පේද්‍රා බ්‍රන්කා, සිංගප්පූරුව

සිංගප්පූරුවේ නැගෙනහිරතම පිහිටි දූපත

පේද්‍රා බ්‍රන්කා ( මලයාසියාව විසින් මුලදී පුලවු බතු පුතිහ් ලෙසත් දැනට බතු පුතිහ් ලෙසත් හැඳින්වෙන) යනු, සිංගප්පූරුවෙහි බාහිරින් පිහිටි දූපතක් සහ එහි නැගෙනරිරතම ස්ථානය වෙයි. පෘතුගීසියෙන් මෙම නමෙහි අර්ථය "සුදු පර්වතය" වන අතර, පර්වතය මත තැන්පත්ව ඇති සුදු පැහැති කුරුළු බෙටි මෙයින් අදහස් කෙරෙයි. වර්ග මීටර 8560 (වර්ග අඩි 92,100) පමණ වර්ග ප්‍රමාණයකින් යුතු කුඩා කළුගල් නෙරා යෑමකින් මෙම දූපත සමන්විත වෙයි . පහළ ජල මට්ටම් මහ වඩදියෙහිදී, මීටර 137 (අඩි 449) ක් වන එහි වැඩිම දිග වාර්තා කරන අතර, එහි සාමාන්‍ය පළල මීටර 60 (අඩි 200) ක් වෙයි. සිංගප්පූරු සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුද එකිනෙක හමු වන 1° 19′ 48″ N සහ 104° 24′ 27″ E ස්ථානයෙහිදී එය පිහිටා ඇත. පේද්‍රා බ්‍රන්කා අසබඩ සාමුද්‍රිය හැඩතල දෙකක් දක්නට ලැබෙයි. මලාසියාවෙහි පරමාධිපත්වය යටතේ පවතින, පේද්‍රා බ්‍රන්කා වෙතින් 0.6 මුහුදු සැතපුම් (1.1 කිමී; 0.7 සැත) දකුණු දෙසට වන්නට, එකිනෙකට 250 මීටර (820 අඩි) පරතරයක් සහිතව පිහිටි, කුඩා පර්වත කැටි දෙකකින් සමන්විත මිඩ්ල් රොක්ස් මින් එකක් වෙයි. පේද්‍රා බ්‍රන්කා වෙතින්, 2.2 මුහුදු සැතපුම් (4.1 කිමී; 2.5 සැත) දුරක් දකුණ-නිරිත දිශාවට පිහිටි හා, බාදියට පමණක් දර්ශනය වන, සවුත් ලේජ් නම් පර්වත සැදිල්ල දෙවැන්න වෙයි.

පේද්‍රා බ්‍රන්කා
භූගෝල විද්‍යාව
පිහිටීමදකුණු චීන මුහුද
ඛණ්ඩාංක1°19′48″N 104°24′27″E / 1.33000°N 104.40750°E / 1.33000; 104.40750ඛණ්ඩාංක: 1°19′48″N 104°24′27″E / 1.33000°N 104.40750°E / 1.33000; 104.40750
පරිපාලනය
සිංගප්පූරුව

සියවස් ගණනාවක් තිස්සේ නාවිකයන් විසින් පේද්‍රා බ්‍රන්කා පිළිබඳ දැන සිට ඇත. මුලින්ම එය, 1528 වසරෙහිදී සංස්ථාපිත ජොහෝර් සුල්තාන් රාජ්‍යයේ බලප්‍රදේශයට අයත්ව තිබුණ අතර, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය අතර 1824 වසරෙහි එංගලන්ත–ලන්දේසි ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බ්‍රිතාන්‍ය බල භූමි ගෝලය යටතේ ජොහෝර් නව සුල්තාන් රාජ්‍යය යටතේ රැඳී සිටියේය. 1850 සහ 1851 අතර, බ්‍රිතාන්‍යයන් විසින්, දිවයින මත හෝස්බර්ග් ප්‍රදීපාගාරය තැනුවේ, ඔවුන්ගේ එම තීරණය පිළිබඳව ජොහෝර් බලධාරීන් දැනුවත් කර හෝ එය ගොඩනැගීම පිළිබඳ කැමැත්ත වීමසීමෙන් හෝ තොරවය. එම කාලයේ සිට, දිවයින පරිපාලනය කරන ලද්දේ ස්ට්‍රේට්ස් සෙට්ල්මන්ට්ස් විසින් වන අතර, 1946දී එය විසුරුවාහැරීමෙන් පසුව සිංගප්පූරුව විසිනි. 1953 සැප්තැම්බර් 21 දිනදී, දිවයිනෙහි පරිපාලනමය තත්ත්වය පිළිබඳව, සිංගප්පූරුවේ යටත්විජිත ලේකම් විසින්, ජෝහෝර්හී වැඩබලන රාජ්‍ය ලේකම් වෙතින් කරන ලද විමසුමකට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කර තිබුණේ, "ජෝහෝර් රජය විසින් පේද්‍රා බ්‍රන්කා පිළිබඳ අයිතිවාසිකම් කියා පාන්නේ නොමැති බවයි".