මයිකල් ෂූමාකර් (1969 ජනවාරි 3 වැනිදා ජර්මනියේ හුක් හර්මුයිහයිඩ් හිදී උපත ලැබීය) හිටපු "ෆෝමියුලා වන්" ධාවකයෙක් වන අතර, ඔහු හත් වතාවක්ම ලෝක ශූරයා බවට ද පත්විය. නිල ෆෝමියුලා එක, වෙබ් අඩවියට අනුව ඔහු, “සංඛ්‍යාලේඛණාත්මකව ක්‍රීඩාව තුළ මෙතෙක් දැක ඇති විශිෂ්ටතම ධාවකයා” ලෙස සටහන් වේ. ඔහු ෆෝමියුලා එක ලෝක ශූරතාව දිනා ඇති ප්‍රථම ජර්මානු ජාතිකයා වන අතර ෆෝමියුලා එක ජර්මනියේ ජනප්‍රිය කරවීමේ ගෞරවය ද ඔහුට හිමිවේ. 2006 වර්ෂයේ දී කරන ලද FIA සමීක්ෂණයේ දී, මයිකල් ෂූමාකර් ෆෝමියුලා එක රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ධාවකයා ලෙස ඡන්ද ලබා තිබුණි.

ජාතිය ජර්මන්
මෝටර් රථ අංකය
වර්තමාන කණ්ඩායම ෆෙරාරි
ෆෝමියුලා අංශයේ ලෝක ශූරතා ඉතිහාසය පළමු ජයග්‍රහණය
තරඟ ශූරතා 77 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004)
ජයග්‍රහණ 91 Podium finishes 154
පෝල් ස්ථාන 68
Career points 1,369
වැඩිම වට රවුම් 76
පළමු තරඟය 1991 Belgian Grand Prix
1992 Belgian Grand Prix
නවතම ජයග්‍රහණය 2006 Chinese Grand Prix
නවතම තරඟය 2006 Brazilian Grand Prix
2006 ස්ථානය 2nd (121 ලකුණු)

බෙනීටන් සමඟ ශූරතා 2ක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ෂූමාකර් 1996 දී ෆෙරාරි කණ්ඩායම වෙත මාරු වූ අතර, එහිදී වර්ෂ 2000 සිට 2004 කාලය තුළ ධාවක නාමයන් 5ක් අනුපිළිවෙලින් දිනා ගත්තේය. ෂූමාකර් ෆෝමියුලා එක අංශයේ බොහෝ තරඟ වාර්තා පිහිටුවා ඇත. ඒ අතරට වැඩිම ධාවක ශූරතාවය, තරඟ ජයග්‍රහණ, වැඩිම වේග වටරවුම්, පෝල් ස්ථාන, එකතු කර ගත් ලකුණු සහ තනි වාරයක දී වැඩිම තරඟ ජයග්‍රහණ ඇතුළත් වේ. සම්පූර්ණ පෝඩියම් අවසාන ලබා ගත් ප්‍රථම සහ එකම ෆෝමියුලා එක ධාවකයා ෂූමාකර් වේ (2002). ඔහුගේ ධාවනය සමහර අවස්ථාවල දී මත භේදයට තුඩු දුන්නේය. ඔහු දෙවරක් ගැටුම්වලට පත් වූ අතර එමඟින් ලෝක ශූරතාවයේ ප්‍රතිඵලය ද තීරණය විය. 1997 ලෝක ශූරතාවයේ දී ජේක්ස් විලනෙව් සමඟ වූ ගැටුමක් නිසා ඔහු තරඟයෙන් ඉවත් කෙරිණි.

2006 වර්ෂයේ ෆෝමියුලා එක තරඟවටය අවසන් වීමෙන් පසුව ෂුමාකර් රේස් ධාවනයෙන් විශ්‍රාම ගත්තේය.

ක්‍රීඩාවට අමතරව ෂූමාකර් UNESCO සංවිධානයේ තනාපතිවරයකු හා රියදුරු ආරක්ෂාව සඳහා කතා නියෝජිතයකු ලෙස කටයුතු කරයි. ඔහු ජීවිත කාලය පුරා විවිධ මානුෂීය ක්‍රියාකාරකම්හි නිරතව සිටින්නෙකි. ඔහු ලන්දේසි Tourenwagen Masters රියදුරු රැල්ෆ් ෂූමාකර්ගේ වැඩිමහල් සහෝදරයාය.

ඔහු දැනට 2008 ෂුඩරියා ෆෙරාරි F1 කණ්ඩායම සඳහා උපදේශකවරයෙක් හා විශේෂ පරීක්ෂක රියදුරෙකු ලෙස කටයුතු කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ෂූමාකර්&oldid=482728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි