මහමෙව්නාව භාවනා අසපුව

මහමෙව්නාව භාවනා අසපුව යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීම උදෙසා ථෙරවාදී දර්ශනය පදනම් කරගෙන පිහිටුවන ලද සෙනසුන් සංවිධානයකි. ඔවුන්ගේ ගේ අභිප්‍රාය වන්නේ (අසීමිත විමුක්තිය වන) නිවන් සුව ළඟා කර ගැනීමට අවශ්‍ය ලෙස මිනිස් සිත පිරිසිදු කර ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් සහය වීම යි."[1]

මහමෙව්නාව භාවනා අසපුව
ආදර්ශ පාඨයගෞතම බුදුසසුන තුළ සනාතන රැකවරණය ලබමු
සංස්ථාපනය1999 අගෝස්තු 14
වර්ගයසෙනසුන් සංවිධානයකි
අභිප්‍රායආධ්‍යාත්මික දියුණුව
මූලස්ථානයපොල්ගහවෙල, ශ්‍රී ලංකාව
පිහිටුම
  • ශ්‍රී ලංකාව (ශාඛා 38); ටොරොන්ටෝ, කැනඩාව; නිව් ජර්සි, ඇමෙරිකා එක්සත් ජනපදය; සිඩ්නි, ඕස්ට්‍රේලියාව
ප්‍රදේශය සේවය සැපයෙන
ලොව පුරා
Membership
බොදු මඟෙහි හැසිරෙන්නන්
ප්‍රාරම්භකයා
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ
වෙබ් අඩවියhttps://mahamevnawa.lk https://mahamevnawa.lk/en

මෙම සංචිතය ශ්‍රී ලංකාව පුරා විසිරුණු (සහ මෑතක දී පිහිටුවනන ලද කැනඩාවේ, ඇමෙරිකා එක්සද් ජනපදයේ හා ඕස්ට්‍රේලියාවේ ශාඛා ඇතළුව) බුදු දහම පැතිරවීම සඳහා වන අසපු 42 සමන්විත වේ.

මහමෙව්නාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන යතිවරයා වන්නේ, බුදු දහමේ එකම ඉලක්කය වන: සියළු දුකින් අත් මිදීම (හෙවත් අමා මහ නිවන) පිළිබඳ සැම විටම අවධාරණය කරමින්, දේශීය මෙන්ම විදේශීය වශයෙන් බුදු දහම තත්‍ය ලෙස පැතිරවීමෙහි නියුතු වී සිටින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ය.

ගොනුව:Mahamevnawa-pawidi pin kama.jpg
මහමෙව්නාව පැවිදි පිංකම...

දහමෙහි හැසිරීම සංස්කරණය

ගොනුව:BuddhaMBM.jpg
බුදු පිළීමයක්

බුදු රජාණන්වහන්සේ ගේ ඉගැන්වීම අනුව මිනිස් උපතක් ලැබීම ම ඉතා දුලබ භාග්‍යයකි. බුදු දහම ගැන අසන්නට ද ලැබෙන වාසනාවන්තයින් කළ යුත්තේ අවසන් ඉලක්කය වන නිවන අරමුණු කර සිත දියුණු කර ගැනීමයි.

යමෙකු ට නිවන සාක්‍ෂාත් කර ගත හැක්කේ බුදු දහමට අනුකූලව හැසිරීම්න් අරි අට මග (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) නම් වූ ඒ උතුම් මග සම්පූර්ණ කිරීමෙන් පමණි. ආධ්‍යාත්මික වර්ධනයේ මුල් පියවරවල්: උදා. සෝවාන් (සෝතාපන්න) හා සකෘදාගාමී (සකදාගාමී), එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අතරේ වුව ද ළඟා කර ගත හැක.

දුකින් මිදීම (නිවන සාක්‍ෂාත් කර ගැනීම) උදෙසා මුල් ම පියවර බුදුන් වදාළ ධර්මය දැන ගැනීම යි. බුදු දහම ඉගැන්වීම, සාකච්ඡා කිරීම සහ එහි හැසිරීම සඳහා අනුබල දිම ආදී ලෙස, ඒ අරබයා මහමෙව්නාවෙන් කෙරෙන කාර්ය භාරය වැදගත් ය.

එමෙන්ම, නිවන් මගෙහි කොටසක් ලෙස ම සිහිය (සති) ප්‍රගුණ කිරීම ඇසුරින්, සමාධිය හා ප්‍රඥාව දියුණු කර ගැනීමෙ හි වැදගත් ම කොටස වන භාවනාව වැඩීමට ද මහමෙව්නාවෙන් පහසුකම් සැලසී ඇත.

අවධාරණය කෙරන වැදගත් ම කරුණක් වන්නේ: බුදු දහම හුදෙක් ජීවිතය දුක් සහගත බැව් පැවසීමෙන් නො නැවතී, එයින් මුළුමනින් ම අත් මිදීමේ මාර්ගය ද පෙන්වන බව ය.

ගොනුව:Bodhignana.jpg
දහමෙහි හැසිරෙන්නෙකු ගේ ඉලක්කය: "මෙම ජීවිතයේදීම දුකින් අත්මිදීම"
(මහමෙව්නාව බෝධිඥාන සභාව මඟින් හුවා දක්වා ඇති ආකාරය)


දහම පැතිරවීම සංස්කරණය

ගොනුව:Tipitaka2008.jpg
මහමෙව්නාවේ සහභාගීත්වයෙන් (ඉන්දියාවේ) බුද්ධගයාවෙහි පැවැත්වුණු ත්‍රිපිටක සජ්ඣායනය, 2008
තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො
තථාගතයන් වහන්සේ විසින් පනවන ලද ශ්‍රී සද්ධර්මයත් විනයත් බබළන්නේ විවර වුන විටය, සැඟවුණ විට නොවේ.

— පටිච්‌ඡන්‌නසුත්‌තං [2]

චරථ, භික්‌ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං. මා එකෙන ද්‌වෙ අගමිත්‌ථ. දෙසෙථ, භික්‌ඛවෙ, ධම්‌මං ආදිකල්‍යාණං මජ්‌ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කෙවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසෙථ. සන්‌ති සත්‌තා අප්‌පරජක්‌ඛජාතිකා , අස්‌සවනතා ධම්‌මස්‌ස පරිහායන්‌ති, භවිස්‌සන්‌ති ධම්‌මස්‌ස අඤ්‌ඤාතාරො.
පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස ද, බොහෝ දෙනාගේ සැපය පිණිස ද, ලොවට අනුකම්පාවෙන් දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත සුව පිණිස හැසිරෙන්න. එක මග දෙදෙනෙකු නොම යන්න. පින්වත් මහණෙනි, ඇරඹුම කලණ (යහපත්) වූ, මැද කලණ වූ, අවසන ද කලණ වූ මනා අරුත් සහිත, මනා ව්‍යවහාර සහිත, මුළුමනින් ම පිරිපුන් වූ, පිරිසිදු නිවන් මග ම පවසන්න. අල්ප වූ රජස් (කෙලෙස්) ඇති සත්වයෝ සිටිත්; ශ්‍රී සද්ධර්මය ඇසීමට නොලැබුණහොත් ඔවුන් පිරිහී යනු ඇත; සදහම් ඇසුනහොත් ඔවුන් එය අවබොධ කර ගනු ඇත.

— මාරකථා [3]

ගොනුව:DammaSakachcha.jpg
දහම් සාකච්ඡාවක්, බුද්ධගයාවෙහි (ඉන්දියාවේ)

බුදු රජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ සාමීචිපටිපන්න වෙති. එනම් දුකින් මිදීම උදෙසා ම දහමෙහි හැසිරෙන අතර ම, අන් අය ගැන අනුකම්පාවෙන් ම සද්ධර්මය පතුරවත්. මහමෙව්නාව ඇසුරු කරන ගිහි පැවිදි දෙපිරිසම ඉඩ ලැබෙන සැම විටම මෙලෙස හැසිරෙති.

මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ ලා දහම් දෙසන්නේ/උගන්වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාළ අන්දමට ය.

යම් භික්‍ෂුවක් රූපය ගැන අවබෝධයෙන්ම කළකිරිම (නිබ්‌බිදාය ) පිණිස ම, එහි නොඇල්ම පිණිස ම (විරාගාය ), එය නිරුද්‍ධ වීම (නිරොධාය ) පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...

යම් භික්‍ෂුවක් විඳීම (වේදනා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් හඳුනා ගැනීම් (සඤ්ඤා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් චේතනාව තුළ සැකසීම (සංඛාර) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් (විශේෂ වූ) දැනීම(විඤ්ඤාණ) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...

— ධම්‌මකථිකසුත්‌තං[4]

 
Publications of Mahamevnawa

මහමෙව්නාව සදහම් ප්‍රකාශන [1]]]

එනිසා ජීවිතයේ යථාර්තය හෙළිදරවු කරන, දුකින් මිදීමට නොපමා විය යුතු ආකාරය ම අවධාරණය කරන, බුදු රජුන්ගේ මූලික ඉගැන්වීම මත ම පදනම් වූ (පටිගත කළ) දහම් දේශනා සහ දහම් පොත් පත් මහමෙව්නාව ඇසුරු කරන්නන් අතර සංසරණය වෙනු දැකිය හැක.

ආරම්භක ශ්‍රී ලාංකික පසුබිම නිසා මෙම ප්‍රකාශන බොහොමයක් ඇත්තේ සිංහලයෙ නි; නමුත් [2][permanent dead link] වෙබ් අඩවිය ඔස්සේ ඉංග්‍රීසි සංස්කරණ හෙළි දැක්වෙනු දැන් දැකිය හැක.

මහමෙව්නාවේ කැනඩා සහ ඇමරිකා එක්සත් ජනපද ශාඛා මඟින් "අමා සදහම් මණ්ඩපය"[3] සංරක්ෂණය කළ පිටපත 2008-05-03 at the Wayback Machine නමින් සජීවි සිංහල මාධ්‍ය අන්තර්ජාල (Internet) ධර්ම සාකච්ඡාවක් මෑතක සිට අරඹා ඇත. ලොව පුරා විසිරී සිටින සිංහල බෞද්ධයන් ට සද්ධර්මය පිළිබඳ ඇති සැක දුරු කරගැනීමට එයින් මග සැළසී ඇත.


වැඩි දුර කියවීම සඳහා සංස්කරණය

අඩවි‌යෙන් බැහැර පිටු සංස්කරණය

  1. නිල වෙබ් අඩවිය - මහමෙව්නාව බොදු සෙනසුනෙහි (පරිවර්තනයකි)
  2. අඞ්‌ගුත්‌තරනිකායො→අඞ්‌ගුත්‌තරනිකායො→කුසිනාරවග්‌ගො(භාරංඩුවග්ගො)→පටිච්‌ඡන්‌නසුත්‌තං[4]
  3. විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→මාරකථා [5]
  4. සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ධම්‌මකථිකවග්‌ගො→ධම්‌මකථිකසුත්‌තං[6]
"https://si.wikipedia.org/w/index.php?title=මහමෙව්නාව_භාවනා_අසපුව&oldid=592850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි