පුනීත් රාජ්කුමාර්

පුනීත් ‍රාජ්කුමාර් (උපත 1975 මාර්තු 17) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවකු, පිළිවැයුම් ගායකයකු සහ රූපවාහිනී නිවේදකයෙකි. ඔහු ප්‍රධාන වශයෙන්ම කන්නඩ සිනමාවේ කටයුතු කරයි. කන්නඩ සිනමාවේ ඉහළම රසික පිරිසක් ඇති නළුවකු ලෙසද මොහු සැලකේ. "අප්පු" ලෙස ද හැඳින්වෙන මොහු චිත්‍රපට 25ක ප්‍රධාන නළුවා ලෙස කටයුතු කොට් ඇත; ළමාවියේ දී ඔහු සිය පියා වූ රාජ්කුමාර් සනග චරිත නිරූපණය කළේ ය. වසන්ත ගීතා (1980), භාග්‍යවන්තා (1981), චලිසුවා මොඩගලු (1982), ඒරඩු නක්ෂත්‍රගලු (1983) සහ බේට්ටාඩ හූවු (1985) යන චිත්‍රපටවල ඔහුගේ රංගනය පැසසුමට ලක් විය.[1] බේට්ටාඩ හූවු චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ අප්පුගේ චරිතය සඳහා ඔහු හොඳම ළමා නළුවා සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි කරගත්තේ ය.[2] පුනීත්ගේ පළමු ප්‍රධාන චරිතය වූයේ 2002 වර්ෂයේ අප්පු චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිතයයි.

පුනීත් රාජ්කුමාර්
රාජ්කුමාර් රාජකුමාරා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර
උපත
ලෝහිත්,

17 මාර්තු 1975 (1975-03-17) (වයස 49)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, රූපවාහිනී නිවේදකයකු
සක්‍රීය වසර1976–1989
2002-2021
කලත්‍රයා(යන්)අශ්විනී රේවන්ත් (වි. 1999)
දරුවන්2
දෙමව්පියන්(s)රාජ්කුමාර් (පියා)
පර්වතම්මා (මව)
ඥාතීන්බලන්න රාජ්කුමාර් පවුල

ඔහු ආර්ථික වශයෙන් සාර්ථක වූ චිත්‍රපට ගණනාවකම ප්‍රධාන නළුවා ලෙස කටයුතු කොට ඇත්. මෙම චිත්‍රපට අතරට අප්පු (2002), අභී (2003), වීර කන්නඩිගා (2004), මෞර්යා (2004), ආකාශ් (2005), අරසු (2007), මිලානා (2007), වම්ශි (2008), රාම් (2009), ජැකී (2010), හුඩුගරු (2011), දොඩ්මානේ හුඩ්ගා (2016) සහ රාජකුමාරා (2017) වැනි චිත්‍රපට අයත් වේ.[3][4] එසේම ඔහු කන්නඩ සිනමාවේ ඉහළම ගෙවීමක් ලබන නළුවකු ලෙස ද සැලකේ.[5] 2012දී ඔහු රූපවාහිනී නිවේදකයකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේ හූ වෝන්ට්ස් ටු බී අ මිලියනෙයර්?හි කන්නඩ ප්‍රභේදය වූ කන්නඩාඩ කෝටිපති නම් ජනප්‍රිය තරග වැඩසටහන ඔස්සේ ය.[6]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Puneeth Rajkumar Biography, Puneeth Rajkumar Profile". Oneindia. 17 March 1975. සම්ප්‍රවේශය 20 January 2016.
  2. Shivkamal, Aravind G (29 June 2010). "Puneeth Rajkumar: The impeccable aura of the Powerstar continues to dazzle". Southscope. සම්ප්‍රවේශය 26 August 2010.
  3. සංරක්ෂිත පිටපත, http://www.mybangalore.com/article/1010/superstars-of-the-kannada-film-industry.html, ප්‍රතිෂ්ඨාපනය 2017-12-10 
  4. "3 films for Puneeth, Puneeth Rajkumar this year". The Times of India.
  5. "Top 20 Highest Paid South Indian Actors of 2014". International Business Times. ibtimes.co.in.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Koti නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:FilmfareKannadaBestActor සැකිල්ල:SIIMA Award for Best Actor

"https://si.wikipedia.org/w/index.php?title=පුනීත්_රාජ්කුමාර්&oldid=617280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි