බඩුතොග පාලනය හෝ තොග පාලනය යන්න පුළුල් වශයෙන් විස්තර කළහොත් "සාප්පුවක භාණ්ඩ තොග පරීක්ෂා කිරීමේ ක්‍රියාව " ලෙස අර්ථ දැක්විය හැකිය.[1] තවත් විශේෂයෙන් බඩු තොග පාලනය සලකා බැලුවහොත්:

  • බඩු තොග කළමණාකරනය කිරීම සඳහා මෙහෙයුම් කළමනාකරණය , සේවා සැපයුම් හා සැපයුම් දාම කළමනාකරණ , තාක්ෂණික පද්ධති සහ වැඩසටහන්ගත මෘදුකාංග අවශ්‍ය වේ.
  • එම තොග පාලන ප්‍රශ්නය, ආර්ථික විද්‍යාව හා මෙහෙයුම් කළමනාකරණය දී , විකුණුම් සදහා හානි නොදක්වා පොදු කාර්ය පිරිවැය අඩු කිරීම අරමුණු කරගෙන ඇත.  එය ඕනෑම සැපයුම් දාමයක මූලික ප්‍රශ්න 3 සදහා පිළිතුරු සපයයි:කවදද? කොහෙද? කොපමණ ද?
  • පාඩු වැළැක්වීමේ ක්ෂේත්‍රයේදී , පද්ධතිය Shoplifting සඳහා තාක්ෂණික බාධක හඳුන්වා දීම සඳහා නිර්මාණය කර ඇත.

බඩුතොග පාලන පද්ධතිය සංස්කරණය

බඩුතොග පාලන පද්ධතිය මගින් ඔබගේ සියලු බඩු තොග කොහෙද දැන සියල්ල ඕනෑම අවස්ථාවක ගිණුම්ගත වී ඇතී බව සහතික කරයි.[2] බඩුතොග පාලන පද්ධතිය හෝ පරිගණකගත බඩුතොග පාලන පද්ධතිය යනු භාණ්ඩ හෝ ද්‍රව්‍ය කළමනාකරණය සහ ස්ථානගතකිරීම් සඳහා වන ක්‍රියාවලියකි.[3] පොදු භාවිතයේ දී, මෙම පදය ද හුදෙක් මෘදුකාංග සංරචක ලෙස ගත හැක. බොහෝ සාප්පු දැන් බඩු තොග පාලන පද්ධති භාවිතා කරයි. මෙම "බඩු තොග/ තොග පාලන පද්ධතිය" යන පදය විවිධ අංශ ආකාරයෙන් රාක්ක මත හා ගබඩාකාමරය තුල ඇති භාණ්ඩ ප්‍රමාණ පාලනය හා නැවත අනුපිළිවෙලට සෑදීමේ ක්‍රියාවලිය නියෝජනය කරයි. ගබඩා පාලක මෘදුකාංගයකට ආවේනික ලක්ෂණ පහත ආකාර වේ: [4]

  • වෙළඳසැල් තුළ රාක්ක මත නිෂ්පාදන විකිණීමට තිබිය යුතු ප්‍රමාණය පමණක් ඇති බව සහතික කරයි
  • පාරිභෝගිකයකු විසින් නිෂ්පාදනයක් මිලදී ගත්විට එය හඳුනා ගනී.
  • ගබඩා කාමරයෙන් තවත් භාණ්ඩ රාක්ක මතට ගෙන ඒම (විකිණීමට සුදානම්) කළ යුතු වූ විට ස්වයංක්‍රීයව සංඥා ලබාදීම.
  • ස්වයංක්‍රීයව සුදුසු කාලයේදී ගබඩා සංකීර්ණයේ භාණ්ඩ, නැවත අනුපිළිවෙලට සැකසීම.
  • දේශීය කළමනාකරුවන්ගේ හා ප්‍රධාන කාර්යාලයේ භාවිතය සදහා කළමනාකරණ තොරතුරු වාර්තා ස්වයංක්‍රීයව නිෂ්පාදනය කිරීම.

මෙම පද්ධතිය මගින් අලෙවි වී ඇත දේ, කොතරම් ඉක්මනින් ද හා එහි මිල යනාදියෙහි විස්තර සපයයි. වාර්තා භාවිතයෙන් කුමන කාලයේදී අමතර නිෂ්පාදන මත ගබඩාගත භාණ්ඩ ප්‍රමාණ ඉහල යැවීම් සිදු කල යුතුද යන්න පිළිබද අනාවැකි පළ කිරීම සිදු කළ හැක උදාහරණයක් ලෙස, නත්තල් කාලයෙදී විශේෂ දීමනා ලබාදීම ගැන තීරණ ගැනීම, නිෂ්පාදන වල මිල අත්හිටුවීම් සහ තවත් එවන් තීරණ ගැනීම. නිෂ්පාදනය නැවත ඇනවුම් කීරීමේ තොරතුරු ගබඩාව වෙත පමණක් නොව, සෘජුවම භාණ්ඩ නිපදවන කර්මාන්ත ආයතන වෙත යැවීම මගින් නිෂ්පාදනවල උපරිම ඵල ලබා ගැනීම සඳහා කටයුතු කරයි.

 
සමග රැහැන් රහිත barcoder රීඩර්ස් docking station.

නවීන බඩුතොග පාලන පද්ධති බොහෝ විට රඳා පවතින්නේ බඩු තොග වස්තූන් ස්වයංක්‍රියව තීරු කේත(barcode) හා ගුවන් විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ(RFID) නවතක මගින් හඳුනාගැනීම මතය. බඩු තොග වස්තූන් ලෙස ඕනෑම ආකාරයක භෞතික වත්කම් ඇතුලත් විය හැක: වෙළෙඳ භාණ්ඩ , පාරිභෝජන (consumables), ස්ථාවර වත්කම් , සංසරණය මෙවලම්, පුස්තකාල පොත්, හෝ ප්‍රග්ධන උපකරණ . භාණ්ඩ ගනුදෙනු වාර්තා කිරීමට, පද්ධතිය විසින් තීරු කේත ස්කෑනරයක් (barcode scanner) හෝ RFID ස්කෑනරයක් භාවිතා කරමින් බඩුතොග වස්තුව ස්වයංක්රීයව හඳුනා ගැනීම සිදුකරයි, සහ පසුව ස්ථාවර පර්යන්ත ( වැඩපොළ ) හෝ ජංගම පරිගණක මෙහෙයවන්නන් හරහා අතිරේක තොරතුරු එකතු කරගනි.[5]මෙම බඩුතොග කළමනාකරණයේ නව ප්‍රවණතාවයක් ලෙස භාණ්ඩ හෝ නිෂ්පාදන නම් කිරීමට QR Code භාවිතා කර ස්මාර්ට්-ජංගම දුරකථන භාවිතා කර තොග ගණන් හා ව්‍යාපාරයේ වාර්තාවක් තබා ගැනීම දැක්විය හැක. මෙම නව පද්ධති , ක්ෂේත්‍ර සේවා මෙහෙයුම් සඳහා එනම් පරිගණක හා අතෙහි තබාගෙන භාවිතාකළ හැකි ස්කෑනර් යන්ත්‍ර නොමැති විටක බඩුතොග ගනුදෙනු වාර්තා හෝ ක්ෂේත්‍රය තුළ බඩු තොග බැලීමට අවශ්‍ය වූ විට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

වාසි සහ අවාසි සංස්කරණය

ගබඩා පාලන පද්ධති විසින් රාක්ක නිසි පරිදි ගබඩා වී ඇති බව සහතික වේ. ඕනෑවට වඩා තොග තිබේ නම්, එය සමාගමේ අයිරාවක් අඩුකිරීම සදහා, ව්‍යාපාරයේ ප්‍රචාරණ සදහා හෝ පාරිභෝගිකයන් වෙත වඩා හොද සේවාවක් සැපයීම සදහා වන මුදල් බැද තබා ගනී.ඕනෑවට වඩා තොග පැවතීම යනු සමහර නශ්‍ය භාණ්ඩ අලෙවියක් නොමැති වීම හා ඉවත් කිරීමට සිදුවීම විය හැකි අතර සහ මෙය බඩු තොග පාලන පද්ධතිය භාවිතය අඩු කිරීමට හේතු වීම නිසා අවාසි වඩා වැඩිවීම සිදු වනු ඇත.

බඩු තොග ප්‍රශස්තකරණය සංස්කරණය

බඩු තොග ප්‍රශස්තකරණය යනු ප්‍රාග්ධන ආයෝජන සීමාවන් හෝ අරමුණු හා stock-keeping units (SKUs) වල විශාල එකතුවක සේවා මට්ටම, ඉල්ලුම සහ සැපයුම අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් තුලනය කරන ක්‍රමයකි.

බඩු තොග කළමනාකරණ මෘදුකාංග සංස්කරණය

බඩු තොග කළමනාකරණ මෘදුකාංග යනු පරිගණක තාක්ෂනය මත පදනම් වෙමින් බඩුතොග මට්ටම්, ඇනවුම්, විකුණුම් සහ බෙදාහැරීම් පිළිබද තොරතුරු රැස් කර තබාගන්න පද්ධතියකි. එසේම එය නිෂ්පාදන කර්මාන්තයේ වැඩ කළමනාකරණ සටහන්, අමුද්‍රව්‍ය බිල්පත් හා අනෙකුත් නිෂ්පාදන ආශ්‍රිත ලිපි ලේඛන නිර්මාණය කිරීම සදහා ද භාවිතා කළ හැක. ආයතන බඩුතොග කළමනාකරණය මෘදුකාංග නිෂ්පාදන භාණ්ඩ අතිරික්ත (overstock) හා ඇනහිටීම් වීම වැලක්වීමට භාවිතා කරයි. එය පෙර සාමාන්‍යයෙන් දෘඪ-පිටපතක් ආකාරෙයන් හෝ පැතුරුම්පත් ආකාරයෙන් ගබඩා කර තිබු බඩුතොග පිළිබද දත්ත සංවිධානය කිරීම සඳහා භාවිත වන මෙවලමක්ය .තොග වල බැඳ අඩු මුදල් සමග තරග කළ හැකි බෙදාහරින්නන්ට ඔවුන්ගේ තරගකරුවන්ට වඩා සුවිශේෂී වාසියක් ඇති බැවින් එය බොහෝවිට සංයෝජිත මෙන්ම බෙදාහැරීම් මෘදුකාංග වලට සමාන වේ.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "stock control - definition". Macmillan Dictionary. සම්ප්‍රවේශය 1 September 2013.
  2. "What is Inventory Control? | TradeGecko". www.tradegecko.com. සම්ප්‍රවේශය 2015-11-23.
  3. "Inventory Management Processes | Delivrd". www.delivrd.com. සම්ප්‍රවේශය 2015-12-04.
  4. "Free Stock Control Software for your Company". EGA Futura Business Encyclopedia. සම්ප්‍රවේශය 1 September 2013.
  5. MIDCOM Data Technologies, Inc.,. "Grocery Store Inventory Control". Midcomdata. සම්ප්‍රවේශය 6 August 2014.{{cite web}}: CS1 maint: extra punctuation (link) CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=බඩුතොග_පාලනය&oldid=469045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි