මැග්ඩලියනා අන්ඩර්සොන්

ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන් (උපත 23 ජනවාරි 1967) යනු ස්වීඩන දේශපාලනඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන අතර 2021 නොවැම්බර් 30 දින සිට 2022 ඔක්තෝබර් 18 දක්වා ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා විය.ඇය[1] 2021 නොවැම්බර් 4 දින සිට සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා ලෙසින් සේවය කරන වෙයි.

2017 වසරෙහිදී අන්ඩර්සොන්
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
30 නොවැම්බර් 2021 – 18 ඔක්තෝබර් 2022
Monarchකාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව්
Deputyමොර්ගන් යොවන්සන්
පූර්වප්‍රාප්තිකයාස්ටේෆන් ලේවියන්
අනුප්‍රාප්තිකයාඋල්ෆ් ක්‍රිස්ටසොන්
සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායක
තනතුර දරමින්
4 නොවැම්බර් 2021
මහලේකම්ටොබීයාස් බෝදාන්
පූර්වප්‍රාප්තිකයාස්ටේෆන් ලේවියන්
මුදල් ඇමති
තනතුර දරමින්
3 ඔක්තොම්බර් 2014
අග්‍රාමාත්‍යවරයාස්ටේෆන් ලේවියන්
පූර්වප්‍රාප්තිකයාඅන්ඩෂ් බෝරිය
රික්ස්ඩා සාමාජික
තනතුර දරමින්
29 සැප්තැම්බර් 2014
ඡන්ද කොට්ඨාසයස්ටොක්හොල්ම් වසම
පුද්ගලික තොරතුරු
උපත
ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන්

23 ජනවාරි 1967 (1967-01-23) (වයස 57)
උප්සාලා, ස්වීඩනය
දේශපාලන පක්ෂය සෝෂල් ඩිමොක්‍රටික්
කලත්‍රයාරීකඩ් ෆ්‍රීබර් (වි. 1997)
දරුවන්2
අධ්‍යාපනයස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය

අන්ඩර්සොන් ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් යෞවන ලීගය හා බැඳුනේ 1983 වසරෙහිදීය. 1992 වසරෙහිදී ඇය ආර්ථික විද්‍යා විශාරද උපාධියක් ස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය වෙතින් ලබා ගති. යෝරන් පෑෂොන්ගේ පරිපාලනයෙහි උපදේශිකාවක් හා සැලසුම් අධ්‍යක්ෂක ලෙසින්ද මෝනා සලීන් සඳහා උපදේශිකාවක් ලෙසින්ද ඇය සේවය කලාය. 2014 මැතිවරණයෙන් පසුව, අන්ඩර්සොන් රික්ස්ඩා වෙත තේරී පත්වූ අතර ස්ටේෆන් ලේවියන්ගේ පරිපාලනයෙහි ඇය මුදල් ඇමති බවට පත් විය. 2021 අගෝස්තු මාසයෙහිදී තනතුරෙන් ඉවත්වීමට සැලසුම් ලේවියන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින්, ඔහු වෙනුවට පත් වීමට ප්‍රධාන අපේක්ෂකයා ලෙසින් ඇය සැලකිණි. එයට ඉතා සුළු කලකින් පසුව, සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා වශයෙන් ඇය තේරී පත් විය.

2021 නොවැම්බර් 29 දිනදී රික්ස්ඩා විසින් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් අන්ඩර්සොන් තෝරා ගත් කරගන්නා ලදි.[2] පෙරදී, නොවැම්බර් 24 දිනදී, අන්ඩර්සොන් මෙම තනතුරට තේරී පත් වුනු නමුදු, රික්සඩාහිදී කොන්සර්වෙටිව් විරුද්ධ ක්ෂයට එරෙහිව වාර්ෂික අයවැය ඡන්දයෙහිදී පරාජය වීමත් සමගම ඇයගේ සභාග සහායක ග්‍රීන් පක්ෂය රජයෙන් ඉවත්වන බවට නිවේදනය කිරීමත් සමගම ඉල්ලා අස්වූවාය. නොවැම්බර් 30 දිනදී අන්ඩර්සොන් අග්‍රාමත්‍ය පදවියෙහි වැඩබාරගත් අතර ස්වීඩනයෙහි රජයෙහි නායක ලෙසින් පළමුවෙන් තේරී පත්වූ තැනැත්තිය බවට සනාථ කෙරිණි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "ස්වීඩන්ස් ලෝමේකර්ස් ඉලෙක්ට් ද කන්ට්‍රීස් ෆර්ස්ට් ෆීමේල් ප්‍රයිම් මිනිස්ටර්—අගේන්". සීඑන්එන්. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2021.
  2. "ස්වීඩන් ඉලෙක්ට්ස් අන්ඩර්සොන් ඈස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් ෆො සෙකන්ඩ් ටයිම් ඉක් අ වීක්". France 24. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2021.