බයිකොනූර් කොස්මොඩ්‍රෝමය

බයිකොනූර් කොස්මොඩ්‍රෝමය (ඉංග්‍රීසි: Baikonur Cosmodrome; කසාක්: Байқоңыр ғарыш айлағы; රුසියානු: Космодром Байконур, romanized: Kosmodrom Baykonur, [kɐsməˈdrom bɐjkəˈnʊr]) යනු රුසියාවට බදු දී ඇති දකුණු කසක්ස්තානයේ පිහිටි අභ්‍යවකාශ තොටුපළකි. මෙම කොස්මොඩ්‍රෝමය කක්ෂීය සහ මානව දියත් කිරීම් සඳහා වන ලොව ප්‍රථම අභ්‍යවකාශ තොටුපළ වන අතර විශාලතම (භූමි ප්‍රමාණයෙන්) මෙහෙයුම් අභ්‍යවකාශ දියත් කිරීමේ පහසුකම වේ. සියලුම කාර්ය මණ්ඩල සහිත රුසියානු අභ්‍යවකාශ පියාසැරි බයිකොනූර් සිට දියත් කෙරේ.

බයිකොනූර් කොස්මොඩ්‍රෝමය

කසාක්: Байқоңыр ғарыш айлағы
Baıqońyr ǵarysh aılaǵy
රුසියානු: Космодром Байконур
Kosmodrom Baykonur
බයිකොනූර් කොස්මොඩ්‍රෝමයේ "ගගාරින් ඇරඹුම" සෝයුස් දියත් කිරීමේ පුවරුව 2008 ඔක්තෝබර් 10 Soyuz TMA-13 දියත් කිරීමට පෙරාතුව.
Summary
ගුවන්තොටුපොළ වර්ගයඅභ්‍යාවකාශ තොටුපොළ
හිමිකරු/ක්‍රියාකරුරොස්කොස්මොස්
රුසියානු අභ්‍යවකාශ හමුදා
Locationකසක්ස්තානය (රුසියාවට බදු දී ඇත.)
Time zoneUTC+06:00 (+06:00)
Elevation AMSL90 m / 295 ft
Coordinates45°57′54″N 63°18′18″E / 45.965°N 63.305°E / 45.965; 63.305ඛණ්ඩාංක: 45°57′54″N 63°18′18″E / 45.965°N 63.305°E / 45.965; 63.305
Websitebaikonurtour.com
Map
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය is located in Kazakhstan
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය is located in Russia
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය is located in the Soviet Union
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය

අභ්‍යවකාශ තොටුපළ ඇත්තේ ඒරල් මුහුදට කිලෝමීටර් 200ක් (සැතපුම් 120) නැගෙනහිරින් සහ සිරි දර්යා නදියට උතුරින් බයිකොනූර් ස්ටෙප්ස් කාන්තාර භූමියේ ය. එය ටියුරාටම් දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 90 (අඩි 300) පමණ ඉහළින් පිහිටා ඇත. අභ්‍යවකාශ තොටුපළ දැනට කසකස් රජය විසින් රුසියානු සමූහාණ්ඩුව වෙත 2050 දක්වා බදු දී ඇති අතර එය කළමනාකරණය කරනු ලබන්නේ රොස්කොස්මොස් සහ රුසියානු අභ්‍යවකාශ හමුදාවන් විසින් ඒකාබද්ධව ය. බදු දී ඇති ප්‍රදේශයේ හැඩය ඉලිප්සයක් වන අතර එය නැගෙනහිර-බටහිර කිලෝමීටර් 90 (සැතපුම් 56) උතුරු-දකුණෙන් කිලෝමීටර් 85 (සැතපුම් 53) ක් වන අතර, කොස්මොඩ්‍රෝමය මධ්‍යයේ පිහිටා ඇත.

බයිකොනූර් කොස්මොඩ්‍රෝමය, 1955 ජුනි 2 වන දින පැරණි සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පිහිටුවන ලදී. එය මුලින් ගොඩනඟා ඇත්තේ සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ මෙහෙයුම් පදනම ලෙස ය. ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන ස්පුට්නික්-1 සහ ප්‍රථම මානව අභ්‍යවකාශ ගමන වන වොස්ටොක් 1 යන දෙකම බයිකොනූර් සිට දියත් කරන ලදී. වොස්ටොක් 1 හි නියමුවා සහ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ සෝවියට් අභ්‍යවකාශගාමි යූරී ගගාරීන්ට ගෞරවයක් වශයෙන් මෙහෙයුම් දෙකම සඳහා භාවිතා කළ දියත් කිරීමේ පෑඩ් ගගාරින් ඇරඹුම ලෙස නම් කර ඇත. වත්මන් රුසියානු කළමනාකාරිත්වය යටතේ, බයිකොනූර් කාර්යබහුල අභ්‍යවකාශ තොටුපළක් ලෙස පවතී, වාර්ෂිකව වාණිජ, මිලිටරි සහ විද්‍යාත්මක මෙහෙයුම් ගණනාවක් මෙහි සිට දියත් කෙරේ.