මේඝ්නා නායිදු යනුවේන හැඳින්වෙන්නනේ ඉන්දියානු නිළියක සහ නර්තන ශිල්පිනියකි. ඇගේ පළමු ප්‍රධාන නිරූපණය වූයේ UMI10ගේ "කාලියොන් කා චමන්" (2000) ගීතයේ සංගීත වීඩියෝවේ නිරූපණයයි.[3][4] මෙය ලතා මංගේෂ්කාර්ගේ 1981 ගීතයක් වූ "තෝඩා රේෂම් ලග්තා හේ" ගීතයේ නිල ප්‍රතිසංකලනයකි. (2002 Truth Hurts කණ්ඩායමේ ගීතයක් වූ "Addictive" සඳහා පෙළඹවීමක් ඇතිකළේ ය) ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම ඇය විසින් සාරු මේනිගේ වීඩියෝවක් වන "දිල් දේ දියා තා (සූත්‍ර සංකලනය)"[5] හි ද රංගනයෙන් දායක වී තිබේ.

මේඝ්නා නායිදු
නායිදු රිවාස්හි පුවත් සමුළුවේ දී
උපත19 සැප්තැම්බර් 1980 (1980-09-19) (වයස 43)[1][2]
රැකියාවනිළියක, නර්තන ශිල්පිණිය
සක්‍රීය වසර1999 — වර්තමානය

මුල්කාලීන දිවිය සහ වෘත්තිය සංස්කරණය

නායිදු උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 19 දින ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ්හි විජයවාඩාහි ය.[1] ඇගේ පියා වූ එතිරාජ් Air India ආයතනය වෙනුවෙන් සේවය කළ අතර, ටෙනිස් පුහුණුකරුවකු ද විය. අර්ධ-බෙංගාලි කාන්තාවක වන ඇගේ මව වූ පූර්ණිමා[6] පාසල් ගුරුවරියක විය.[7] ඇයට සෝනා නමින් බාල සොයුරියක ද වේ.[8][9] ඇය පැවසූයේ ඇය සමග සංචාරයේ යෙදුණු ඇගේ සොයුරියට විදෙස් රැකියාවක් හිමිවීමෙන් පසුව, සිය රැකියාව අත්හැර තමන්ගේ රූගත කිරීම් කටයුතු සඳහා ආධාර වන මෙන් තමන් සිය මවගෙන් ඉල්ලා සිටි බවයි.[1] ඇය හැදීවැඩුණේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. මේ නිසා තමන් "වඩාත් මුම්බායිකරණය වූ තැනැත්තියක" බව ඇය පවසා සිටියි.[1] ඇය අධ්‍යාපනය ලැබූයේ මුම්බායිහි අන්ධේරි, භවන් විද්‍යාලයේ ය.[10][11] ඇය B.Com උපාධියක් හිමි කරගැනීමට සමත් වූවා ය.[6] ඇය වසර හතක් සම්භාව්‍ය භරතනාට්‍යම් නර්තනය හැදෑරූවා ය.[7] ඇය පැවසූයේ තමන් එක්සත් ජනපදයේ වසර හතරක් ටෙනිස් පුහුණුකාරිණියක ලෙස කටයුතු කළ බවයි.[10]

18වන විය සපිරෙන විට, චෙන්නායිහි සිය ඥාති සොයුරියකගේ විවාහ මංගල්‍යයක දී ඇයට මෝස්තර නිරූපණ සමායෝජකයකු මුණගැසිණි.එහි දී ඇයට වෘත්තාන්ත චිත්‍රපටයකට තිර පරීක්ෂණ සඳපැමිණෙන මෙන් ආරාධනාවක් හිමි විය.[12][13] ඇය ප්‍රේම සාක්ෂි (1999) නැමැති තෙලිඟු චිත්‍රපටයක චරිත නිරූපණයෙන් සහභාගී වූවා ය. අනතුරුව ඇයට ‍එක් තෙලිඟු චිත්‍රපටයක් සහ කන්නඩ චිත්‍රපට දෙකක් සඳහා චරිත නිරූපණයෙන් දායක වීමට සිදු විය.[12] අනතුරුව ඇය UMI10හි සංගීත වීඩියෝවක් වූ "කාලියොන් කා චමන්" සඳහා පෙනී සිටියා ය. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ රාධිකා රාඕ සහ විනයි සප්රු විසිනි. ඇය පැවසූයේ මෙය ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් බවයි.[1][13] ඇය මෙහි යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වෙමින් සිටි සිය මිතුරියකගේ සහායටයි, එහි පිටත්ව ගියේ. නමුත් නිර්මාණ කණ්ඩායම විසින් ඇයව තෝරාගන්නා ලදී. දින කිහිපයක් ඇතුළත ඇගේ ඡායාරූ ලබා දෙන මෙන් කණ්ඩායම ඉල්ලා සිටි අතර, ඇයව වීඩියෝව සඳහා තෝරාගැනීම සිදු විය. "කාලියොන් කා චමන්" ගීතය අතිශයින් සාර්ථකත්වයට පත්වූ අතර, එමගින් ඇය ජනප්‍රියත්වයට පත් විය. අනතුරුව ඇය ඉන්දියාව තුළ සහ පිටත ප්‍රාසාංගික නිරූපණයන් ගණනාවක් සඳහා සහභාගී වූවා ය.[1][12]

ඇගේ බොලිවුඩ් ආගමනය සිදු වූයේ B-ශ්‍රේණියේ චිත්‍රපටයක් වූ හවාස් (2004) චිත්‍රපටය තුළිනි.[14] මෙම චිත්‍රපටය අනියම් සම්බන්ධතාවක් පිළිබඳ කියැවෙන චිත්‍රපටයකි. අනතුරුව ඇය Classic Dance of Love (2005) චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදුකළා ය. මෙහි ඇය නර්තන ශිල්පිනියකගේ චරිතය නිරූපණය කළා ය. ඇය ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ තවත් චිත්‍රපටයක් වන Rain: The Terror Within... (2005) තුළ ඇය අන්ධ කතුවරියකගේ චරිතය රඟපෑවා ය.[13] මෂූකා චිත්‍රපටය තුළ ඇය විවිධ ඍණාත්මක ස්වරූප ඇති චරිතයක් නිරූපණය කළා ය. සිය වෘත්තියේ පසුකාලීනව, ඇය දකුණු ඉන්දියානු චිත්‍රපට ගණනාවක ගීතමය ජවනිකා සඳහා විශේෂ නිරූපණයන්ගෙන් දායක වූවා ය.[15][16]

මීට අමතරව ඇය ෆියර් ෆැක්ටර් - ඛාත්‍රොන් කේ ඛිලාඩි සහ Dancing Queen වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වූවා ය.[14] ඇය ජෝධා අක්බර් රූපවාහිනී කතාමාලාවේ බෙනාසීර්ගේ චරිතය නිරූපණය කළා ය.[17]

2011 වර්ෂයේ සිට නායිදු සහ ටෙනිස් ක්‍රීඩකයකු වන ලුවිස් මිගෙල් රෙයිස් අතර ප්‍රේම සම්බන්ධයක් පවතියි.[18][19]

චිත්‍රපට දායකත්වය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය භාෂාව සටහන්
2002 පෘධ්වි නාරායනා තෙලිඟු
වේන්ඩි මබ්බුලු ෂනායා සර්දේසායි හෙවත් ෂනායා තෙලිඟු
2003 කත්තේගලු සාර් කත්තේගලු කන්නඩ
2004 හවාස් සප්නා ආර්. මිත්තල් හින්දි
AK 47 හින්දි විශේෂ නිරූපණය
කූලී බෙංගාලි
සට්රුවු ඩුබායිහි සමාජ ශාලා නළඟන තෙලිඟු
2005 Jackpot - The Money Game ගෞරි හින්දි
Classic Dance of Love දෝලි හින්දි
මෂූකා සංජනා හින්දි
භාම කලාපම් අංජලී තෙලිඟු
Rain: The Terror Within... සන්ධ්‍යා භාට්නගර් හින්දි
Bad Friend සර්ගම් හින්දි
2006 සරවණා සරවනාගේ නෑනා දෙමළ
Eight: The Power of Shani සප්නා හින්දි
වික්‍රමාර්කුඩු චමේලි නළඟන තෙලිඟු විශේෂ නිරූපණය
ජම්භාවන් අනූ දෙමළ
බාඩා දෝස්ත් මලයාලම් විශේෂ නිරූපණය
2007 ආදාවරි මටකලු අර්ධලු වේරුලේ ඇය ලෙසම තෙලිඟු විශේෂ නිරූපණය
වීරස්වාමි දෙමළ
2008 වෛතීස්වරන් රූපා දෙමළ
පණ්ඩුරංගාඩු තෙලිඟු විශේෂ නිරූපණය
පන්දායම් ඇය ලෙසම දෙමළ පසුබිම් නිරූපණය
2009 කුට්ටි දුම්රියේ නළඟන දෙමළ විශේෂ නිරූපණය
වාඩා දෙමළ
2011 සිරුතෛS අළග පෝරාතුපුට ගීතය දෙමළ විශේෂ නිරූපණය
100% Love ඇය ලෙසම තෙලිඟු විශේෂ නිරූපණය
රිවාස් චන්දා හින්දි
පුලි වේශම් දෙමළ විශේෂ නිරූපණය
වෙල්ලෝර් මාවට්ටම් දෙමළ විශේෂ නිරූපණය
පිල්ල සමින්දර් ඇය ලෙසම තෙලිඟු විශේෂ නිරූපණය
2012 Love at First Sight හින්දි
ඉෂ්ක් දීවානා හින්දි
2013 පරාරි කන්නඩ විශේෂ නිරූපණය
Election කන්නඩ විශේෂ නිරූපණය
2014 සික්කපාට්ටේ ඉෂ්ට පාට්ටේ කන්නඩ රූගත කෙරෙමින් පවතියි.
රණතන්ත්‍ර කන්නඩ විශේෂ නිරූපණය[16]
ධමක් මරාථි විශේෂ නිරූපණය[20]
2016 ක්‍යා කූල් හේන් හම් 3 මාසි හින්දි
ඉලමෛ ඌන්ජල් දෙමළ
රූපවාහිනී වැඩසටහන්
සංගීත වීඩියෝ
  • UMI10ගේ "කලියොන් කා චමන්" (2000)
  • සාරු මායිනිගේ "දිල් දේ දියා තා (සූත්‍ර සංකලනය)"
  • "Hottt..."
වර්ෂය ඇල්බමය ගීතය ගායකයා
2002 UMI 10 වෙළු. 3 කලියොන් කා චමන් ශාෂ්වතී
2002 බාබුජි ටොප් 10 කලියොන් කා චමන් ශාෂ්වතී
2003 Shake It Shake It දිල් දේ දියා තා සාරු මායිනි
CD සහ VCD
වර්ෂය නම CD වර්ගය ලේබලය
2002 UMI 10 වෙළු‍. 3 CD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා
2003 බාබුජි ටොප් 10 CD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා
2003 බාබුජි ටොප් 10 VCD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා
2003 කලියොන් කා චමන් - The Biggest Dance Collection CD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා
2003 කලියොන් කා චමන් - The Biggest Dance VCD VCD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා
2003 Shake It Shake It CD T සීරීස්
2003 Shake It Shake It VCD T සීරීස්
2004 තන්දූරි හිට්ස් CD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා
2004 තන්දූරි හිට්ස් VCD යුනිවර්සල් මියුසික් ඉන්ඩියා

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 "Meghana Naidu – Telugu Cinema interview – Telugu film & Bollywood Heroine". Idlebrain.com. සම්ප්‍රවේශය 2013-08-17.
  2. "I'm already booked: Meghna Naidu". Rediff. 27 July 2005. සම්ප්‍රවේශය 26 May 2016.
  3. "Meghna: Blast from the past". The Times of India. 9 August 2009. 2012-03-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
  4. "Meghna Naidu: I can act well too!". Rediff Movies. 29 September 2005.
  5. Meghna Naidu Biography. Imdb
  6. 6.0 6.1 "I'm already booked: Meghna Naidu – Rediff.com movies". In.rediff.com. 2005-07-28. සම්ප්‍රවේශය 2013-08-17.
  7. 7.0 7.1 "Meghna Naidu". The Times Of India.
  8. "Celebrity News – Interviews – Meghna Naidu". Shaaditimes.com. 2008-10-17. සම්ප්‍රවේශය 2013-08-17.
  9. "Meghna's Father's Day Gift – Oneindia Entertainment". Entertainment.oneindia.in. 2007-06-21. සම්ප්‍රවේශය 2013-08-17.
  10. 10.0 10.1 "'It's embarrassing doing bold scenes'". Rediff.com. 2005-07-29. සම්ප්‍රවේශය 2013-08-17.
  11. "The kaliyon ka chaman girl – The Times of India". The Times Of India.
  12. 12.0 12.1 12.2 "News". Archive.deccanherald.com. 2003-09-07. සම්ප්‍රවේශය 2013-08-17.
  13. 13.0 13.1 13.2 "'They won't ban skin show'". Rediff.com. 2005-08-04. සම්ප්‍රවේශය 2013-08-17.
  14. 14.0 14.1 "'I'm non-controversial, so I don't get any offers' – Rediff.com Movies". Rediff.com. 2011-08-24. සම්ප්‍රවේශය 2013-08-17.
  15. L, Shruti I (31 October 2012). "It is cool to do item songs: Meghna Naidu". Daily News and Analysis. සම්ප්‍රවේශය 2016-05-27.
  16. 16.0 16.1 Joy, Prathibha (22 April 2004). "Meghna Naidu in yet another Kannada item number". The Times of India. සම්ප්‍රවේශය 2016-05-27.
  17. "Meghna Naidu to enter 'Jodha Akbar' - The Times of India". The Times Of India. 2013-12-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
  18. "In pictures: Celebs and their foreign attractions". Mid Day. සම්ප්‍රවේශය 26 May 2016.
  19. Maheshwri, Neha (17 October 2011). "Luis is a complete romantic, says Meghna Naidu". The Times of India. සම්ප්‍රවේශය 2016-05-27.
  20. "Umesh gets paid in full". The Times of India. 10 April 2014. සම්ප්‍රවේශය 2016-05-27.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මේඝ්නා_නායිදු&oldid=659003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි