පියයුරු පිළිකා සංස්කරණය

 
පියයුරුවල ඇතිවු විශාල පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද පියයුරක නිදර්ශකයක්.(මෙය පියයුරුවල ක්ෂීර ප්‍රනාලවල ඇතිවන ආක්‍රමණශීලී පිළිකාවකි)

පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලය. පෙනහළු පිළිකා (සියළුම පිළිකා අතරින් 10.4% ක්) ළගට දෙවනුවට බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවන්ය. මෙම සංඛ්‍යාව පිළිකාවක් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතරින් පස්වන ස්ථානය ගනී. පියයුරු පිලිකා කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශේෂය වේ. මෙය මහාන්ත්‍රයේ සහ ගැබ්ගෙල පිළිකා මෙන් දෙගුණයක් වන අතර කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ‍ෙමන් ‍තුන්ගුණයක් වේ. කෙසේ නමුත්පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව පෙනහළු පිළිකා වලින් සිදුවන මරණ සංඛ්‍යාව මෙන් 25% ගුණයක් වසර 2005 දී පියයුරු පිළිකා නිසා ලොව පුරාම සිදුවුන මරණ සංඛ්‍යාව 502,000 කි. මෙය එම වසරේදී ලොව පුරා පිළිකා නිසා සිදුවු මරණ සංඛ්‍යාවෙන් 7% ක් ද , සියළුම මරණ සංඛ්‍යාවෙන් 1% ක් ද වේ. 1970 සිට පියයුරු පිළිකාවන් වාරතාවීම සැලකිය යුතු අන්දමට ඉහල ගොස් ඇත. මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වන්නේ බටහිර රටවල්වල ඇති නවීනපන්නයේ ජීවන ක්‍රමයයි.

සංවර්ධනය නොවු රටවල අඩු ප්‍රමාණයකින් ලෙසත් , සංවර්ධනය වු රටවල වැඩි ප්‍රමාණයක් ලෙසද පියයුරු පිළිකාවන්හි ව්‍යාප්තිය ලොවපුරා විවිධ වේ.ලොව පුරා ප්‍රධාන ප්‍රදේශ දොළහක් තුල වාර්ශිකව සිදුකරනු ලබන ප්‍රමිතිකරණයකට අනුව කාන්තාවන් 100,000 ක් ගත් කළ ඉන් එක් කාන්තාවකට පියයුරු පිළිකා ඇතිවීමේ ප්රවණතාව නැගෙනහිර ආසියාවේ 18 , දකුණු මධ්‍යම ආසියාවේ 22 , අප්‍රිකාවේ උප සහරා ප්‍රදේශයන් 22 , ගිනකොනදිග ආසියාවේ 26 , උතුරු අප්‍රිකාවේ සහ උතුරු යුරෝපයේ 73 , ඹ්ෂේනියාවේ 74 , බටහිර යුරෝපයේ 78 , ක් සහ උතුරු ඇමරිකාවේ 90 ක් ලෙසට විවිධ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සුදු කාන්තාවන් අතර 141 ක් ලෙසද , අප්‍රිකානු ඇමරිකා කාන්තාවන්ගේ 122 ක් ලෙසද වෙනස් වේ. ලොව වැඩිම පියයුරු පිළිකා ප්‍රමාණයක් වාර්ථාවන්නේ උතුරු ඇමරිකානු කාන්තාවන්ගෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් ප්‍රධානතම පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා වන අතර එය පිළිකා නිසා සිදුවන මරණ අතරින් දෙවන ස්ථානයට පත් වන්නේ පෙනහළු පිළිකා ප්‍රථම ස්ථානයට පත් කරමිනි. ඇමරිකානු කාන්තාවකට තම ජීවිත කාලය තුල ආක්‍රමණශීලී පියයුරු පිළිකාවක් ඇතිවීමට අටෙන් එකක සම්භාවිතාවයක් (එනම් 12.5% ක හැකියාවක්) සහ එමගින් මරණයට පත්වීමට තිස්පහෙන් එකක (3% ක) සම්භාවිතාවක් ඇත. වසර 2007 දී පියයුරු පිළිකා නිසා ඇමරිකාව තුළ මරණ 40,910ක් සිදුවීමට අපේක්ෂිතව තිබිනි.(මෙය පිළිකා නිසා සිදුවන මරණ වලින් 7% ක්ද, සියළුම මරණ වලින් 2% ක්ද වේ)

ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව හා එමගින් සිදුවන මරණ සංඛ්‍යාව පහත බැස ඇත. එසේ වුවද එරට කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සමීක්ෂණ සිදුකරන සමාජයක් මගින් සිදුකරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇත්තේ කාන්තාවන් අතර මරණය ඇතිවීමට ප්‍රධානතම හේතුව හදවත් රෝග බවට හඳුනාගෙන ඇතත් පියයුරු පිළිකා තව දුරටත් කාන්තාවන් භීතියට පත්කරන රෝගයක් බවට පත්ව ඇති බවයි.

කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය වී ඇත්තේ එක හා සමාන පටක වර්ගවලින් නිසා පිරිමින් තුළද පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී එය කාන්තාවන්ට වඩා සිය ගුණයකින් අඩුය වැඩුණු පියයුරු පිළිකා සෑදුනු පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව එවන් කාන්තාවකගේ ආයු අපේක්ෂාවට සමාන වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පියයුරු_පිළිකා&oldid=432184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි