතන් කරූ" (රණතුංග ජයසේකර කෝරාළලාගේ කරුණානන්ද) යනු ශ්‍රී ලාංකික හිටපු මළල ක්‍රීඩකයෙකු වේ. දිගු දුර ධාවකයෙකු වූ ඔහු 1960-1970 දශකයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩාවෙහි නිරත විය. 1964 වර්ෂයේ ටෝකියෝ හී පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී ඔහු විසින් ප්‍රදක්ෂිණා කෙරූ අධිෂ්ඨානශීලී ක්‍රියාව හේතුවෙන් මළල ක්‍රීඩා ලෝකයේ ඔහු ප්‍රසිද්ධත්වයට පත්විය.[2]

රණතුංග කරුණානන්ද
පුද්ගලික තොරතුරු
අපනාම(ය)මැරතන් කරූ
ජාතිකත්වයශ්‍රී ලාංකික
උපතමැයි 21, 1936(1936-05-21)
මරණය1975
ක්‍රීඩාව
රටශ්‍රී ලංකාව
ක්‍රීඩාවජවන සහ පිටිය
ඉසව්(ව)මීටර 5000, මීටර 10,000 දිගු-දුර ධාවනය
15 ඔක්තෝම්බර් 2015 දිනදී යාවත්කාල කෙරිණි.

1964 ඔලිම්පික් සංස්කරණය

කරුණානන්ද 1964 ඔලිම්පික් තරගාවලියේදී පිරිමි මීටර 5000 සහ මීටර 10,000 යන ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. මීටර 10,000 ඉසව්වේදී කරුණානන්ද එහි සිටි මුල් පෙළ ක්‍රීඩකයෝ අතින් ඉතා ඉක්මනින්ම පසුපසට තල්ලු වී ගිය අතර, එම ඉසව්ව ජයගත් එක්සත් ජනපදයේ බිලී මිල්ස් ඔහු සිව්වතාවක් පසුකර ගොස් තරගය නිමා කරන ලදී. කෙසේනමුදු අනෙකුත් ධාවකයෝ සියළුදෙනාද සිය ඉසව්ව නිමවා තිබියදී, කරුණානන්ද සිය ඉසව්ව සම්පූර්ණ කරනු වස් දිගටම ධාවනයේ යෙදුණි. පළමු අවස්ථාවේදී මෙය දුටු ප්‍රෙක්ෂකයෝ ඔහු වෙත සරදම් ප්‍රතිචාර දැක්වූවත්, කරුණාරත්නගේ ඊළඟ වටයේදී පමණ ප්‍රේක්ෂකාගාරයෙහි නිශ්ෂබ්දතාවයක් ඇතිවිය. තරගය නිමාවන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ මහත් අත්පොළසන් හා ජයඝෝෂා රැසක් සමගින් කරුණාරත්න සිය ඉසව්ව සම්පූර්ණ කරන ලදී.[3][4]

තරගයෙන් අනතුරුව ජපාන මාධ්‍ය විසින් කරුණානන්ද වීරයෙකු ලෙස හුවාදැක්වූ අතර ඔහුගේ මෙම කථාව ජපාන පෙළපොත් වලට ඇතුළත් කිරීමටද පියවර ගැණුනි.[2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "රණතුංග කරුණානන්ද". ස්පෝර්ට්ස්රිෆරන්ස්.කොම්. සම්ප්‍රවේශය 27 මැයි 2013.
  2. 2.0 2.1 "ඇත්ලෙටික්ස්: දි ඉන්සයිඩ් සිටෝරි ඔෆ් 'මැරතන් කරූ'ස්' ලෙජන්ඩ්". සන්ඩේ ටයිම්ස්. 2012-09-15. 17 සැප්තැම්බර් 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-05-27.
  3. "ආර්.ජේ.කේ. කරුණානන්ද: අ ෆොගොටන් හීරෝ". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 2013-05-27.
  4. "ශ්‍රී ලංකා'ස් අන්සන්ග් කරුණානන්ද, අ හීරෝ ඉන් ටෝකියෝ!". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 2013-05-27.
"https://si.wikipedia.org/w/index.php?title=රණතුංග_කරුණානන්ද&oldid=651981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි