බැලක්ලාවා (හිස්වැස්ම)

බැලක්ලාවා හෙවත් බැලක්ලාවා හිස්වැස්ම හෝ හිම මුහුණු වැස්ම යනුවෙන් හඳුන්වන්නේ මුහුණේ කොටසක් පමණක් නිරාවරණය වන සේ පැළඳිය හැකි රෙදි හිස්වැස්මකි. මෙය පළඳින ආකාරය අනුව ඇස් පමණක්, මුඛය සහ නාසය හෝ මුහුණේ ඉදිරිපස කොටස නිරාවරණය වීම තීරණය වේ. සම්පූර්ණ මුහුණ සඳහාම විවෘත වීමක් සහිත ඇතැම් හිස්වැසුම් අකුලා හිසේ මුදුන ආවරණය වන තොප්පියක් ලෙස හෝ පහළට අකුලා ගෙලවටා කොලරයක් ලෙස භාවිතා කළ හැක.

බැලක්ලාවාව පැළඳිය හැකි විවිධ ආකාර
තුන් සිදුරු දඟර-ගෙතුම් බැලක්ලාවාවක්

මෙම නාමය භාවිතයට පැමිණියේ ක්‍රිමියානු යුධ සමයේ බැල්ක්ලාවාහි සටනේ දී මෙම ආකාරයේ හිස්වැසුම් භාවිතයට ගැනීම නිසායි. බැල්ක්ලාවා යනු ක්‍රිමියාවේ සෙවැස්ටොපොල් නගරය අසල පිහිටි ස්ථානයකි.[1]

ඉතිහාසය සංස්කරණය

සම්ප්‍රදායික බැලක්ලාවා හිස්වැසුම් දඟර-ගෙතුම් වූල්වලින් නිර්මාණය කෙරිණි. නමුත් වර්තමානයේ ඒවා සේද, කපු, පොලිප්‍රොපිලීන්, නියෝප්‍රීන්, ඇක්‍රිලික් හෝ ලොම්වලින් නිර්මාණය කෙරේ.

මෙම ආකාරයේ හිස්වැස්මක් 19වන සියවසේ උහ්ලාන් හිස්වැස්ම හෝ ටෙම්ප්ලර් හිස්වැස්මක් ලෙස හැඳින්විණි.[2]

1854 ක්‍රිමියානු යුද්ධයේ දී, දැඩි ශීත දේශගුණයෙන් ආරක්ෂා වීම පිණිස බ්‍රිතාන්‍ය හමුදා වෙත අතින් මැසූ බැලක්ලාවා හිස්වැසුම් සපයා තිබේ. සිය සැපයුම් (උණුසුම් ඇඳුම්, ‍කාලගුණප්‍රතිරෝධී නිවාස, සහ ආහාර) නිසි වේලාවට නොලැබුණු බැවින් මෙය ඉතා වැදගත් අවශ්‍යතාවක් විය.[3] රිචඩ් රට් අනුව, ඔහුගේ History of Handknitting (හස්ත ගෙතුම් කලාවේ ඉතිහාසය) තුළ දක්වා ඇති පරිදි, ඉහත "බැලක්ලාවා හිස්වැස්ම" යන වදන යුධ සමයේ භාවිතා වූවක් නොවේ. එය හමුවන්නේ 1881 තරම් පසුකාලයක ය.[2]

භාවිත සංස්කරණය

උණුසුම ලබාගැනීම සංස්කරණය

 
කොලින් ස්කිනර් 2009 උතුරු ඩැකෝටාවේ හිමකුණාටුවක් පවතින අවස්ථාවක බැල්ක්ලාවාවක් පැළඳ සිටින අයුරු

වර්තමානයේ බැලක්ලාවාවන් ස්කී ක්‍රීඩා සහ හිම පුවරු ක්‍රීඩා වැනි එළිමහන් ශිශිර ක්‍රීඩාවල දී සුළඟින් මුහුණ ආරක්ෂා කරගෙන උණුසුම්ව පවත්වා ගැනීමට භාවිතා වේ. මේවා මෝටර් සයිකල් ධාවකයන් අතර ද ප්‍රචලිත ය.

ආරක්ෂාව සංස්කරණය

ගිනි නිවන භටයින් භාවිතා කරන මුහුණු වැසුම් ප්‍රභේදය නොමෙක්ස්වලින් තැනූ ගිනි-ප්‍රතිරෝධී ප්‍රභේදයකි. මෙහි ඔවුන්ගේ ස්වයං-අන්තර්ගත ශ්වසන උපකරණය (SCBA) මගින් ආවරණය වන විවරයක් ඇත.

විද්‍යුත් කාර්මිකයින් ශක්තිමත් ආම්පන්න සමග කටයුතු කිරීමේ දී මුහුණු පලිහ සමග බොහෝවිට චාප-දැල්ල අනුව ඇගැයූ හිස්වැසුම් ප්‍රභේදයක් භාවිතා කරනු ලැබේ.

Fédération Internationale de l'Automobile සංවිධානය විසින් අනුමත අවස්ථාවල තරග රියැදුරන් විසින් සිය හෙල්මටයට පහළින් ගිනි-ප්‍රතිරෝධී අමුද්‍රව්‍යයකින් තැනූ බැලක්ලාවාවක් පැළඳිය යුතු යැයි පවසා ඇත. අන්තර්ජාතික ක්‍රීඩා ලේඛ‍නයෙහි ඇතුළත් ධාවන අවස්ථා, කඳු-නැගීම්, පෙළපාලි සහ රට-හරහා යාමේ ඉසව්වල දී, සියලු තරග රථ ධාවකයින් සහ සහායක-ධාවකයින් උඩු කබායට අමතරව අත්වැසුම් (සහ-ධාවකයින්ට සිය මනාපයක් කළ හැක), දිගු යටඇඳුම්, බැලක්ලාවාවක්, මේස් සහ FIA 8856-2000 ප්‍රමිතියට අනුකූල සපත්තු පැළඳිය යුතු යැයි නියමයක් පවතියි.[4]

යුධ සහ පොලිස් භාවිතය සංස්කරණය

 
1980 ලන්ඩනයේ ඉරාන තානාපති කාර්යාල ප්‍රහාරයේ දී පැනයන ප්‍රාණ ඇපකරුවකු (වම් පස) සහ SAS භටයකු (දකුණුපස) දැක්වෙන ඡායාරූපයක්.

1980 ලන්ඩනයේ ඉරාන තානාපති කාර්යාලය (නිම්රොඩ් මෙහෙයුම) වලෑමේ දී බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවා (SAS) භටයින් බැලක්ලාවා හැඳ සිට ඇත. මෙලෙස බැලක්ලාවා පැළඳ සිය අනන්‍යතාව සඟවා ගන්නට ඔවුන් උත්සාහ දරන්නේ ඇතැම් SAS භටයින් උතුරු අයර්ලන්තයේ 'සාමාන්‍ය ජනයා' ලෙස රහසිගතව සේවයේ යෙදෙන බැවිනි. තානාපති කාර්යාල මෙහෙයුමෙන් පසු ඔවුනට එම පළාතේ සිය රාජකාරි යළි ආරම්භ කළ හැකිව තිබිණි.

ඉන්දියානු උපමහාද්වීපය තුළ, සාමාන්‍යයෙන් බැල්ක්ලාවා හිස්වැසුම් වඳුරු තොප්පි ලෙස හඳුන්වන්නේ ඒවා සාමාන්‍යයෙන් පොළොවේ වර්ණයෙන් සකසා ඇති නිසාත්, එමගින් මුහුණේ බොහෝ ලක්ෂණ ආවරණය කෙරෙන නිසාත් ය. ඇතැම් වඳුරු තොප්පිවල මුදුනේ කුඩා, විසිතුරු, වූල් පොම්-පොම් අංගයක් පිහිටයි. මේවා සාමාන්‍යයෙන් සීතලෙන් ආරක්ෂා වීමට හිමාලයානු සේවයේ නිරත සෙබලුන් විසින් භාවිතා කරනු ලබයි.[5]

එක්සත් ජනපද මැරින් බලකාය විසින් මෑතක සිට ගිනි ප්‍රතිරෝධී සංවිධාන ඇඳුමේ කොටසක් ලෙස මුහුණු ආවරණයක් සමග සම්බන්ධ කළ බැලක්ලාවාවක් නිර්දේශ කොට ඇත.[6][7]

1980 දශකයේ පසුකාලයේ පෙරෙස්ත්‍රොයිකා වර්ෂවල බැලක්ලාවාව සම්මත OMON (විශේෂ පොලිස් කාර්ය බලකාය) නිලඇඳුමේ කොටසක් බවට පත් විය. මෙහි සැබෑ අරමුණ වූයේ නිලධාරීන්ගේ අනන්‍යතාව රැකගෙන සංවිධානගත අපරාධවලින් ඇතිවන තර්ජන මගහැරවීමයි. 90 දශකයේ සංවිධානගත අපරාධ ප්‍රමාණය වැඩිවූ හෙයින්, කළු බැලක්ලාවා පැළඳ ආයුධ දරා සිටින මිනිසුන් නිරූපිත රූපවාහිනී දර්ශන ප්‍රචලිත විය. සංවිධානගත අපරාධ ප්‍රමාණය අවම වීමත් සමග, කෙසේනමුත්, බැල්ක්ලාවාව තැතිගැන්වීම් සඳහා භාවිතා වූ වස්ත්‍රයක් බවට පත්වූයේ එමගින් පළඳන්නාගේ මුහුණේ ලක්ෂණ ආවරණය කොට අනන්‍යතාව හඳුනාගැනීමට බාධා කරන නිසායි. සන්නද්ධ රුසියානු පොලීසිය සාමාන්‍යයෙන් බැලක්ලාවා පැළඳ සුදු කරපටි පරිශ්‍රයන් (සාමාන්‍යයෙන් මොස්කව් තුළ) තුළ සෙවීම් මෙහෙයවීම සිදුකරයි. මෙවැනි වටලෑම් රුසියාව තුළ "maski shows" ලෙස ප්‍රකට වූයේ, 1990 දශකයේ ප්‍රකට චිත්‍රකතා රූපවාහිනී වැඩසටහනක් ඇසුරෙනි.[8]

සැඟවීම සංස්කරණය

 
බළල් කැරැල්ල

බැලක්ලාවාව ඇතැම්විට SWAT සහ විශේෂ හමුදා නිලධාරීන් විසින් සිය වෘත්තීය කටයුතු සඳහා භාවිතා කිරීමට අමතරව ඇතැමුන් නීතිවිරෝධී කටයුතු සැඟවීමට ද යොදා ගනියි. මෙය ඇතැම් අවස්ථාවන්හි දී නීතිවිරෝධී හමුදා බලකායන් විසින් සිය අනන්‍යතාවන් සැඟවීමට යොදා ගෙන ඇත. තාවකාලික අයිරිෂ් ජනරජ හමුදාව සහ සෙසු හමුදාවන් සිය මෙහෙයුම්වල දී බැලක්ලාවා පළඳින බව ප්‍රකට කරුණකි.

කෙන්ට්හි බ්‍රිතාන්‍ය පොලීසිය විසින් War on Terror නැමැති පුවරු ක්‍රීඩාව රාජසන්තක කරන ලද්දේ එහි බැලක්ලාවාව අන්තර්ගත හෙයිනි. පොලීසිය පැවසූයේ එය "අපරාධකාරී ක්‍රියාවන්හි දී යම් තැනැත්තකුගේ අනන්‍යතාව සැඟවීමට භාවිතා කළ හැකි නිසා බවයි".[9]

2012 අගෝස්තු මස ප්‍රංශයේ මාර්සේලිහි දී, බළල් කැරැල්ල (Pussy Riot) සංවිධානයේ බැලක්ලාවා පැළඳි ආධාරකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනුණේ මුහුණ ආවරණය පිළිබඳ ප්‍රංශ තහනම අනුව ය.[10]

ඕස්ට්‍රේලියානු සංගීත කණ්ඩායමක් වන TISM කණ්ඩායම සියලු මහජන ප්‍රදර්ශනයන්හි දී බැල්ක්ලාවා පැළඳ සිය අනන්‍යතාව සඟවා ගත්හ.

ඇමරිකානු විකාර පොප් සංගීත කණ්ඩායමක් වන Twenty One Pilots සංගීත කණ්ඩායම විසින් "Guns for Hands" සහ "Car Radio" වැනි සංගීත වීඩියෝවල බැලක්ලාවා පැළඳ සිටිනු දක්නට ලැබේ. එසේම ඔවුන්ගේ The Emotional Roadshow නැමැති 2016-17 සංචාරයේ දැන්වීම සඳහා ද ඔවුහු එලෙස පෙනී සිටියහ.

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. ගේම්ස්, ඇලෙක්ස් (2007). Balderdash & piffle : one sandwich short of a dog's dinner. ලන්ඩන්: BBC. ISBN 978-1-84607-235-2.
  2. 2.0 2.1 රිචඩ් රට්, A History of Handknitting, ලන්ඩන් 1987, පිටු 134–5. (මෙහිමුල් මුද්‍රණයෙහි 1854දී සිදුවූ බැලක්ලාවාහි සටන සඳහා ලබා දී ඇති දිනය මුද්‍රණ දෝෂයක් බව සලකන්න.)
  3. ෂෙෆර්ඩ්, ජෝන් (1991). The Crimean Doctors: A History of the British Medical Services in the Crimean War. Vol. 1. ලිවර්පූල් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. pp. 296–306.
  4. "Archived copy" (PDF). 2011-07-11 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-06-24. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  5. ඝෝෂ්, සුබීර් (2005) "Thanda lege jabey" ලිපිය 19 නොවැම්බර් Hindusthan Times තුළ
  6. [1] සංරක්ෂණය කළ පිටපත 2012-10-29 at the Wayback Machine
  7. [2] සංරක්ෂණය කළ පිටපත 2012-09-16 at the Wayback Machine
  8. ක්‍රේමර්, ඇන්ඩෲ ඊ. (2011-08-31). "Memo to Exxon: Business With Russia May Involve Guns and Balaclavas". The New York Times.
  9. "Latest news from Cambridge & Cambridgeshire. Cambridge sports, Cambridge jobs & Cambridge business – War On Terror board game seized by police". Cambridge-news.co.uk. 2012-08-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-15.
  10. "Pro-Pussy Riot demonstrators arrested in Marseille". English.rfi.fr. සම්ප්‍රවේශය 2012-08-28.

බාහිර සබැඳි සංස්කරණය

  •   Balaclavas හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

සැකිල්ල:Hats

"https://si.wikipedia.org/w/index.php?title=බැලක්ලාවා_(හිස්වැස්ම)&oldid=393045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි