සෑම වසරකදීම සැප්තැම්බර් 16 වන දිනදී මලයාසියානු දිනය පවත්වන්නේ, 1963දී මෙම දිනයේදී මලයාසියානු සන්ධීය රාජ්‍යය පිහිටුවීම සමරනු සඳහාය. මලයාව, උතුරු බෝර්නියෝව, සාර්වක් , සහ සිංගප්පූරුව එකට එක්වී මලයාසියාව බිහිකිරීම මෙදිනදී සැමරෙයි. නව සන්ධීය රාජ්‍යය බිහිකිරීම, 1963 ජූනි 1 වන දි සිදු කිරීමට නියමිතව තිබුණද, හයවන හරී මර්ඩේකා උත්සවය හා ඒකීභූත වීම සඳහා 1963 අගෝස්තු 31 දක්වා කල්තැබුණි. මලයාසියාව තැනීම පිළිබඳව ඉන්දුනීසියානු සහ පිලිපීන විරෝධතා නිසා, නව රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම එම වසරෙහිදීම සැප්තැම්බර් 16 වන දින දක්වා ප්‍රමාද කෙරිණි. මෙම කල්තැබීමට තවද හේතුවක් වූයේ, උතුරු බෝර්නියොවෙහි (වර්තමානයේ සාබා) සහ සාර්වක් යන රාජ්‍යයන් නව සන්ධීය රාජ්‍යයෙහි කොටස්කරුවන් වනවාද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ කණ්ඩායම විසින් සිදුකල ජනමත විමසුමට ඉඩ සැලසීම සඳහාය. [1]

මලයාසියානු දිනය
Official nameහරී මලේසියා
Also calledමලේසියා
Observed byමලයාසියානුවෝ
Typeජාතික
Significanceමලයාසියානු සන්ධීය රාජ්‍යය පිහිටුවීම සමරනු ලැබේ
Date16 සැප්තැම්බර්

මලයාසියාව බිහිකිරීමට හැකිවූයේ, 1963 ජූලි 9 දිනදී, මලයානු පාර්ලිමේන්තුව වෙත මලයාසියා පණත ඉදිරිපත් කිරීම නිසා වන අතර, 1963 අගෝස්තු 29 දිනදී, යං ඩී-පර්ටුවං අගොං වෙතින් අනුමැතිය ලබාගන්නා ලදි.[1]

මලයාසියාව බිහිවීමට පෙර, 1963 ජූලි 22 දිනදී, සාර්වක් විසින් අන්තරවාර පරිපාලන තත්වය හිමිකරගත් අතර,[2] 1963 අගෝස්තු 31 දිනදී, සිංගප්පූරුව සහ (සාබා ලෙසින් යළි-නම් ලද) උතුරු බෝර්නි‍යෝව යන රාජ්‍යයන් එක්සත් රාජධානිය වෙතින් අන්කරවාර පරිපාලන තත්වයන් භුක්ති විඳීම ඇරඹුවේ,[3] මලයානු නිදහසෙහි සයවන සංවත්සරය හා ඒකීභූත වන පරිදීය.

2010 වසරෙහි සිට, මලයාසියානු දිනය රජයේ නිවාඩු දිනයක් විය. [4] 2009 ඔක්තොම්බර් 19 දිනදී, මලයාසියානු පාර්ලිමේන්තුවේ වාචික-ප්‍රශ්න-හා-පිළිතුරු සැසියට පසුව, මලයාසියාවේ අග්‍රාමාත්‍යය නජීබ් රසාක් විසින් මෙම තීරණය ගන්නා ලදි. මෙයින් ගම්‍ය වන්නේ, මලයාසියාවේ නිදහස හා බැඳි සංවත්සර දෙකක් මලයාසියානුවන් සතු වන බවයි.

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 අ මැරේජ් දැට් වෝස් ඩූම්ඩ් ෆ්‍රොම් ද ස්ටාර්ට්. නිව් ස්ට්‍රේට් ටයිම්ස්. අගෝස්තු 4, 2007.
  2. ෆ්‍රාන්ස් වෙල්මාන්. බෝර්නියෝ ට්‍රියෝලජි සාර්වක්: වෙළුම 2. Booksmango. pp. 134–. ISBN 978-616-245-089-1. සම්ප්‍රවේශය 31 අලෝස්තු 2013. {{cite book}}: Check date values in: |accessdate= (help)
  3. ෆ්‍රාන්ස් වෙල්මාන්. බෝර්නියෝ ට්‍රියෝලජි වෙළුම 1: සාබා. Booksmango. pp. 159–. ISBN 978-616-245-078-5. සම්ප්‍රවේශය 31 අගෝස්තු 2013.
  4. "මලේසියා ඩේ නවු අ පබ්ලික් හොලිඩේ, සේස් පීඑම්". thestar.com.my. ඔක්තොම්බර 19, 2009. සම්ප්‍රවේශය 2012-09-16. {{cite web}}: Check date values in: |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මලයාසියානු_දිනය&oldid=500109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි