ජුලි 31, 1912 දින නිව්යෝක් නගරයේ බෲක්ලීන්හි උපත ලැබූ මිල්‍ටන් ෆීඩ්මන් ආර්ථික විද්‍යා විෂය ක්‍ෂේත්‍රයට මහඟු මෙහෙයක් කළ ආර්ථික විද්‍යාඥයෙකි.කේනීසියානු ගුරුකුලයේ "ඉල්ලුම් කළමනාකරණය" ප්‍රතික්‍ෂ්ප කරමින් මූල්‍යවාදී මත‍ය ගෙන ආවේ මොහුය.මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආර්ථිකයේ පොළී අනුපාතයට හා මිලට බලපෑම් කළ හැකි බවට ඔහු තර්ක කළේය. ඔහුගේ දායකත්‍වය සූක්‍ෂම ආර්ථික විද්‍යාවට,සාර්ව ආර්ථික විද්‍යාවට ආර්ථික ඉතිහාසයට මෙන්ම සංඛ්‍යානය කෙරෙහිද යොමු විය. ඔහු විසින් රචිත ඇමරිකාවේ මූල්‍යවාදයේ ඉතිහාසය (1963) ග්‍රන්ථය වෙනුවෙන් ආර්ථික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය (1976) ලැබුනි. එසේම ඔහු ලබා ගත් සම්මාන අතර 1988 නිදහස පිළිබඳ රාජ්‍ය සම්මානය ද එම වසරේදිම විද්‍යාවේ ජාතික සම්මානයද දිනා ගෙන ඇත.

මිල්‍ටන් ෆීඩ්මන් මහතා

ආර්ථික විද්‍යාවඥයන්ට අනුව 20වන සියවසේ දෙවන භාගයේ වඩාත් බලසම්පන්නම ආර්ථික විද්‍යාඥයා මොහුය. මොහු විසින් 1962 දී ලියන ලද ප්‍රාග්ධනීකරණය හා නිදහස යන කෘතියෙන් දේශපාලන හා සමාජ නිදහස නිර්මාණය කිරීමේ අරමුණෙන් නිදහස් වෙළඳපොළ තුළ රජයේ කාර්ය භා‍රය අවම කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත. එසේම 1980 රූපවාහිනියෙන් විකාශනය වූ 'තේරීමේ නිදහස' නම් වැඩසටහන් මාලාව තුළින් ෆීඩ්මන් විසින් නිදහස් වෙළඳපොළක ක්‍රියාකාරීත්‍වය පැහැදිළි කළ අතර ඒ තුළින් සමාජ හා දේශපාලන ප්‍රශ්න විසදීම උදෙසා තිබෙන ප්‍රතිපත්ති පෙන්වා දුන්නේ වෙනත් ක්‍රම එලෙස එයට විසඳුම් නොසපයන බවද පෙන්වා දෙමිනි.

1946 කොලොම්බියා සරසවියෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය ලබා ගත්තේය.මොහු ඉහළ බදු පැනවීම අතින් කේනීසියානුවාදීන්ට සහයෝගය දක්වන්නකු ලෙස පෙනේ. 1970 පෙර නිදහස් වෙළඳාම නම් සංකල්පය ආර්ථික විද්‍යාඥයන් අතර ඉතා අවම වශයෙන් පැවති සංකල්පයකි. රාජ්‍ය නිර්බාදකරණය ලෙසින් ඔහු විසින්ම හඳුන්වා ගනු ලබන ඔහුගේ දේශපාලන මතය තුළින් අවධාරණය කරන්නේ නිදහස් වෙළඳපොළේ වාසි හා රජය මැදිහත් වීමේ අවාසි පිළිබඳවය. ඔහු 'රාජ‍්‍ය නිර්බාදකරළණය' මුළු ‍ක්‍ෂේත්‍රය පුරාම ව්‍යාප්ත වීම දැක ගනු පිණිස ජීවත් විය. 1980 දශකයේදී ඔහුගේ අදහස පිළිගනු ලැබිනි. මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ , බදුකරණය පිළිබඳ , පෞද්ගලීකරණය හා ප්‍රතිපත්ති ලිහිල්කරණය පිළිබඳ ඔහුගේ මත තුළින් විශ්වය පුරා රජයේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය අදහස් කරයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් හා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් ටැචර්ට උපදේශන සේවා සැපයීම විශේෂය.

ෆීඩ්මන්ගේ දේශපාලන පිළිබඳ ස්ථාවරය ආර්ථික ඉතිහාසය හා ආර්ථික මාතෘකා ආවරණය කළ ඔහුගේ ලිපි රාශියක් මඟින් අනාවරණය වේ.

[1]

ඔහුගේ අධ්‍යාපනය හා කුඩා කාලය සංස්කරණය

ගොනුව:MiltonFriedman2 2.jpg
සිසුනට යමක් පැහැදලිකරමින්

සාරා ඊස්ටන් හා ‍ජෙනෝ සෝල් ෆීඩ්මන්ගේ වැඩිමහල් පුත්‍රයා මිල්‍ටන් ෆීඩ්මන්ය.මොහු ත්‍යාගලාබී ශිෂ්‍යයකු වශයෙන් උපාධිය ලැබුවේ 1928 රේවේ උසස් පාසලෙනි. ඒ ඔහුගේ 16 වන උපන්දිනට පෙරදීය. කලා උපාධිධාරියකු ලෙසින් 1932 නිව් ජර්සිහි පිහිටි රට්ගර්ස් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීය. මොහුට මෙම විශ්ව විද්‍යාල අධ්‍යාපන‍ය ලැබුනේ තරඟකාරී ශිෂ්‍යත්වයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි අරතර් එ‍ෆ්.බර්ග්ස් හා හෝමර් ජෝන්ස් යටතේ අධ්‍යාපනය ලබා ඇත. එසේම ඔහු සතුව ගණිතය පිළිබඳ අසහාය දැනුමක් විය. රට්ගර්හි උපාධිය ලැබීමෙන් පසුව සංඛ්‍යාන ගණිතය පිළිබඳ හැදෑරීම‍ට බ්‍රව්නි සරසවියට ගොස් ඇත. එසේම 1933 දී ශාස්ත්‍රවේදී උපාධිය චිකාගෝ සරසවියෙන් ලබා ඇත. ජනවාරි 29 2007 දින මිල්ටන් ෆීඩ්මන් දිනය වේ.

ආර්ථික විද්‍යාවට දායකත්වය සංස්කරණය

මොහු මූල්‍යවාදී ගුරුකුලයේ පියා ලෙස සැලකේ. ඔහුට අනුව මුදල් සැපයුම හා උද්ධමනය අතර සමීප හා ස්ථායි සබඳතාවක් ති‍‍‍බේ. එනම් ජාතික ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කිරීම තුළින් උද්ධමනයට බලපෑම් කළ හැක. ඔහු කේනීසියානුවාදී 'ඉල්ලුම් කළමනාකරණ' ‍මත‍ය ප්‍රතික්‍ෂේප කරයි. ඔහු රජයේ දායකත්වය සීමා කළ යුතු බව පවසන නමුත් උපදෙස් සපයන්නෙකු ලෙස පැවතීමක් අපේක්‍ෂා කරයි. එසේම ඔහු ස්ථිර ආදායම් කල්පිතය (1957) මත පදනම් වූ පරිභෝජන ශ්‍රි‍තයක් ගැන සාකච්ඡා කර ඇත.එසේම ෆිලිප්ස් වක්‍රය හා ස්වභාවික සේවා වියුක්ති ‍අනුපාතය පිළිබඳසොයා බැලීම් වලට දායක වී ඇත.

එසේම ආර්ථික විද්‍යාව,අරමුණු ඉටු කර ගැනීමේදී විද්‍යාවක් ලෙසින් වටිනාකම් විනිශ්චයන්ට නිදහස්ව තිබිය යුතු බව දැක්වීය.එසේම සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහා ඔහු විසින් හඳුන්වා දුන් වව්චර් ක්‍රමයද වැදගත් වේ. [2]

"https://si.wikipedia.org/w/index.php?title=මිල්‍ටන්_ෆීඩ්මන්&oldid=549427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි