බර්ටෝල් බ්‍රෙෂ්ට්

ජර්මන් ජාතික නාට්‍යකරුවෙක් , අධ්‍යක්ෂවරයෙක් හා කවියෙකි. සම්ප්‍රදායික නාට්‍ය ශෛලියෙන් මිදී නව ආරක නාට්‍ය ශෛලියක් ලොවට හඳුන්වා දුන් බ්‍රෙෂ්ට් හිට්ලර් ගෙන් දිවි ගලවා ගැනීමට ජර්මනියෙන් පලාගියේය. Mother Courage , The Caucasian Chalk Circle යන නාට්‍ය ඔහුගේ ශ්‍රේෂ්ට නාට්‍ය අතරින් සමහරකි.

බර්ටෝල් බ්‍රෙෂ්ට්
අත්සන බර්ටෝල් බ්‍රෙෂ්ට් (1898–1956)
අත්සන බර්ටෝල් බ්‍රෙෂ්ට් (1898–1956)

බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය හෙන්රි ජයසේන ශුරින් විසින් සිංහලට නගා ලංකාවේ රග දක්වා ඇත. එකදහස් නවසිය හැත්තෑව දශකයේ ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ ලෙස ශ්‍රී ලාංකික බහුතර විචාරක පිළිගැනීමයි. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්‍යයක් පමණක් නොව, නාට්‍යකරු‍වෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්‍රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ අතිශය වැදගත් බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්‍ර රංග රීතිය තුළ ගීතය ද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රිගේ මෙම නාට්‍ය රීතිය හේතුවෙන් ශ්‍රි ලාංකිකයන්ට බ්‍රෙස්ට්ගේ නාට්‍ය ශෛලිය හදුනාගැනීමට තිබූ අවස්ථාව මග හැරී යාම අවාසනාවන්ත තත්වයකි.

"https://si.wikipedia.org/w/index.php?title=බර්ටෝල්_බ්‍රෙෂ්ට්&oldid=653668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි