මුණසිංහ ආරච්චිලාගේ දොන් බන්දු (ඉංග්‍රීසි: Bandu Munasinghe) හෙවත් බන්දු මුණසිංහ, ශ්‍රී ලංකා සිනමා නළුවෙකි.[1][2] විශේෂයෙන්ම සිනමාවේ දුෂ්ට චරිතවල රඟපෑ මුණසිංහ ශ්‍රී ලාංකේය රිදී තිරයේ ප්‍රථම සටන් අධ්‍යක්ෂවරයාද වේ.[3]

බන්දු මුණසිංහ
Bandu Munasinghe
උපත1936 මාර්තු 16
මියගිය දිනය5 February 2005(2005-02-05) (වයස 68)
ඇඹිලිපිටිය, ශ්‍රී ලංකාව
නිවහනශ්‍රී ලාංකික
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයහේවාවිතාරණ විද්‍යාලය, රාජගිරිය
නාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවසටන් අධ්‍යක්ෂ, චිත්‍රපට නළු
ප්‍රසිද්ධව ඇත්තේසිංහල සිනමාවේ ප්‍රථම සටන් අධ්‍යක්ෂවරයා, චිත්‍රපට සටන් නළු
කලත්‍රයා(යන්)ජයන්ති මුණසිංහ (මී. 1967)
ආගමබෞද්ධ

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු 1936 මාර්තු 16 වැනිදා බොරැල්ලේ උපත ලැබීය. ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබුවේ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයෙන් සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දැක්වීය. මේ නිසා පාසලෙන් පසු ටික කලක් හමුදාවට බැඳුණු ඔහු බොක්සිං දස්කම් පෙන්වීය.[3]

ඔහු ජයන්ති මුණසිංහ සමඟ විවාහ වූ අතර එහිදී 1967 මාර්තු 16 වන දින විවාහ උත්සවය පවත්වන ලදී.[3]

වසර තිස්පහක් සිනමා තරුවක් වූ මුණසිංහ 1993 දී හදිසියේ රෝගාතුර විය. ඔහු රත්නපුරේ ඇඹිලිපිටිය ප්‍රදේශයට ගිය අතර එහිදී එක් කකුලක් කපා ඉවත් කරන ලදි. ඔහු 2005 පෙබරවාරි 5 වන දින වයස අවුරුදු 69 දී මිය ගියේය.[4]

වෘත්තීය ජීවිතය සංස්කරණය

1958 දී සටන් නළුවන් වූ එම්. ගිල්මන් සහ එම්.පී. ගැමුණු යන දෙදෙනා මුණසිංහට කිරිබත්ගොඩ සිරිසේන විමලවීරගේ නවජීවන චිත්‍රාගාරයේ උදේ 10 ට පමණ සිටින ලෙස දැනුම් දුන්හ. නවජීවන චිත්‍රාගාරයේදී ඔහු සිය මංගල සිනමා රංගනය කළේ මා ආලේ කල තරුණිය චිත්‍රපටියෙනි.[4] මුණසිංහ සටන් නළුවකු ලෙස රඟපෑ දෙවන චිත්‍රපටය වූයේ 1961 වසරේ ගිල්මන්ගේ අධ්‍යක්ෂණයෙන් ජනප්‍රිය වූ වැඩබිම චිත්‍රපටියයි. ඉන්පසුව, දස්කොන්, වෙන ස්වර්ගයක් කුමටද?, දීපාශිකා, ගැටවරයෝ යන චිත්‍රපටවල රඟපෑවා. 1965 දී ඔහු සිය වෘත්තීය ජීවිතයේ ප්‍රථම වරට දුෂ්ට චරිතයක් සඳහා තෝරාගනු ලැබුවේ සාරවිට චිත්‍රපටියෙනි. පසුව ධීවරයෝ, සත පනහ, ස්වීප් ටිකට්, දරු දුක වැනි චිත්‍රපටවලද සටන් නළුවකු ලෙස රඟපෑමට අවකාශ ලැබුනි.[3]

ඔහු ප්‍රධාන දුෂ්ට චරිත සඳහා චිත්‍රපට කිහිපයකම සටන් ජවනිකාවල දිගටම කටයුතු කළේය, විශේෂයෙන් සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, හතර දෙනම සූරයෝ, සිංගප්පූරු චාලි, සුලි සුළඟ සහ හිත හොඳ මිනිහෙක් වැනි චිත්‍රපටවල ඔහුගේ සටන් කැපී පෙනුනි. සිනමාවේ ඔහුගේ ප්‍රධාන පෙරළිය සිදු වූයේ 1964 දී එම්. එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කරන ලද "සිතක මහිම" චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයා ලෙසය. කෙසේ වෙතත් ඔහුගේ පළමු චරිතාංග රංගනය පැමිණියේ සේන දයානන්ද අධ්‍යක්ෂණය කළ තරංගා චිත්‍රපටය හරහාය. 1975 සතිශ්චන්ද්‍ර එදිරිසිංහ විසින් රචිත රජගෙදර පරවියෝ චිත්‍රපටයේ මුණසිංහ සහෘද සටන් නළු ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු සමඟ එක්ව යථාර්ථවාදී සටන් ජවනිකා නිර්මාණය කළේය.[3][5]

ඊට අමතරව ඔහු දක්ෂ කඩු සටන් විශේෂඥයෙකි. ඔහු කඩු සටන් ගැන ඉගෙන ගත්තේ ගාමිණී ෆොන්සේකා සහ එච්.ඩී.කුලතුංගගෙනි. මුණසිංහ රඟ පෑ චරිත අතර ප්‍රධාන නිළියට වධ හිංසා පමුණුවන දර්ශන ඇතුළත් වූයේ ආවා සොයා ආදරේ චිත්‍රපටයේය. 1970 ගණන්වල ඔහු පිළිවෙළින් සුගන්ධි (1979) සහ තරංගා (1975) චිත්‍රපටවල අග්‍රා සජීවනී සහ මානෙල් වානගුරු සමඟ චරිතාංග නිරූපණය කළේය.[3]

ආශ්‍රිත සංස්කරණය

  1. "Bandu Munasinghe filmography". Digital Identity of Sinhala Cinema. සම්ප්‍රවේශය 3 July 2020.
  2. "Bandu Munasinghe films". IMDb. සම්ප්‍රවේශය 3 July 2020.
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 "First Stunt Director of Sinhala Cinema". Sarasaviya. සම්ප්‍රවේශය 3 July 2020.
  4. 4.0 4.1 "Unforgettable". Daily Mirror. සම්ප්‍රවේශය 3 July 2020.
  5. "Fatal jumps in Sinhala cinema". Lankadeepa. සම්ප්‍රවේශය 3 July 2020.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බන්දු_මුණසිංහ&oldid=548916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි