මුතු අරුංගලය පැළඳි යුවතිය

ජොහැනස් වර්මියර්ගේ සිතුවම

මුතු අරුංගලය පැළඳි යුවතිය (Dutch: Meisje met de parel , English:Girl with a Pearl Earring) යනු ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පී ජොහැන්ස් වමීර් විසින් 17 වන සියවසයේ අඳින ලද තෙල් සායම් සිතුවමකි. එය හිස දවටන ලේන්සුවක් (සාටකයක්) සහ මුතු අරුංගලයක් (කරාඹුවක්) පැලඳි යුවතියකගේ මුහුණේ සිතුවමකි. මෙම සිතුවම 1902 සිට නෙදර්ලන්තයේ හේග් නුවර මොරිට්ශුයිස් කලා කෞතුකාගාරයේ සිතුවම් එකතුවේ සුරක්ශිතව පවතී. 

මුතු අරුංගලය පැළඳි යුවතිය
ලන්දේසි: Meisje met de parel
ශිල්පියාජොහැනස් වර්මියර්
වර්ෂයආ. 1665
වර්ගයට්‍රොනී
මාධ්‍යයකැන්වසය මත තෙල් සායම්
ව්‍යාපාරයලන්දේසි ස්වර්ණමය යුගයේ චිත්‍ර කලාව
මාන44.5 cm × 39 cm (17.5 in × 15 in)
පිහිටීමමොරිට්ෂුයිස්, ද හේග්, නෙදර්ලන්තය

විස්තරය සංස්කරණය

මෙය විචිත්‍ර පෙරදිග තලප්පාවක් සහ අසාමාන්‍ය ලෙස විශාල මුතු අරුංගලයක් පැලඳි යුරෝපීය යුවතියකගේ මුහුණක සිතුවමකි. මෙම සිතුවම විචාරය කරන ඇතැමෙක් මෙම කරාඹුවේ අන්තර්ගතය සහ දිස්නය අනුව මුතු වලට වඩා ඔප දමන ලද ටින් ලෝහයෙන් සකස් කරන ලද්දක් යැයි අනුමාන කරති. සිතුවම කැන්වසයක් මත තෙල්සායමෙන් සිත්තම් කරන ලද්දක් වන අතර සෙ.මී. 44.5ක උසකින් සහ සෙ.මී. 39ක පලළකින් යුක්තය. එය "IVMeer" ලෙස අත්සන් තබා ඇති අතර දිනයක් සඳහන් නොවේ. මෙම සිතුවම 1665දී පමණ සිදු කරන ලද්දක් බව නිගමනය කර තිබේ.