පුවසුරු
ඇල්බට් අයින්ස්ටයින් පුවසුරුවකු ලෙස
Occupation
නම් Professor
Type Education, research, teaching
Activity sectors Academics
Description
Competencies Academic knowledge, research, writing journal articles or book chapters, teaching
අවැසි අධ්‍යාපනය Master's degree, doctoral degree (e.g., PhD), professional degree, or other terminal degree
Fields of employment Academics
Related jobs Teacher, lecturer, reader, researcher

පුවසුරු නොහොත් මහාචාර්ය හෝ මහැදුරු හෝ (ඉංගිරිසියෙන් Professor - "ප්‍රොෆෙස" සැමැනියෙන් කෙටියෙන් Prof.) යනු බොහෝ රටවලැ සරසවි හා අනෙකුදු පසු-දෙවැරි අදියෙදුම් හා පිළියෙසුම් ආයතනවලැ ඇති අධ්‍යයන නිලයකි. ඉංගිරිසි  "ප්‍රොෆෙස" යන්න ලතිනයෙන් ව්‍යුත්පන්න වී ඇත්තේ "පවසන්නා" ලෙසිනි. පුවසුරුවරු සැමැනියෙන් තම පිටියේ විදත්හු වන අතර ඉහළ මැ ශ්‍රේණියේ ගුරුවරු වෙත්. [1]

නිරුත සංස්කරණය

 
පුරාණ ගරසි නැණසුරු[2] සිකුරුතිස් යනු බටහිරි සම්ප්‍රදායට අනුවැ වාර්තාගත පැරැණිතම පුවසුරුවරුන්ගෙන් කෙනෙකි. [3]

සිංහල

ප්‍රකාශ කරන්නා නොහොත් පවසන්නා යන අරුතින්, පවස කරනුයේ, පවස් + කරු > පවසරු > පුවසුරු වේ.[4]

ඉංගිරිසි

"ප්‍රොෆෙස" යන පදය මුලින් මැ දා හතර වන සියවස අග හරියේ දී යොදාගැනුනේ 'දැනුමෙහි අත්තක් උගන්වන තැනැත්තා' යන අදහස සඳහා යි.[1] මෙ වදන එනුයේ "...ආදි ප්රන්ස professeur (14සි.) හා කෙළින් මැ 'යම් කලාවෙකැ හෝ සොයුනෙකැ හෝ විදත්තෙකැ යි පවසන්නා; ඉහළතම තරාතිරමේ ගුරුවරයා' යන අරුතැති ලතින professor " යන්නෙනි; ලතින පදය ආයේ "... profiteri - 'lay claim to, openly declare' යන්නෙන් ආ නියෝජිත නාම පදය" මගිනි.

විතර සංස්කරණය

පුවසුරුවරයෙක් දක්ෂ හා පිළිගත් ශාස්ත්‍රාලිකයෙකි. බොහෝ පොදුරද මඬුලු රටවලැ මෙන් මැ උතුරු යුරෝපාවෙහිදු, පුවසුරු පදවිය සරසවියෙකැ ඉහළ මැ ශාස්ත්‍රාලීය නිලයයි. ඇමරිකා එක්සත් රජයුවලැ හා කැනඩාවේ හා, පුවසුරු පදවිය බොහෝ පශ්චාත් ආචාර්ය හෙවත් පසු-දකුතුරු උපාධිධාරීන්ට අදාළ බැවින් විසල් සියැගියක් (ප්‍රතිශතයක්) මෙ ලෙස නම් කෙරෙනු ලැබේ.

නිසි අධ්‍යයන පදවි නාමයක් දැරීමෙන් ඔබට, බොහෝ රටවලැ සරසවි කැපී පෙනෙන කලාකරුවනට, ක්‍රීඩක ක්‍රීඩිකාවනට හා විදෙසි ප්‍රභූවරුනට (dignitaries) හා එ මැ තැනැත්තනට සැමැනියෙන් පුවසුරු ධුරය සඳහා ඇවැසි අධ්‍යයන සුදුසුකම් නොමැති හෝ ඔවුන් පුවසුරු රාජකාරිය බාර නොගන්නේ හෝ වුවද හරසැරි පුවසුරු (honorary professor) පදවිය ලබා දෙයි. කෙසේ වතදු, එ වැනි "පුවසුරුවරු" සැමැනියෙන් ප්‍රදානය කරන ආයතනය සඳහා ශාස්ත්‍රීය කටයුතු සිදු නොකරයි. පොදුවේ ගත් කල, පුවසුරු පදවිය ගරු පදනම මත දරන්නන් සඳහා නො වැ අධ්‍යයන තනතුරු සඳහා දැඩි සේ භාවිතා වේ.

කාර්යයන් සංස්කරණය

ලොව වටා සංස්කරණය

Main article: List of academic ranks

ලෝ පුරා විදුහල්, සරසවි හා වෙනත් උසස් අදියෙදුම් ආයතන ශාස්ත්රීය වියතුන් අතර සමාන ධූරාවලි ශ්රේණිගත කිරීමේ සැහැටියක් අනුයයි; ඉහත ලැයිස්තුව විතර සපයයි.

වැටුප සංස්කරණය

පිළියෙසුම් පුවසුරු සංස්කරණය

රටවල් ගණනෙකැ, "පිළියෙසුම් පුවසුරු" යන පදවි නමෙන් හැඟැවෙනුයේ තනිකරම හෝ ප්‍රධාන විසින් හෝ පිළියෙසුම්වලැ නියැලෙන හා උගැන්වීමෙහි වගකීම් නැති හෝ සුළු විසින් ඇති හෝ පුවසුරුවකු යි. නිදසුනක් ලෙස, මේ පදවි නම මේ අරුතින් එක්සත් රජදහනේ (ඇතැම් සරසවිවලැ පිළියෙසුම් පුවසුරුයකු ලෙස දු, වෙනත් ආයතනවලැ පුවසුරුයුරු පිළියෙසුම් අදිසිසුවකු? - professorial research fellow ලෙස දු හැඳින්වේ) හා උතුරු යුරෝපාවේ හා යොදාගැනේ. පිළියෙසුම් පුවසුරුවරයකු සැමැනියෙන් එ මැ රටවලැ පිළියෙසුම් කේන්ද්‍ර කැරැගත් වෘත්තීය මාවතකැ දෙටුතම නිලය වන අතර සැමැනි පුන් පුවසුරු නිලයට සම ලෙස සැලැකේ. බොහෝ විටැ ඔවුන් තිර සේවකයින් වන අතර, එ තනතුර බොහෝ විටැ වෙසෙසින් මැ කීර්තිමත් විද්වතුන් විසින් දැරේ; එ බැවින් එ තනතුර සැමැනි පුන් පුවසුරු පදවියකට වඩා ගෞරවාන්විත තනතුරක් ලෙස බොහෝ විටැ සැලකේ. පිළියෙසුම් පුවසුරුවන් බොහෝ විටැ තිර සේවකයින් නො වීම හා බොහෝ විටැ ඔවුන් ගේ වැටුප් සඳහා බැහැරි මූලාශ්‍රවලින් මුදල් සැපයියැ යුතු වීම හා යන ව්‍යතිරේකය හැරැ, එක්සත් රජයුවන්හි මේ පදවි නම තරමක් සම අරුතකින් යෙදේ.

ප්‍රබන්ධ වලැ සංස්කරණය

 
පුවසුරු මොරියාටි, ෂර්ලොක් හෝම්ස් "අවසාන ගැටලුව" කතාවෙන්

අනධ්‍යන භාවිතය සංස්කරණය

මේකත් බලන්න සංස්කරණය

  • ශාස්ත්රීය විනය
  • අනුබද්ධ මහාචාර්ය
  • <i id="mwAac">Sacrae Theologiae Professor</i> (STP) - උපාධිය දැන් STD හෝ Doctor of Divinity (DD) ලෙස පිරිනමනු ලැබේ )
  • සම්මානනීය
  • වාසස්ථාන
  • විද්වත් ක්රමය
  • සාහිත්යයේ පාසල සහ විශ්ව විද්යාලය
"https://si.wikipedia.org/w/index.php?title=පුවසුරු&oldid=557736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි