මිසයිල බෝට්ටු යනු නැව් නාශක මිසයිලවලින් යුත් කුඩා යාත්‍රාවකි. මේවා කුඩා යාත්‍රා වන නිසා මෙම මිසයිල බෝට්ටු අඩු වියදම් නාවික හමුදාවක් සොයන ජාති අතර වඩා ප්‍රසිද්ධ වේ. ඒවා දෙවන ලෝක යුද්ධයේ ටර්පිඩෝ බෝට්ටුවලට බොහෝ සෙයින් සමාන වේ. ඒ අතරම ප්‍රථම මිසයිල බෝට්ටු වූයේ ටර්පිඩෝ නළ 2ක් හෝ කිහිපයක් මිසයිල නළ මඟින් ප්‍රතිස්ථානය කරන ලද වැඩි දියුණු කරන ලද ටර්පිඩෝ බෝට්ටුය.

1983 Osa 1 කාණ්ඩයේ මිසයිල බෝට්ටුවක්. Osa කාණ්ඩයේ මිසයිල බෝට්ටු බොහෝ විට දැනට අධිකවම නිපදවා ඇති මිසයිල බෝට්ටු කාණ්ඩය වේ.

මිසයිල බෝට්ටු භාවිතා කිරීම පිටුපස තිබෙන විශේෂත්වය පදනම් වී තිබෙන්නේ ආරක්ෂාවේ සචලතාව පිළිබඳ වු න්‍යායන් මතය. නියම මිසයිල හා ඉලෙක්ට්‍රොනික ගැනුම් මිනුම් තාක්ෂණික ක්‍රමවල හඳුන්වාදීම , මිසයිල ෂෙල් ප්‍රහාරවලට වඩා නිරවද්‍ය හා වඩාත් දැඩි ලෙස සන්නාහ කරන ලද නැව් කඳන්, යුධ නැව් විනිවිද යා හැකි නිසා සතුරන් නොමඟ යවා පළමුව වඩාත් හොඳ තත්වයක් ලබා ගැනීම සඳහා සැලසුම් කළ යුතුයි යන අදහසට උප්පත්තිය ලබා දුණි.

මිසයිල බෝට්ටුවල ප්‍රථම භාවිතය 1967 ඔක්තෝබර් 20 දින සිදු වූ අතර එහි දී ඊජිප්තියානු සෝවියට් නිපදවන ලද කොමාර් කාණ්ඩයේ යාත්‍රාවක් ඊශ්‍රායල එයිලට් නෞකාව ඉලක්ක කර ගනිමින් SS- N-2Styx මිසයිල 4ක් නිකුත් කරන ලදී. දින 6 යුද්ධයෙන් ඉතා කුඩා කාලයකට පසු සිදු වු මෙම සිද්ධිය නිසා පෙර කී නෞකාව මුහුදුබත් වූ අතර 47 දෙනෙක් මරණයට පත් විය.

මිසයිල බෝට්ටු අතර ප්‍රථම නාවික මිසයිල ගැටුම සිදු වූයේ 1973 ඔක්තෝබර් මාසය අතරතුර දී ඊශ්‍රායල නාවික හමුදාව (ඔවුන් විසින්ම දියුණු කරන ලද ගේබ්‍රියල් මිසයිල යොදා ගනිමින්) හා සිරියානු හා ඊජිප්තියානු යාත්‍රා අතර යොම් කිපුර් යුද්ධයේ දීය. මෙහි මුල් ගැටුම් කීහිපය ලටකියා හි සටන ලෙස හැඳින්විය. මෙම සටන්වලදී ගේබ්‍රියල් මිසයිල 50 ක් පමණ හා Styx මිසයලය හා සමාන ප්‍රමාණයක් නිකුත් කරන ලද අතර අරාබියානු යාත්‍රා 7ක් මුහුදුබත් විය.

මිසයිල බෝට්ටුවල තවත් සාර්ථක භාවිතයක් වන්නේ 1971 ඉන්දු පකිස්ථාන යුද්ධයයි. එහිදී ඉන්දීය නාවික හමුදාව Osa කාණ්ඩයේ මිසයිල බෝට්ටු යොදා ගනිමින් කරච්චි වරාය හා නෞකා ඉලක්ක කරගෙන ට්‍රයිඩන්ට් මෙහෙයුම හා පයිතන් මෙහෙයුම දියත් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=මිසයිල_බෝට්ටු&oldid=470275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි