යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ

ඉන්දියානු කතා මාලාවක්

යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ (සිංහල: මෙම සබඳතාවයට කියන්නේ කුමක් ද) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි-භාෂා රූපවාහිනී නාට්‍යයකි. 2009 ජනවාරි 12 දින ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙය උදයිපූර්හි පවුලක සිදුවන සිදුවීම් වටා ගෙතී ඇත. මෙය රාජන් ෂාහිගේ ඩිරෙක්ටර්ස් කට් ප්‍රොඩක්ෂන්ස් ආයතනයේ නිෂ්පාදනයකි. මෑතක දී මෙම කතාමාලාව බාලිකා වධු කතාමාලාව අභිබවා යමින් කථාංග සංඛ්‍යාව අනුව දීර්ඝතම කාලයක් විකාශය වන හින්දි මාලා නාට්‍යය බවට පත් විය.

යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ ආරම්භක දසුන
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
තැනුවේඩිරෙක්ටර්’ස් කට් ප්‍රොඩක්ෂන්ස්
මත පදනම්වප්‍රබන්ධ චරිත වටා
රචනය කලේසාබා මුම්ටාස්
භාව්නා ව්‍යාස්
ඝසාලා නර්ගීස්
මුනිෂා රාජ්පාල්
අධ්‍යක්ෂණය කලේරොමේෂ් කාල්රා
ජායි කාල්රා
රාම් පාණ්ඩේ
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)විවේක් බාහ්ල්
රඟපෑමබලන්න චරිත නිරූපණ ලැයිස්තුව
ඇරඹුම් තේමාවයේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ - ආල්කා යාග්නික් විසිනි
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන3323
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)විවේක් ජායින්
නිෂ්පාදක(යෝ)රාජන් ෂාහි
සංස්කාරක(යන්)සමීර් ගාන්ධි
ස්ථානය(න්)බැංකොක්
කේප් ටවුන්
හොං කොං
සූරිච්
සිනෙමාරූපණයඅර්ජුනි රාඕ
ධාවන කාලයමිනිත්තු 22
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය12 ජනවාරි 2009 (2009-01-12) – වර්තමානය

කථාපුවත සංස්කරණය

යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ යනු උදයිපූර්හි මාර්වාරි සංයුක්ත පවුලක දිවිගෙවන නෛතික් සහ අක්ෂරා සිංහානියා යන තරුණ යුවළගේ කථාපුවතයි. මෙම කතාමාලාව මගින් පළමුව, විවාහක යුවළක් ලෙස ඔවුන්ගේ අත්දැකීම් ද, අනතුරුව කුඩා දරුවන් සිටින දෙමාපියන් වශයෙන් ඔවුනගේ ජීවන අත්දැකීම් ද මධ්‍යයේ එකිනෙකා කෙරෙහි ආදරයෙන් යුතුව, විස්තෘත පවුලේ පරිණත සාමාජිකයන්ට ගරු කරමින් දිවි ගෙවන අයුරු නිරූපණය වේ. කතාමාලාව පුරාම, අක්ෂරා සහ නෛතික් සතුව නක්ෂ් නැමැති ළදරු පුත්‍රයකු සිටිනු දක්නට ලැබේ. නමුත් අවාසනාවන්ත ලෙස, නෙෙතික් හා අක්ෂරා රිය අනතුරකට ලක්වන අතර ඒ හේතුවෙන් නෙෙතික් කෝමා තත්වයට පත්වෙයි.

වසර 4ක් ඉදිරියට

මෙවිට කතාමාලාව මගින් නක්ෂ් වැඩුණු දරුවකු ලෙස නිරූපණය කොට තිබේ. නෙෙතික් කෝමා තත්වයෙන් සුවවෙයි. ඔවුන්ගේ පවුල වටා සතුට මෙන්ම දුක ද බැඳී පවතියි. පවුලේ සාමාජිකයින් විනෝද සවාරියක නිරත වන අතර, එහි දී හදිසි අනතුරකින් නෙෙතික්ගේ මවවන ගයාත්රි මියයයි. ඉන් පසුව නෙෙතික්ගේ පියා දිව්යානි නම් කාන්තාවක් නැවත විවාහකරගන්නා අතර නෙෙතික් හා අක්ෂරාට නෙෙරා නම් දියණියක්ද ඉපදෙයි. නෙෙතික්ගේ මහප්පාවන මහේන්ද හෘදයාබාධයක් වැළඳී හදිසියේම මියයන අතර ඔහුගේ බිරිදවන කාවේරි නොහොත් භාභිමා අක්ෂරා හට බැණ වැදී ඇයව නිවසින් ඉවතට ඇද දමයි.

වසර 10ක් ඉදිරියට

තවත් කාලයක් ඉදිරියට ගතවෙයි. නක්ෂ් සහ නෛරා දැන් සංවේදී වැඩුණු පුද්ගලයෝ වෙති. අක්ෂරා, නෛතික්, නක්ෂ් සහ නෛරා ජීවත් වන්නේ කේප් ටවුන් හි ය. නක්ෂ් නැවත උදයිපූර් වෙත පැමිණෙයි. ඔහු භාබිමාගේ වැරදි වැටහීම දුරු කිරීමට උත්සාහ දරයි. දින ගණනාවකින් පසු, අක්ෂරාට සමාව හිමිවන අතර යළි නිවසට පැමිණෙයි. අනතුරුව කතාමාලාව මගින් පවුලේ සතුටුදායක සිද්ධි දාමයක් නිරූපණය වේ. එතැන් සිට කථාව දිවෙන්නේ නක්ෂ් කේන්ද්‍ර කර ගනිමිනි. එමගින් නක්ෂ්, තාරා සමග ප්‍රේමයෙන් බැ‍ඳෙන අයුරුත්, පසුව එම සම්බන්ධය බිඳී යන අයුරුත් නිරූපණය වේ.

වසර 7ට පසු

කතාමාලාව තවත් වසර කිහිපයක් ඉදිරියට ‍දිවෙන අතර, එමගින් නව යොවුන් වියේ පසුවන නෛරා සිය නිවසින් පැනගොස් රිෂිකේෂ්හි ජීවත් වන අයුරු නිරූපණය වේ. අක්ෂරා පූජාවක් සදහා රිෂිකේෂ් වෙත යන අතර ඒහිදි නෙෙරාව සොයාගනී. නෙෙරාව සොයා ගැනීමෙන් පසුව, කතාමාලාව තුළින් නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ නෛතික්ගේ සේවක කාර්තික් සමග ඔහුගේ දියණිය වන නෛරා සහ ලේලිය වන ගයාත්‍රි තුන් කොන් ආදරයට පැටලෙන අයුරු ඉන් පැහැදිළි වේ. නෛරා සහ කාර්තික් එකිනෙකා කෙරෙහි හැඟීමකින් යුත් නමුත්, එය ප්‍රේමය දැයි ඔවුන් නොදනී. කාර්තික් තමන්ට පෙම් කරන බව නොදන්නා ගයූ සතුව ඔහු කෙරෙහි ඇත්තේ ඒක පාර්ශ්වික ප්‍රේමයකි. මීට අමතරව නෛතික් සහ ඔහුගේ සුළු සොහොයුරා වන නාමන් සමග ගැටෙයි. නාමන් ඔහුව පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින්නේ දින කිහිපයකින් මුදාහරින බව පවසමිනි. ලේඛන කිහිපයකට ඔහුගේ අත්සන ලබා ගැනීමෙන් පසුව, තමන්ට විරුද්ධ නොවන ලෙස ඔහු නෛතික්ට තර්ජනය කරන්නේ නැතහොත් ඔහුගේ පවුල විනාශ කරන බව පවසමිනි. නමුත්, පසුව ඔහුව පොලිසීය විසින් සිරභාරයට ගනු ලැබෙයි. නෛතික් සහ අක්ෂරා යලි හමුවන අතර, ප්‍රීතියෙන් කාලය ‍ගෙවති. මේ අතර ස්විට්සර්ලන්තයේ සිටින කාර්තික් නෛරාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. නමුත් නෛරා වික්ෂිප්තව සිටියි. මුලින් ඇය කාර්තික්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර, කාර්තික් දැඩි කම්පනයට පත් වෙයි. කෙසේනමුත්, පසුව තමන් ඔහුට පෙම් කරන බව නෛරා වටහා ගනියි. ඇය මේ පිළිබඳ කාර්තික්ට පැවසීමට සැලසුම් කරයි‍. කෙසේනමුත්, ගයූ ද ඔහුට පෙම්කරන බව ඇයට දැනගන්නට ලැබෙයි. කාර්තික් සහ නෛරා එකිනෙකාට පෙම්කරන බව මිෂ්ති විසින් අක්ෂරා සහ නෛතික්ට දැනුම් දෙනු ලබයි. ගයූ සහ මිෂ්ති එක්ව කාර්තික් සහ නෛරාව එක් කරති. දිවාලි උත්සවයෙන් පසුව, නෛරා සහ කාර්තික් එකිනෙකාගේ ප්‍රේමය පාපොච්ඡාරණය කරති. සිය පවුලට වෛර කරන කාර්තික් ඔහුගේ පවුල පිළිබඳ කථා කිරීමට මැළි වේ. පසුව, ඔහුගේ සොයුරිය වන කිර්ති ඔහුගේ මාමා සහ නැන්දණිය සමග පැමිණෙයි. මේ අතර, අක්ෂරාගේ උපන් දින‍ය දවසේ සැමදෙනාම පූජාවක් සඳහා පිටත්ව යන අතර, මෝටර් රථ අනතුරකින් අක්ෂරා මියයයි. අනතුර සිදුවූ ස්ථානයේ බීමතින් තුවාල ලබා වැටී සිටි කාර්තික් දකින සිංහානියාවරු අනතුර සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගති. කාර්තික්ගේ පවුල කාර්තික් වෙනුවෙන් පෙනීසිටින අතර, ඔහුට සහාය දක්වයි. වැරදිකරු කාර්තික් නොවන බව්ත වෙනත් අයකු බවත් නෛරා සොයා ගනියි. කාර්තික්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන නෛරා සැබෑ වරදකරුවා අනාවරණය කරගනියි. ශෝකවන නෛතික්ව සනසන නෛරා යළි ඔහුගේ විශ්වාසය දිනාගැනීමට සමත් වෙයි. පවුල් දෙකම නෛරා සහ කාර්තික්ගේ විවාහයට අනුමතිය ලබා දේ. ඔවුහු විවාහය වෙනුවෙන් සූදානම් වෙති‍. නමුත් විවාහයට මඳකට පෙර, නෛරා සහ කාර්තික් මනිෂ් පිළිබඳ වාද කරන අතර, නෛරා අනතුරට ලක්ව අතුරුදන් වේ. කාර්තික් කම්පනයට පත්ව සිටියි.

සමාන්තර කථා සංස්කරණය

අක්ෂරා සහ නෛතික්ගේ කථාවට අමතරව, ඔවුන්ගේ සොහොයුරු සොහොයුරියන්ගේ කථා ද මෙම කතාමාලාව හැඩගැස්වීමට දායක වී ඇත. මෙහි පසුගිය කථාව නිර්මාණය වී ඇත්තේ නෛතික්ගේ සොයුරියන් වන නන්දිනී දහ රෂ්මි වටායි. මීට අමතරව මෙමගින් නෛතික්ගේ අර්ධ-සොයුරුසොයුරියන් ද නිරුපිත ය. අක්ෂරා-නායික් කථාපුවතට සමගාමීව වර්ෂා-ෂෞර්යාගේ කථාව ද මෙහි ගලා යයි. වර්ෂා යනු අක්ෂරාගේ හොඳම මිතුරියයි. ෂෞර්යා යනු අක්ෂරයාගේ වැඩිමහල් සොයුරා ය. මීට අමතරව කතාමාලාව තුළින් නක්ෂ් (2015–2016), කාර්තික් (2016–), නෛරා (2016–), ගයාත්‍රි "ගයූ" දියෝරා (2016–) සහ තාරා (2015–2016) ගේ ද කථාව නිරූපණය වේ. නක්ෂ් යනු නෛතික් සහ අක්ෂරාගේ පුත්‍රයායි. ගයූ යනු නිඛිල්-රෂ්මිගේ දියණියයි. (සමීර්ගේ සුළු දියණියයි) රෂ්මි සහ සමීර්ගේ මරණින් පසු, නෛතික් සහ අක්ෂරා ග්‍යූව හදාවඩා ගනිති. නෛරා (නක්ෂ් සහ ගයූට වඩා ලාබාල ය) යනු නෛතික් සහ අක්ෂරාගේ දියණියයි. කාර්තික් යනු නෛතික්ගේ සේවකයෙකි. ග්‍යූ සහ නෛරා ඔහුට පෙම් කරන අතර, ඔහුට කිසියම් රහසක් ඇති බව පෙනේ. තාරා යනු නක්ෂ් විසින් පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තියයි. ඇය ඔහුව හැර යයි.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

  • ශිවංගි ජෝෂි, නෛරා නෛතික් සිංහානියා / නෛරා කාර්තික් ගොවෙන්කා ලෙස: නෛතික්-අක්ෂරාගේ දියණියයි. නක්ෂ්ගේ සොයුරියයි. කාර්තික්ගේ පෙම්වතිය සහ විවාහ ගිවිස ගත් තැනැත්තියයි. කෙෙරව් හා අක්ෂරාගේ මවයි(2016–) (ප්‍රධාන කාන්තා චරිතය)
  • මොහ්සින් ඛාන්, කාර්තික් මනිෂ් ගොවෙන්කා ලෙස: නෛරාගේ පෙම්වතා සහ විවාහ ගිවිස ගත් තැනැත්තායි. (2016–) (ප්‍රධාන පිරිමි චරිතය)
  • විශාල් සිං, (නව නෛතික්) නෛතික් රාජ් ශේඛර් සිංහානියා ලෙස: රාජ් ශේඛර්-ගයාත්‍රි යන අයගේ පුත්‍රයායි. අක්ෂරාගේ සැමියායි. නක්ෂ්-නෛරාගේ පියායි. රෂ්මිගේ සොහොයුරායි. (2016–2018)
  • කාංචි සිං, ගයාත්‍රි නිඛිල් දියෝරා ලෙස: රෂ්මි-නිඛිල් යන අයගේ දියණියයි. නෛතික් සහ අක්ෂරා විසින් හදාගනු ලැබෙයි. (2016-2017)
  • රිෂි දේව්, (නව නක්ෂ්) නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරා‍ යන අයගේ පුත්‍රයායි. නෛරාගේ සොහොයුරායි. (2017-2018)
  • මොහේනා සිං, කිර්ති මනිෂ් ගොවෙන්කා / කාර්තික්ගේ සොයුරිය ලෙස (2016–)

ආවර්තී චරිත සංස්කරණය

  • සංදීප් මෙහ්තා, රාජ් ශේඛර් සිංහානියා ලෙස; මහේන්ද්‍ර ප්‍රතාප්ගේ සොහොයුරායි. ගයාත්‍රි-දේව්‍යාණි යන අයගේ සැමියායි. නෛතික්-රෂ්මිගේ පියායි. (2009–)
  • ක්ෂිතී ජෝග්, දේව්‍යාණි රාජ් ශේඛර් සිංහානියා ලෙස: රාජ් ශේඛර්ගේ දෙවන භාර්යාවයි. සුරේෂ්ගේ හිටපු බිරිඳයි. නාමන්-මුස්කාන් යන අයගේ මෑණියන් ය. (2014–)
  • මේධා සම්බට්කාර්, කාවේරි මහේන්ද්‍ර ප්‍රතාප් සිංහානියා ලෙස: මහේන්ද්‍ර ප්‍රතාප්ගේ භාර්යාවයි. නන්දිනීගේ මෑණියන් ය. (2009–)
  • පාරුල් චෞහාන්, සුවර්ණා මනිෂ් ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ සුළු මවයි. (2016–)[1]
  • සචින් ත්‍යාගි, මනිෂ් ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ පියායි. (2016–)[2]
  • අංශුල් පාණ්ඩේ, නාමන් රාජ් සිංහානියා ලෙස: සුරේෂ්-දේව්‍යාණිගේ පුත්‍රයායි. රාජ්ගේ සුළු පුත්‍රයායි. මුස්කාන්ගේ සොහොයුරායි. කරිෂ්මාගේ සැමියායි. මිෂ්තිගේ පියායි. (2014–)
  • ප්‍රියංකා උධ්වානි, කරිෂ්මා නාමන් සිංහානියා ලෙස: නාමන්ගේ භාර්යාවයි. මිෂ්තිගේ මෑණියන් ය. (2014–)
  • ආර්ණා ෂර්මා, මිෂ්ති නාමන් සිංහානියා ලෙස: නාමන්-කරිෂ්මාගේ දියණියයි. (2015–)
  • පූජා ජෝෂි, වර්ෂා ෂෞර්යා මහේෂ්වරි ලෙස: අක්ෂරා‍ගේ හොඳම මිතුරියයි. ෂෞර්යාගේ භාර්යාවයි. අනන්‍යාගේ මෑණියන් ය. (2009–)
  • යෂ් ගේරා, ෂෞර්යා විෂම්භර්නාත් මහේෂ්වරි ලෙස: රාජ්ශ්‍රී-විෂම්භර්නාත්ගේ පුත්‍රයායි. අක්ෂරාගේ සොහොයුරායි. වර්ෂාගේ සැමියායි. අනන්‍යා-කුහුගේ පියායි. (2013–)
  • අක්ෂයා නායික්, අනන්‍යා රන්වීර් ෂර්මා ලෙස: වර්ෂා-ෂෞර්යාගේ දියණියයි. රන්වීර්ගේ භාර්යාවයි. (2015–)
  • අර්ජුන් කෝලි, රන්වීර් ෂර්මා ලෙස: අනන්‍යාගේ සැමියායි. (2016–)
  • සංජීව් සෙත්, විෂම්භර්නාත් මහේෂ්වරී ලෙස: භෛරවිගේ පුත්‍රයායි. ඕම්කාන්ත්ගේ සොයුරායි. රාජශ්‍රීගේ සැමියායි. අක්ෂරා-ෂෞර්යාගේ පියායි. (2009–)
  • ලතා සභර්වාල්, රාජ්ශ්‍රී විෂම්භර්නාත් මහේෂ්වරී ලෙස: නානිගේ දියණියයි. රතන්ගේ සොහොයුරියයි. විෂම්භර්නාත්ගේ භාර්යාවයි. අක්ෂරා-ෂෞර්යාගේ මෑණියන් ය. (2009–)
  • නීලිමා තද්දෙපල්ලි, සුනෛනා ඕම්කාර්නාත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ නැන්දණියයි. ඕම්කාර්ගේ භාර්යාවයි. අංශුමාන්ගේ මෑණියන් ය. (2009–)
  • විනීතා මලික්, භෛරවි මහේෂ්වරී ලෙස: විෂම්භර්නාත්-ඕම්කාන්ත්ගේ මෑණියන් ය. අක්ෂරා-ෂෞර්යා-අංෂුමාන්ගේ මිත්තණියයි. (2009–)
  • නිධි උත්තම්, නන්දිනී මෝහිත් අගර්වාල් ලෙස: කාවේරි-මහේන්ද්‍ර ප්‍රතාප්ගේ දියණියයි. මෝහිත්ගේ භාර්යාවයි. යෂ්-අන්මෝල්ගේ මෑණියන් ය. (2009–)
  • ශාමික් අබ්බාස්, මෝහිත් අගර්වාල් ලෙස: නෛතික්ගේ හොඳම මිතුරායි. නන්දිනීගේ සැමියායි. රුක්මිණිගේ පුත්‍රයායි. යෂ්-අන්මෝල්ගේ පියායි. (2015–)
  • සංචිත් ෂර්මා, යෂ් මෝහිත් අගර්වාල් ලෙස: නන්දිනී-මෝහිත්ගේ පුත්‍රයායි. අන්මෝල්ගේ සොහොයුරායි. රෝස්ගේ සැමියායි. (2015–)
  • සිපෝරා සූට්වෙල්, රෝස් යෂ් අගර්වාල් ලෙස: යෂ්ගේ භාර්යාවයි. (2016–)
  • කරන් පහ්වා, අන්මෝල් මෝහිත් අගර්වාල් ලෙස: නන්දිනී-මෝහිත්ගේ පුත්‍රයායි. යෂ්ගේ සොහොයුරායි. (2016–)
  • සුනීතා රාඕ, රුක්මිණී අගර්වාල් ලෙස: මෝහිත්ගේ මෑණියන් ය. (2010–)
  • යාමිනි මක්වානා, කුහු ෂෞර්යා මහේෂ්වරි ලෙස: ෂෞර්යා-ස්නේහාගේ දියණියයි.
  • ස්වාති චිට්නිස්, සුහාසිනී ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ මිත්තණියයි. (2016–)
  • අලි හසන්, අඛිලේෂ් ගොවේනකා ලෙස: කාර්තික්ගේ මාමණ්ඩියි. (2016–)
  • ශිල්පා රයිසාදා, සුරේඛා ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ නැන්දණියයි. (2016–)
  • නුපූර් ජෝෂි, සෞම්‍යා මනීෂ් ගොවෙන්කා: කාර්තික් සහ කිර්තිගේ මෑණියන් ය. මනිෂ්ගේ පළමුවන භාර්යාවයි. (2016-)
  • මෝහිත් ෂර්මා, ආදිත්‍ය ලෙස: කිර්තිගේ සැමියායි. (2017-)[3]

හිටපු චරිත සංස්කරණය

  • හිනා ඛාන්, අක්ෂරා නෛතික් සිංහානියා ලෙස: විෂම්භර්-රාජ්ශ්‍රීගේ දියණියයි. නෛතික්ගේ භාර්යාවයි. නක්ෂ්-නෛරාගේ මෑණියන් ය. (හිටපු ප්‍රධාන කාන්තා චරිතය) (2009–2016) (මියගිය චරිතයකි)
  • කරන් මෙහ්රා, නෛතික් රාජ් ෂේඛර් සිංහානියා ලෙස: ගයාත්‍රි-රාජ්ගේ පුත්‍රයායි. අක්ෂරාගේ සැමියායි. නක්ෂ්-නෛරාගේ පියායි. (හිටපු ප්‍රධාන පිරිමි චරිතය) (2009–2016)
  • රෝහන් මෙහ්රා, නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: අක්ෂරා-නෛතික්ගේ පුත්‍රයායි. නෛරාගේ සොහොයුරායි. නයනතාරාගේ හිටපු පෙම්වතායි. (2015–2016)
  • අෂ්නූර් කොවුර්, ලාබාල නෛරා නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරාගේ දියණියයි. (2015–2016)
  • ශිවංශ් කෝටියා, ලාබාලා නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරාගේ පුත්‍රයායි. (2012–2015)
  • බානි, බිළිඳු නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරාගේ පුත්‍රයායි. (2010–2012)
  • මිෂ්කා ජායින්, නෛරා නෛතික් සිංහානියා බිළිඳිය: නෛතික්-අක්ෂරාගේ දියණියයි. (2015)
  • උමාන්ග් ජායින්, තාරා සිං ශෙඛාවත් ලෙස: නක්ෂ්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තියයි. (2015–2016)
  • ඒතර් හබිබ්, ෂෞර්යා විෂම්භර්නාත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ සැමියායි. රාජ්ශ්‍රීගේ පුත්‍රයායි. (2009–2013) (ප්‍රතිස්ථාපිත)
  • නේහා සරූපා, රශ්මි සමීර් දේසායි ලෙස: ගයාත්‍රි-රාජ්ගේ දියණියයි. නෛතික්ගේ සොහොයුරියයි. නිඛිල්-සමීර්ගේ භාර්යාවයි. ගයූගේ මෑණියන් ය. (2009–2016) (මියගිය)
  • මෂෙර් සායිඩ්, සමීර් දේසායි ලෙස: රශ්මිගේ දෙවන සැමියායි. (2015)
  • සොනාලි වර්මා, ගයාත්‍රි රාජ් ශේඛර් සිංහානියා ලෙස: රාජ්ගේ පළමු භාර්යාවයි. නෛතික්-රශ්මිගේ මෑණියන් ය. අක්ෂරාගේ නැන්දණියයි. නක්ෂ්-නෛරාගේ මිත්තණියයි. (2009–2013) (මියගිය)
  • සංජේ ගාන්ධි/අභිජීත් ලහ්රි, මහේන්ද්‍ර ප්‍රතාප් සිංහානියා (දාදාජි) ලෙස: කාවේරිගේ සැමියායි. නන්දිනීගේ පියායි. නෛතික්ගේ මාමණ්ඩියයි. (2009–2015) (මියගිය)
  • මනු මලික්, ඕම්ක්‍රාන්ත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ මාමණ්ඩියයි. සුනෛනාගේ සැමියායි. අංශුමාන්ගේ පියායි. (2009–2016)
  • අමන් ෂර්මා/ධීරාජ් ගුම්බාර්, අංශුමාන් ඕම්ක්‍රාන්ත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ ඥාති සොහොයුරායි. ජස්මීත්ගේ සැමියායි. (2009–2015)/(2015–2016)
  • ශිරින් සේවානි, ජස්මීත් අංශුමාන් මහේෂ්වරී ලෙස: අංශුමාන්ගේ භාර්යාවයි. (2014–2016)
  • ආලෝක් නාත්, චන්ද්‍රභාන් සිං ශෙඛාවත් ලෙස: තාරාගේ මුත්තණුවන් ය. (2015–2016)
  • අමල් සෙහ්රාවත්, සංග්‍රාම් සිං ශෙඛාවත් ලෙස: තාරාගේ සොයුරායි. (2015–2016)
  • ශිවම් අගර්වාල්, ආදිත්‍ය සිං ශෙඛාවත් ලෙස: තාරාගේ සොහොයුරෙකි. (2015–2016)
  • වෛශාලි තක්කර්, සංජානා ලෙස: නක්ෂ්ගේ මිතුරියකි‍. (2015–2016)
  • ඛුෂ්මීත් ගිල්, නන්නු අංශුමාන් මහේෂ්වරී ලෙස: අංශුමාන්‍-ජස්මීත්ගේ පුත්‍රයායි. (2015–2016)
  • නවිකා කෝටියා, ප්‍රේමා සිංහානියා ලෙස: වැඩුණු චික්කි (2013)
  • රීම් ෂෙයික්, ලාබාල ප්‍රේමා සිංහානියා ලෙස (චික්කි): සිංහානියාගේ හදාගත් දියණියයි. (2012)
  • සරිනා රෝෂන් ඛාන්, මුස්කාන් ආලෝක් අවස්ති ලෙස: නාමන්ගේ සොයුරියයි. (2014–2015)
  • අමිත් දෝලාවත්, ආලෝක් අවස්ති ලෙස: මුස්කාන්ගේ සැමියායි. (2009, 2014–2015)
  • අශිෂ් කපූර්, නිඛිල් රාජේන්ද්‍ර දියෝරා ලෙස: රශ්මිගේ හිටපු පෙම්වතායි. (2011–2012)
  • රාකේෂ් දීවානා, මහාරාජ් ලෙස: සිංහානියාවරුන්ගේ හිටපු කෝකියායි. (2009–2014)
  • රෝෂන් ඛාන්, ගෝපි දාදි ලෙස: භෛරවිගේ මිතුරියයි. (2009–2014)
  • අලි මර්චන්ට්, ඍතුරාජ් ලෙස: නෛතික්ගේ ඥාති ‍සොහොයුරෙකි. (2009)
  • ප්‍රීති ෂර්මා, බින්දියා ලෙස (2009)
  • අමර්දීප් ජා, ශංකරි ලෙස: අක්ෂරාගේ මගුල් කපුවායි. (2009–2016)
  • චාරු අසෝපා, ස්නේහා ලෙස: නෛතික්ගේ සේවිකාවකි. කුහුගේ මෑණියන් ය. (2010)
  • අනුරාග් නිගම්, අංකිත් ලෙස (2013)
  • උර්මිලා ෂර්මා, රුක්මිණී අගර්වාල් ලෙස (2009–2010)
  • අල්පේශ් ගෙහ්ලොත්, සමාර් ලෙස (2012)
  • ආනන්ද් මානි, භාජින්දර් සිං ලෙස: ම‍හේෂ්වරිගේ සේවකයෙකි. (2009–2012)
  • සුනීතා රාජ්වාර්, ධානියා භාජින්දර් සිං ලෙස: භාජින්දර්ගේ භාර්යාවයි. (2009–2012)
  • අකාන්ක්ෂා කපිල්, අන්තරා ලෙස: නෛතික්ට පෙම්කරයි. (2012)
  • භුවන් චොප්රා, රතන් ලෙස
  • නේහා සේජල්, පායල් ලෙස
  • දිව්‍යා භාත්නගර්, ගුලාබූ ලෙස (2009–2015)
  • සොනාල් ශ්‍රීවාස්ථව, ජූහි ලෙස
  • ශීතල් තිවාරි, සුකන්‍යා ලෙස: නෛරාගේ මිතුරියකි. (2016) (මියගිය)
  • වීණා ජග්තප්, නිශා සිං සෙඛාවත් ලෙස (2016)
  • සුසෑන් බර්නර්ට්, මාර්තා ලෙස: රෝස්ගේ මෑණියන් ය. (2016)
  • ෆහාඩ් අලි, විවාන් ලෙස: ගයූගේ පාසල් මිතුරෙකි. (2016)

විශේෂ නිරූපණයන් සංස්කරණය

හරස් මාරු සංස්කරණය

යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ කතාමාලාවේ වෙනත් වැඩසටහන් හා සම්බන්ධ හරස්මාරු කථාංග ගණනාවක් දක්නට ලැබෙයි. 2009දී, මෙම කතාමාලාව සප්නා බාබුල් කා...බිදායි සමග සම්බන්ධ කෙරිණි. 2012දී, කතාමාලාව දියා ඕර් බාති හම් කතාමාලාව සමග හරස්මාරු කථාංගයක් සහිත විය. 2016දී, දියා ඕර් බාති හම්හි ප්‍රධාන නිළිය වන දීපිකා සිං මෙහි පෙනී සිටියා ය.

පිළිගැනීම සහ බලපෑම සංස්කරණය

මෙම කතාමාලාව ඉන්දියානු රූපවාහිනිය තුළ වඩාත්ම සම්මාන ලත් වැඩසටහනක් වන අතර, ඉන්දියාවේ දීර්ඝතම කාලයක් විකාශය වන කතාමාලවක් ද වේ.[5]

හිනා ඛාන් 'Power of 49' වැඩසටහනට සහභාගී වූ අතර මෙහි දී සෝප් ඔපෙරා නළුනිළියෝ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹවීම සිදුකළහ.[6]

ෂෝමා මුන්ෂි පැවසූයේ මෙම වැඩසටහන "සිරල සහ අතිශයින් භාවාත්මක අන්තර්ගතයකින්" සමන්විත බවයි. මෙය විශාල සංයුක්ත පවුල් සම්ප්‍රදායයන් පිළිබඳ ඓතිහාසික සම්ප්‍රදාය තුළ කාන්තා චරිත ගොඩනගා තිබීම පිළිබඳ පැසසුමට ලක් විය.[7]

අනුවර්තන සංස්කරණය

මෙම කතාමාලාව උර්දු 1 නාළිකාව සහ ස්ටාර් ප්ලස් සහෝදර නාළිකාවක් වන ස්ටාර් උත්සව් තුළ විකාශය වේ. මෙම කතාමාලාව එදාමෙදා තුර පාකිස්ථානය තුළ විකාශය වූ ඉන්දියානු කතාමාලා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන තිබේ.[8] මෙම වැඩසටහන තෙවරක් හෝ සිව්වරක් අභිබවා යාමට ජියෝ කහානි නාළිකාවෙන් විකාශය වූ කුම්කුම් භාග්‍යා කතාමාලාව සමත් වුව ද,[9] මේ වනවිටම යළි පළමු ස්ථානය හිමි කරගැනීමට මෙය සමත්ව සිටියි. මෙය පකිස්ථානය තුළ වාර්තාගත ඉහළම TRP අගයයක් වාර්තා කළ වැඩසහෙන් අතුරින් එකක් ද වේ.[10]

සම්මාන සංස්කරණය

ස්ටාර් පරිවාර් සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2009 ප්‍රියතම මා සොනාලි වර්මා දිනාගති[11]
ප්‍රියතම දේව්රාණි
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) කරන් මෙහ්රා
ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා) හිනා ඛාන්
ප්‍රියතම යෝග්‍ය ජෝඩි හිනා ඛාන්කරන් මෙහ්රා
ප්‍රියතම බසර්ග් විනීතා මලික්
ප්‍රියතම සාස්
ප්‍රියතම භාභි පූජා ජෝෂි
ප්‍රියතම ජේතනි මේධා සම්බුත්කාර්
SPL ගෞරව රාජන් ෂාහි
2010 ප්‍රියතම බේටි හිනා ඛාන් දිනාගති[12]
ප්‍රියතම පත්නි
ප්‍රියතම මා ලතා සභර්වාල්
ප්‍රියතම පිතා සංජීව් සෙත්
ප්‍රියතම ජේතනි මේධා සම්බුත්කාර්
ප්‍රියතම පවුල යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
SPL ගෞරව රාජන් ෂාහි
2011 ප්‍රියතම භාභි හිනා ඛාන් දිනාගති[13]
වඩාත් ජේත්තුකාර සදස්‍යා (කාන්තා)
ප්‍රියතම පති කරන් මෙහ්රා
ප්‍රියතම සසුර් සංජීව් සෙත්
ප්‍රියතම ජෝඩි හිනා ඛාන්කරන් මෙහ්රා
ප්‍රියතම කතාමාලාව රාජන් ෂාහි
2012 ප්‍රියතම බේටි හිනා ඛාන් දිනාගති[14]
වඩාත් ජේත්තුකාර නිළිය
ප්‍රියතම බේටා කරන් මෙහ්රා
ප්‍රියතම සසුර් සංජීව් සෙත්
ප්‍රියතම භාභි පූජා ජෝෂි
2013 ප්‍රියතම භාභි හිනා ඛාන් දිනාගති[15]
ප්‍රියතම පත්නි
ප්‍රියතම පිතා කරන් මෙහ්රා
ප්‍රියතම චෝටා සදස්‍යා ශිවංශ් කෝටියා
ප්‍රියතම භාභි පූජා ජෝෂි
කථාංග 1000 සම්පූර්ණ කිරීම වෙනුවෙන් වන SPL සඳහන රාජන් ෂාහි
2014 ප්‍රියතම මා හිනා ඛාන් දිනාගති[16]
ප්‍රියතම පවුල යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
ප්‍රියතම පිතා කරන් මෙහ්තා
ප්‍රියතම චෝටා සදස්‍යා ශිවංශ් කෝටියා
2015 ප්‍රියතම මා හිනා ඛාන් දිනාගති[17]
ප්‍රියතම භාභි පූජා ජෝෂි
ප්‍රියතම පති කරන් මෙහ්රා
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) රෝහන් මෙහ්රා
ප්‍රියතම සසුර් සංදීප් මෙහ්තා
දීර්ඝතම විකාශය වන වැඩසටහන වෙනුවෙන් වන SPL සඳහන රාජන් ෂාහි
2016 ප්‍රියතම චෝටා සදස්‍යා අෂ්නූර් කොවුර් දිනාගති

නිව් ටැලන්ට් සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2009 හොඳම නිළිය හිනා ඛාන් දිනාගති [18]
වඩාත් ප්‍රාපේක්ෂ නළුවා කරන් මෙහ්තා
වඩාත් ප්‍රාපේක්ෂ නව වැඩසටහන රාජන් ෂාහි

ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2009 හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) හිනා ඛාන් දිනාගති [19]
හොඳම නළුවා-නාට්‍ය (ජනප්‍රිය) කරන් මෙහ්තා
හොඳම මාලා-නාට්‍යය (ජනප්‍රිය) රාජන් ෂාහි
හොඳම වස්ත්‍ර රිතු දියෝරා
2010 හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) හිනා ඛාන් දිනාගති [19]
හොඳම අධ්‍යක්ෂණය නීරාජ් බාලියාන්
හොඳම මාලා-නාට්‍යය (ජූරියේ) රාජන් ෂාහි
ITA ලුළි ගෞරවය යේ රිෂ්තා සහ බිදායි
2011 හොඳම අධ්‍යක්ෂණය' නීරාජ් බාලියාන් දිනාගති [19]
GR8! වෘන්දීය චරිත නිරූපණය යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ කණ්ඩායම
2012 හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) හිනා ඛාන් දිනාගති [19]
හොඳම අධ්‍යක්ෂණය නීරාජ් බාලියාන්
හොඳමාලා-නාට්‍යය (ජනප්‍රිය) රාජන් ෂාහි
2013 හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) හිනා ඛාන් දිනාගති [19]
සහාය චරිතයක හොඳම නිළිය (නාට්‍ය) සොනාලි වර්මා
හොඳම මාලා-නාට්‍යය (ජනප්‍රිය) රාජන් ෂාහි
හොඳම ළමා ශිල්පියා ශිවංශ් කෝටියා
හොඳම සංගීත නිර්මාණකරණය නවීන්
2015" ජනප්‍රිය තේරීම නිළිය හිනා ඛාන් දිනාගති [19]
ජනප්‍රිය තේරීම නළුවා කරන් මල්හෝත්‍රා

ඉන්දියන් ටෙලි සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2009 හොඳම නැවුම් මුහුණ (ජනප්‍රිය) හිනා ඛාන් දිනාගති [20]
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය යේ රිෂ්තා කයා කෙහ්ලාතා හේ
වඩාත් ජනප්‍රියම මාලා නාට්‍යය රාජන් ෂාහි
හොඳම වස්ත්‍ර නිර්මාණය රිතු දියෝරා
2010 වඩාත් ජනප්‍රිය ප්‍රධාන චරිතයක නිළිය හිනා ඛාන් දිනාගති [20]
සහාය චරිතයක හොඳම නළුවා - නාට්‍ය (ජූරියේ) සංජීව් සෙත්
වඩාත් ජනප්‍රිය දිනපතා කතාමාලාව රාජන් ෂාහි
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
හොඳම අධ්‍යක්ෂණය ජායි කල්රා සහ රාම් පාණ්ඩේ
2012 වඩාත් ජනප්‍රිය සන්තතික රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි දිනාගති [20][21]
හොඳම අධ්‍යක්ෂණය ජායි කල්රා
2013 හොඳම තිරයේ යුවළ (විචාරක) හිනා ඛාන් සහ කරන් මෙහ්රා දිනාගති [20]
සහාය චරිතයක හොඳම නළුවා - නාට්‍ය (විචාරක) අභිජීත් ලාහිරි
වසරේ හොඳම රූපවාහිනී වැඩස‍ටහන රාජන් ෂාහි
සමාජ පිණිවිඩයක් සහිත වඩාත් ජනප්‍රියම වැඩසටහන
වඩාත් ජනප්‍රියම සන්තතික රූපවාහිනී වැඩසටහන
වඩාත් ජනප්‍රිය ළමා ශිල්පියා ශිවංශ් කෝටියා
2014 වඩාත් ජනප්‍රියම ළමා ශිල්පියා ශිවංශ් කෝටියා දිනාගති [20][20][22][23]
වඩාත් ජනප්‍රියම මාලා නාට්‍යය රාජන් ෂාහි
වඩාත් ජනප්‍රිය සන්තතික රූපවාහිනී වැඩසටහන
2015 හොඳම චරිත නිරූපණ වෘන්දය යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ දිනාගති [20][20][24]
සහාය චරිතයක වඩාත් ජනප්‍රියම නළුවා රෝහන් මෙහ්රා

කලාකාර් සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2010 හොඳම නවක නිළිය හිනා ඛාන් දිනාගති [25]
හොඳම නවක නළුවා කරන් මෙහ්රා
හොඳම රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි
2013 හොඳම රූපවාහිනී නිළිය හිනා ඛාන් දිනාගති [25]
හොඳම රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි
2014 හොඳම අංග-රචනා ශිල්පියා පාන්ධරි ජුකර් දිනාගති [25]
2015 හොඳම නිළිය හිනා ඛාන් දිනාගති [25]
ප්‍රියතම රූපවාහිනී වැඩසටහන රාජන් ෂාහි
2016 රූපවාහිනියේ හොඳම නැගී එන තරුව හිනා ඛාන් දිනාගති [25][26]
හොඳම රූපවාහිනී නළුවා (පිරිමි) කරන් මෙහ්රා
හොඳම රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි

ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස්

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2010 හොඳම රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි දිනාගති [27]
2013 හොඳම රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි දිනාගති [27]
2015 හොඳම රූපවාහිනී කතාමාලාව රාජන් ෂාහි දිනාගති [27]
හොඳම රූපවාහිනී ළමා නළුවා ශිවංශ් කෝටියා
2016 සහායක චරිතයක හොඳම රූපවාහිනී නිළිය ලතා සභර්වාල් දිනාගති [27]
හොඳම රූපවාහිනී නළුවා (ජනප්‍රිය) කරන් මෙහ්රා
හොඳම රූපවාහිනී කතාමාලාව (ප්‍රබන්ධ) රාජන් ෂාහි

ස්ටාර් ගිල්ඩ් සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2009 හොඳම රූපවාහිනී කථාපුවත (ප්‍රබන්ධ) සබා මුම්ටාස් දිනාගති [28]
2010 වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන රාජන් ෂාහි දිනාගති [28]
2013 හොඳම අධ්‍යක්ෂණය ජායි ක්ලරා සහ රාම් පාණ්ඩේ දිනාගති [28]
2015 හොඳම රූපවාහිනී කථාපුවත (ප්‍රබන්ධ) සබා මුම්ටාස් දිනාගති [28]
වසරේ හොඳම ඉදිරියට දිවෙන වැඩසටහන රාජන් ෂාහි
හොඳම රූපවාහිනී නිළිය හිනා ඛාන්
2016 වසරේ හොඳම ඉදිරියට දිවෙන රූපවාහිනී වැඩසටහන රාජන් ෂාහි දිනාගති [28]

ගාර්ව් ඉන්දියානු රූපවාහිනී සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2014 හොඳම සංගීතය ලලිත් සේන් දිනාගති [29]
හොඳම දෙබස් රේඛා මෝදි
ළමා ශිල්පියා (පිරිමි) – ජූරියේ ශිවංශ් කෝටියා
සහායක තරුව (පිරිමි) - ජූරියේ අභිජීත් ලාහිරි
GITAහි SPL සැඳහුම යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
ජනප්‍රිය තේරීම නිළිය හිනා ඛාන්
ප්‍රියතම චරිත නිරූපණ වෘන්දය යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
සමාජ පණිවිඩයක් සහිත ප්‍රියතම වැඩසටහන රාජන් ෂාහි
ප්‍රියතම දීර්ඝතම කාලයක් දිවෙන රූපවාහිනී කතාමාලාව
ප්‍රියතම කතාමාලාව
ප්‍රියතම සහායක තරුව සොනාලි වර්මා
ප්‍රියතම ජෝඩි හිනා ඛාන් සහ කරන් මෙහ්රා
ප්‍රියතම නිළිය හිනා ඛාන්
රසවින්දන තරුව ශ්වංශ් කෝටියා
2015 වසර 6ක් හොඳම කතාමාලාව ලෙස TRP දිනාගැනීම වෙනුවෙන් වන ගාර්ව් ලුළි ගෞරව සම්මානය රාජන් ෂාහි දිනාගති [29]
හොඳම ශ්‍රව්‍ය නිර්මාණකරණ නිරංජන් චතුර්වේදී
හොඳම ටෙලිරචනය අනිල් වී. කුමාර්
හොඳම නාට්‍ය රචකයා වෛභාවි මර්චන්ට්
හොඳ ප්‍රබන්ධ අධ්‍යක්ෂක රාම් පාණ්ඩේ සහ ජායි කාල්රා
සහායක චරිතයක හොඳම නළුවා (ජූරියේ) සංජීව් සෙත්
වඩාත් ජනප්‍රිය නිළිය හිනා ඛාන්
වඩාත් ජනප්‍රිය ජෝඩි හිනා ඛාන් සහ කරන් මෙහ්තා
වඩාත් ජනප්‍රියම කතාමාලාව රාජන් ෂාහි
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය යේ රිෂ්තා කයා කෙහ්ලාතා හේ
දීර්ඝතම කතාමාලාව මනාප තේරීම රාජන් ෂාහි
ළමා නළුවා මනාප තේරීම ශිවංශ් කෝටියා
2016 හොඳම ගීත රචනය විවේක් නායින් දිනාගති [29]
හොඳම ළමා නිළිය - ජූරියේ අෂ්නූර් කොවුර්
ඍණාත්මක චරිතයත හොඳම නළුවා - ජූරියේ ආලෝක් නාත්
වසරේ තිරයේ හොඳම ජෝඩි හිනා ඛාන් සහ කරන් මෙහ්රා
වඩාත් ජනප්‍රිය නවකයා රෝහන් මෙහ්රා
වඩාත් ජනප්‍රිය සහාය තරුව රෝහන් මෙහ්රා
වඩාත් ජනප්‍රිය කතාමාලාව රාජන් ෂාහි
වඩාත් ජනප්‍රිය තවමත් දිවෙන කතාමාලාව
වඩාත් වින්දනීය වෘන්දය යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ

BIG ස්ටාර් යන්ග් එන්ටර්ටේනර්ස් සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2012 සුපිරි ජනකාන්ත රූපවාහිනී නිළිය හිනා ඛාන් දිනාගති [30]

බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස්

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2010 BIG ස්ටාර් වඩාත් වින්දනීය ප්‍රබන්ධ වැඩසටහන රාජන් ෂාහි දිනාගති [31]
2013 BIG ස්ටාර් වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා ශිවංශ් කෝටියා දිනාගති [31]
2014 BIG ස්ටාර් වඩාත් වින්දනීය ප්‍රබන්ධ වැඩසටහන රාජන් ෂාහි දිනාගති [31]

FICCI විශිෂ්ටතා සම්මාන සහ රචනා ගෞරව සම්මාන

වර්ෂය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2010 හොඳම ප්‍රබන්ධ වැඩසටහන රාජන් ෂාහි දිනාගති [31]
2014 හොඳම රූපවාහිනී නිළිය හිනා ඛාන් දිනාගති
හොඳම ප්‍රබන්ධ වැඩසටහන රාජන් ෂාහි

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Yeh Rishta Kya Kehlata Hai: Parul Chauhan & Sandeep Rajora to enter Star Plus show!". India.com. 14 October 2016.
  2. "Sachin Tyagi in 'Yeh Rishta...'". The Times of India. 24 November 2016.
  3. "Yeh Rishta Kya Kehlata Hai: Naira to get kidnapped by Aditya in the show - Bollywoodlife". 20 January 2017.
  4. "Yeh Rishta Kya Kehlata Hai Kaartik and Naaira Marriage Sangeet Badshah Performance - Jansatta". 20 January 2017.
  5. "Yeh Rishta Kya Kehlata Hai". සම්ප්‍රවේශය 12 September 2015.
  6. SUBHA J. RAO. "The power of a vote". The Hindu. සම්ප්‍රවේශය 12 September 2015.
  7. Prime Time Soap Operas on Indian Television. සම්ප්‍රවේශය 12 September 2015. {{cite book}}: |work= ignored (help)
  8. "Week 46 (2015)- TRP of Indian Serials in Pakistan". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  9. "Week 35 (2015)- TRP of Indian Serials in Pakistan". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  10. "Week 1 (2015)- TRP of Indian Serials in Pakistan". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  11. "2009 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  12. "2010 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  13. "2011 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  14. "2012 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  15. "2013 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  16. "2014 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  17. "Star Parivaar Awards 2015 on 14th June 2015 – Winners List and Event's Snapshot". tellyreviews.com. සම්ප්‍රවේශය 11 May 2016.
  18. "New Talent Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  19. 19.0 19.1 19.2 19.3 19.4 19.5 "Indian Television Academy Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  20. 20.0 20.1 20.2 20.3 20.4 20.5 20.6 20.7 "Indian Telly Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  21. "Indian Telly Awards 2012: Winners". media247.co.uk. සම්ප්‍රවේශය 8 January 2015.
  22. "Indian Telly Awards 2014 – And the winners are…". pinkvilla.com. සම්ප්‍රවේශය 8 January 2015.
  23. "13th Indian Telly Awards 2014 – Winners List". indiantellytalkies.com. සම්ප්‍රවේශය 8 January 2015.
  24. "Indian Telly Awards 2015 – Winners List". indicine.com. සම්ප්‍රවේශය 8 January 2015.
  25. 25.0 25.1 25.2 25.3 25.4 "Kalakar Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  26. "Kalakar Awards: Radhika Madan, 'Yeh Rishta Kya Kehlata Hai' actors bag prestigious awards [PHOTO]". IBTimes. සම්ප්‍රවේශය 8 January 2015.
  27. 27.0 27.1 27.2 27.3 "Lions Gold Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  28. 28.0 28.1 28.2 28.3 28.4 "Apsara/Star Guild Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  29. 29.0 29.1 29.2 "Garv Indian TV Awards". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  30. "BIG STar Young Entertainer Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  31. 31.0 31.1 31.2 31.3 "BIG Star Entertainment Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.

බාහිර සබැඳි සංස්කරණය