පුරාතන ග්‍රීසියේ රංග කලාව

ග්‍රීක රංග ශිල්පය හෝ ග්‍රීක නාට්‍ය යනු ක්‍රිපූ 550 හා ක්‍රිපූ 220 අතර දී පුරාතන ග්‍රීසියේ අතිශය ජනාදරයට පත් වූ නාට්‍ය සම්බන්ධ සම්ප්‍රදායකි. එම යුගයේ දී ග්‍රීසියේ දේශපාලනික හා යුධමය බලමුළුව වූ ඇතැන්ස් පුරාතන ග්‍රීක රංග ශිල්පයේ මධ්‍යස්ථානය විය. ශෝකාන්ත (ක්‍රිපූ 6 වන සියවසේ පසු භාගයේ දී), හාස්‍ය (ක්‍රිපූ 486) හා උපහාසාත්මක නාට්‍ය ලෝකයේ මතු වූ නාට්‍ය සම්බන්ධ ආකාරවලට උදාහරණ කිහිපයක් වේ. ග්‍රීක රංග ශිල්පය හා නාට්‍ය මඟින් බටහිර නාට්‍ය හා සංස්කෘතිය මත දිගින් දිගටම පවතින බලපෑමක් එල්ල කර ඇත.

ඇතන්ස්හි පිහිටි ඩයොනිසස් (Dionysus) රංග ශාලාව. BC 3 වන සියවස

බටහිර රංග ශිල්පයේ මූලාරම්භය සොයා ගෙන ඇත්තේ පුරාතන ග්‍රීසියෙන්ය. එය ඩයොනයිසස් දෙවියාට ගෞරව කරමින් ඇතැන්ස්හි පැවැති රාජ්‍ය උත්සවයකින් දියුණු විය. ඇතැන්ස් නගර රාජ්‍ය විසින් පොදු අනන්‍යතාවක් වර්ධනය කර ගැනීමේ අරමුණින් එහි මිත්‍රශීලී පාර්ශව ගණනකටම මෙම උත්සවය අපනයනය කරන ලදී.

Tregedy යන ඉංග්‍රීසි වදන බිහි වී ඇති τραγοιδία යන වදන ග්‍රීක වචන දෙකක සංයුක්ත වදනකි. ඒවා නම් ලෑටි ගෑමට සම්බන්ධ එළුවා යන ‍ෙත්රුම ඇති τράγος යන වදන හා ගීත ගැයීමට සම්බන්ධ ගීතය යන තේරුම ඇති ῳδή යන වදනයි. මෙමඟින් අතිශය දුලබ පෞරාණික පරාවර්තනය වන එළු මිනිසා ගීතය බිලි දෙනවා යන්න විස්තර කරයි. අඩුම තරමින් එමඟින් පුරාතන ඩයොනයිසියානු සංස්කෘතීන්වල ක්‍රියාවන් නිරූපණය කරයි. එසේ නමුත් මෙම පහසුකම් චාරිත්‍ර ශෝකාන්ත හා හාස්‍ය නාට්‍යවලට පදනම වූයේ කෙසේද යන්න ස්ථිර බවකින් යුතුව පැහැදිලි කිරීම කළ නොහැක්කක් විය. එමෙන්ම හෙලිනිස්ථික යුගය තෙක් වූ සියළු ශෝකාන්ත ඩයොනයිසස් දෙවියාට ගෞරව පිණිස ලියන ලද ස්වාධීන කොටස් වූ අතර එම නිසා වර්තමානයේ දී අපට ඉතිරිව ඇත්තේ පැරණි ශෝකාන්තා නැවත නැවත රඟ දැක්වීම විලාසිතාවක් බවට පත් වීම හේතුවෙන් නැවත රඟ දැක් වූ නිසා අපේ මතකයේ පවතින කොටස් කොටස් පමණි. එය නියම, එක්වරක් රඟ දැක්වූ ශෝකාන්තයට පහල බැස්මක් සේ Baskemtball