මොනොසැකරයිඩ යනු, අඩු අණුක භාරයක් සහිත සරලත ම කාබෝහයිඩ්‍රේට වර්ගය යි. මොනොසැකරයිඩ කාබෝහයිඩ්‍රේටවල තැනුම් ඒකකය යි. එය තනි අණුවකි. තවදුරටත් ජලවිච්ඡේදනය කළ නොහැක. C, H, O වලින් සමන්විත ය. විද්‍යාගාරයේදී ෆේලිං හා බෙනඩික්ට් පරීක්‍ෂාව මගින් මොනොසැකරයිඩ හඳුනා ගැනේ. සංස්කරණය

මූලික ලක්‍ෂණ සංස්කරණය

  • සීනි වර්ග ය.
  • ජල ද්‍රාව්‍ය යි.
  • ඔක්සිහාරක ය.
  • ස‍්ඵටිකීකරණය වේ.

මොනොසැකරයිඩ වර්ග සංස්කරණය

ට්‍රයෝස - C3H6O3 සංස්කරණය

කුඩා ම මොනොසැකරයිඩ වර්ගය යි. සෛලීය ශ්වසනයේදී හා ප්‍රභාසංස්ලේෂණයේදී වැදගත් වන අතරමැදි සංයෝගයකි. උදා:

ටෙට්‍රෝස - C4H8O4 සංස්කරණය

සූන්‍යෂ්ටික සෛල තුල නොපවතී. ප්‍රධාන වශයෙන් ම බැක්ටීරියා තුල අඩංගුය. උදා:

  • එරිත්‍රෝස්

පෙන්ටෝස - C5H10O5 සංස්කරණය

සෛලයකට අත්‍යවශ්‍ය න්‍යෂ්ටික අම්ල තැනීමෙහිලා රයිබෝස් හා ඩීඔක්සිරයිබෝස් වැදගත් මෙහෙයක් ඉටු කරයි. උදා:

හෙක්සෝස - C6H12O6 සංස්කරණය

සමායවික ව්‍යුහයන් පවතී. දාමීය අණු චක්‍රාකාරව සැකසී ස්ථායි, වෘත්තාකාර ස‍්වරූපයක් ගනී. උදා:

.ග්ලූකෝස්

හෙප්ටෝස් - C7H14O7 සංස්කරණය

කාබන් පරමාණු (C) 7,හයිඩ්‍රජන් පරමාණු (H) 14 හා ඔක්සිජන් පරමාණු (O) 7 ලෙස සංයොජිත මොනොසැකරයිඩ ආකාරයයි.මෙය (CH2O)7 ලෙසින්ද දැක්‌විය හැක.

උදා:

මැනෝහෙප්ටියුලෝස්

මොනොසැකරයිඩ ප්‍රධාන වශයෙන් කොටස් 3 කි. 1)ග්ලූකෝස් 2)පෘක්ටෝස් 3)ගැලැක්ටෝස් වේ.

           ග්ලූකෝස් 

ග්ලූකෝස් වනාහි සරල සීනි ලෙස හදුන්වනු ලබන සරලම සංඝටකයකි .මේවා ජීවී රුධිරය ට අවශෝෂණය වේ.

ග්ලූකෝස් = C6 H12 O6 පවතින ස්ථාන - ඉදුණු පලතුරු ,මී පැණි

"https://si.wikipedia.org/w/index.php?title=මොනොසැකරයිඩ&oldid=452591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි