ජාතිය සම්පූර්ණ

භෛරව රාගය
භෛරව රාගය නිරූපිත රාගමාලා සිතුවමක්.
ථාට් භෛරව්
ආරෝහණ රි ග ම ප නි ස'
අවරෝහණ ස' නි ප ම ග රි
පකාඩ් ග ම ප ග ම රි රි
වාදි
සංවාදි රි
ප්‍රහාර් (කාලය) උදෑසන (ප්‍රථම් ප්‍රහාර්)


හින්දුස්තානි සංගීතයේ ථාට 10 අතරේ වන භෙෙරව නම් වූ ථාටයෙන් ජනිත රාගයකි.භෙෙරව ථාටයේ අාශ්රය රාගයයි.සම්පූර්ණ ජාතියේ රාගයකි.

අාරෝහණ - ස,රි,ග,ම,ප,ධ,නි,ස

(අාරෝහණයේ රි හා ධ කෝමළ හා අවසානයේ අැති ස උච්ච විය යුතුමය.)

අවරෝහණ - ස,නි,ධ,ප,ම,ග,රි,ස

(අවරෝහණයේ රි හා ධ කෝමළ හා මුලින්ම අැති ස උච්ච විය යුතුමය.)

මුක්යාංගය - ස,ගම,ප,ධප (ධ කෝමළ වේ.)

ධෙෙවතය වාදි වන අතර රිෂභය සංවාදි වේ.සූර්යෝදයේ ගායන වාදන කට යුතු.මෙම රාගය කාලිංගඩා රාගයේ ඡායාවෙන් මුදාගත යුතුය.කාලිංගඩා රාගයේ රිෂභය හා හා ධෙෙවතය මත අාන්දෝලන් නොකරයි.නමුත් භෙෙරව රාගයේ රිෂභය හා හා ධෙෙවතය මත විශේෂයෙන්ම අාන්දෝලන් කරන අතර කාලිංගඩා රාගයෙන් භෙෙරව රාගය මිදීමට එම අාන්දෝලනය වැදගත් වේ.භෙෙරවයේ අාරෝහණයේ රිෂභය දුර්වල ය.ඒ නිසා නි,ස,ගම,ප ස,ගම,ප වැනි සංගති නිර්මාණය වේ.තව ද ම හා කෝමළ රි අතර ම,රි සංගතිය මීන්ඩ් ක්රමයටත් (ම),රි ලෙස මුර්කි ක්රමයටත් යෙදේ.කර්ණාටක සංගීත පද්ධතියේ භාවිත වන මායාමාලවගෞලෙෙ රාගය හින්දුස්තානියේ භෙෙරව රාගයට සමාන රාගයයි.

රාග විවරණ සංස්කරණය

භෛරව රාගය රාග විවරණ
ථාටය (මේලය) භෛරව
ආරෝහණ ස, රි, ග, ම, ප, , නි,
අවරෝහණ ස, නි, , ප, ම, ග, රි, ස
ජාතිය සම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය රි
මුඛ්‍යාංගය
ගායන සමය උදෑසන (ප්‍රථම් ප්‍රහාර්)
රස
"https://si.wikipedia.org/w/index.php?title=භෛරව_රාගය&oldid=651371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි