බෝඹුරු ඇල්ල

ශ්‍රී ලංකාවේ දිය ඇල්ලක්

බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි. බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ලයනුවෙන්ද හදුන්වයි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කමායිම් වලට සමීපව, වැලිමඩ නගරයේසිට කිලෝ මීටර 15 ක් පමණදුරින් ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම්වසමේ පෙරවැල්ල ගම්මානයේ සීතා එළිය- කඳපොල රක්ශිතයේ පිහිටාතිබේ.උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පලලින් මීටර් 20ක් පමණ වේ. මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන දූල්ගල ගඟ මීටර් 1842 ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පවුවකින් කොටස් හතරක් පමණ වෙන්ව ඇද හැලීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය කරයි.

බෝඹුරු ඇල්ල
Map
පිහිටීමපේරවැල්ල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°56′51″N 80°49′51″E / 6.94750°N 80.83083°E / 6.94750; 80.83083 (Bomburu Ella)ඛණ්ඩාංක: 6°56′51″N 80°49′51″E / 6.94750°N 80.83083°E / 6.94750; 80.83083 (Bomburu Ella)

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බෝඹුරු_ඇල්ල&oldid=588147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි