බටහිර චෞ

පුරාතන චීනයේ රාජවංශය

බටහිර චෞ (චීන: 西周; පින්යින්: Xīzhōu; ක්‍රි.පූ. 1045 පමණ[1] – ක්‍රි.පූ. 771) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ පළමු අර්ධයයි. මෙය ආරම්භ වූයේ චෞ හි වූ රජ මුයේ සටනේ දී ෂෑං රාජවංශය බලයෙන් පහකිරීමත් සමඟයි. මෙය අවසන් වූයේ ක්‍රි.පූ. 771දී චුවැන්රොං සංචාරක ගෝත්‍රිකයින් විසින් හඔජිං අගනුවර යටත් කොටගෙන චෞ හි යෞ රජ මරාදැමීමත් සමඟයි.

බටහිර චෞ මුල්කාලීන ‍රාජ්‍යය[lower-alpha 1] වසර හැත්තෑ පහක් පමණ තෙක්ම සාර්ථකව පැවති අතර, අනතුරුව ක්‍රමයෙන් පරිහානියට පත් විය. පැරණි ෂෑං භූමිය ප්‍රවේණි නින්දගම් අනුව බෙදා වෙන්කළ අතර, ඒවා රජු වෙතින් ක්‍රමයෙන් ස්වාධීන වන්නට පටන් ගත්තේ ය. ක්‍රි.පූ. 771 දී, චෞවරුන්ව වෙයි ගංගා නිම්නයෙන් ඉවතට පලවා හැරුණු අතර, අනතුරුව සැබෑ රාජ්‍ය බලය රජුගේ නාමික යටත් රාජ්‍ය සතු විය.

රජවරු සංස්කරණය

මරණාපර නාමය පෞද්ගලික නාමට රාජ්‍ය සමය (සියලු වර්ෂ ක්‍රි.පූ. වලිනි)[lower-alpha 2]
ෂෝනෙසී[4] XSZ ව්‍යාපෘතිය[5]
චෞ හි වෙන් රජ චැං (昌) 1099–1050[lower-alpha 3]
චෞ හි වූ රජ ෆා (發) 1049–1043[lower-alpha 3] 1046–1043
චෞ හි චෙං රජ සොං (誦) 1042–1006 1042–1021
චෞ හි කං රජ චාඕ (釗) 1005–978 1020–996
චෞ හි චාඕ රජ ෂියා (瑕) 977–957 995–977
චෞ හි මූ රජ මන් (滿) 956–918 976–922
චෞ හි ගොං රජ යිහූ (繄扈) 917–900 922–900
චෞ හි යිහ් රජ ජියාන් (囏) 899–873 899–892
චෞ හි ෂියාඕ රජ පිෆැං (辟方) 872–866 891–886
චෞ හි යි රජ ෂියේ (燮) 865–858 885–878
චෞ හි ලී රජ හූ (胡) 857–842 877–841
ගොංහේ රාජ්‍යාධිකාරීත්වය 841–828 841–828
චෞ හි ෂුවාන් රජ ජිං (靜) 827–782 827–782
චෞ හි යෞ රජ ගොංනියේ (宮涅) 782–771 781–771

සටහන් සංස්කරණය

  1. "...these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang (1554–1046 BC) and of Western Zhou (1045–771 BC). Therefore, they can be called the early 'royal states'."[1]
  2. The Han historian Sima Qian felt unable to extend his chronological table beyond 841 BC, the first year of the Gonghe Regency, and there is still no accepted chronology in Chinese history before that point.[2][3]
  3. 3.0 3.1 Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC. Earlier dates represent the pre-dynastic Zhou.[6]

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

  1. 1.0 1.1 Li (2013), p. 6.
  2. Shaughnessy (1999), p. 21.
  3. Lee (2002), pp. 16–17.
  4. Shaughnessy (1999), p. 25.
  5. Lee (2002), p. 18.
  6. Shaughnessy (1999), p. 23.

උද්ධෘත කෘති සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බටහිර_චෞ&oldid=473458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි