පැගෝඩාව හෙවත් චීන දාගැබ් යනු මහල් රාශියකින් හා පියසි වලින් යුත් කුළුණකි. මෙය බහුලව පිහිටා ඇත්තේ නේපාලය, චීනය, ජපානය, කොරියාව වැනි ආසියානු රටවල් වලය. පැගෝඩා බොහොමයක් ඉදිවුයේ බෞද්ධ ආගමික කටයුතු සදහා නිසා එය සාමාන්‍යයෙන් පන්සලක් තුළ හෝ ආසන්නයේ පිහිටා ඇත. මියන්මාරය හා තායිලන්තය වැනි රටවල පැගෝඩා යන නාමය සාමාන්‍ය චෛත්‍යයක් හෝ ස්ථූපයකට භාවිතාවන අතර වියට්නාමයේ එම නම වැදුම් පිදුම් කරන ඕනෑම ස්ථානයකට යෙදේ. නූතන පැගෝඩාව ඵෙතිහාසික ඉන්දියානු ස්ථූපයේ විකාශනයකි. ස්ථුපයේ ගෘහනිර්මාණ ශිල්පය ආසියාව පුරා ව්‍යාප්තව ඇති අතර ප්‍රදේශවල විවිධත්වය අනුව විවිධ ලක්ෂණ එයට අඩංගු වී තිබේ.


පැගෝඩාවේ ඉතිහාසය සංස්කරණය

 
ජපානයේ ඇති පැගෝඩාවක්

පැගෝඩාව ගොඩනැංවූයේ ධාතු තැන්පත් කිරීමට හා ආගමික ග්‍රන්ථ තැන්පත් කර තැබීමටය. බුදුරජාණන් වහන්සේගේ ධාතු වන්දනා කිරීමට කැමැත්තක් දැක්වූ බෞද්ධ භික්ෂූන්, වන්දනාකරුවන්, පාලකයන් හා සාමාන්‍ය බැතිමතුන් අතර මෙය ඉතා ජනප්‍රිය ‍විය.

සංකේත භාවිතය සංස්කරණය

චීන හා අනෙකුත් නැගෙනහිර ආසියානු පැගෝඩා ගෘහනිර්මාණ ශිල්පයේ චීන ප්‍රතිමා ශිල්පීය ලක්ෂණ පෙන්වයි. බුදුරජාණන් වහන්සේගේ අභය මුද්‍රාවට අනුව තැනුනු පැගෝඩාවද දක්නට ලැබෙන අතර සමස්තයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාශිල්පය සෑම පැගෝඩාවකම සංකේතවත් කර ඇති බව නිරීක්ෂණය කළ හැක.

ගෘහ නිර්මාණ ශිල්පය සංස්කරණය

 
වියෙට්නාමයේ හැ‍නොයි හි එක් කුලුනක් සහිත පැගෝඩාවක්

පැගෝඩාව එහි උස හේතුවෙන් අකුණු සැර වලට ලක්වේ. බොහෝ පැ‍ගෝඩා වල මුදුනේ අලංකාර කොත් කැරැල්ලක් දක්නට ලැබේ. මෙම කොත් කැරැල්ලද බුදු දහමට සම්බන්ධ සංකේත උදා :- නෙළුම් මල වලින් යුක්තය. කොත්කැරැල්ල අකුණු සන්නායකයක් ලෙසද ක්‍රියාකරන බැවින් අකුණු හානි වලින් පැගෝඩාව ආරක්ෂා වේ. අතීතයේ දී පැගෝඩා තැනුවේ දැවයෙන් වුවද ගින්නෙන් හා දිරායාමෙන් ආරක්ෂාව සදහා එය ලෝහයෙන් තනයි.

පැගෝඩා රාජ්‍යය සංස්කරණය

බුරුමය හෙවත් මියන්මාරය එහි පැගෝඩා බහුල භූමිය හේතුවෙන් පැගෝඩා රාජ්‍යය නම් වේ.

ප්‍රසිද්ධ පැගෝඩාවන් සමහරක් සංස්කරණය

ගොනුව:Iron Pagoda d.jpg
ක්‍රි.ව. 1049 දී තනන ලද චීනයේ ලෝහ පැගෝඩාව


 
තායිවාන් නුවර පිහිටි තායිපේ 101
  • නේපාලයේ භක්තපූර් හි මහල් 5 කින් යුත් Nyatopol
  • වියට්නාම සංස්කෘතික සංකේතයක් වන හැ‍නොයි හි තනි කුළුණු පැගෝඩාව
  • ක්‍රි.ව. 636 දී තනන ලද චීනයේ Xumi පැ‍ගෝඩාව
  • කොරියානු සමූහාණ්ඩුවේ මිර්සුකා පැගෝඩාව, Baekje පැගෝඩාව
  • වියට්නාමයේ පාලම් පැගෝඩාව
  • වියට්නාම බෞද්ධ නායකයින්ගේ රැස්වීම් ශාලාව, හෝචි මින්ග් නගරය
  • අතීත ක්‍රිස්තියානීන් විසින් ක්‍රි.ව. 640 දි තැනූ චීන පැගෝඩාව
  • ක්‍රි. ව. 652 චීනයේ සියදන් හි ඉදිකල විශාල පාත්ත පැගෝඩාව
  • ක්‍රි. ව. 709 චීනයේ සියදන් හි ඉදිකල කුඩා පාත්ත පැගෝඩාව
  • ක්‍රි.ව. 1045 චීනයේ Zhengding හි Lingxiao පැගෝඩාව
  • ක්‍රි.ව. 1162 චීනයේ Suzhou හි Beisi පැගෝඩාව
  • ජපානයේ උසම දැව නිර්මාණය, ටෝ - ජි
  • චීනයේ නැන්ජින්ග් නුවර පවතින මධ්‍යතන යුගයේ ආශ්චර්යක් වන තැන්ජින්ග් පොසිලේන් කුළුණ
  • වියට්නාමයේ ලාඕස් නුවර Pha that Luang පැගෝඩාව
  • ක්‍රි.ව. 1049 චීන සොන්ග් රාජ්‍ය සමයේ කයිෆොන්ග් හි ඉදිකළ වානේ පැගෝඩාව
  • ක්‍රි.ව. 1165 සොන්ග් රාජ්‍ය සමයේ Hangzbou හි ඉදිකළ Liune පැගෝඩාව
  • තායිලන්තයේ නතොන් පතොන් නුවර පිහිටි ‍ලෝකයේ උසම පැගෝඩාව වන Phra pathum chedi
  • ගෝලීය පැගෝඩාව ලෝකයේ විශාලතම ආධාරකයක් රහිත, ගලින් තැනූ ‍ගෝලාකාර නිර්මාණය
  • 11 වන සියවසේ චීනයේ ලින්ග්යැන් විහාරයේ ඉදිකළ Pizhi පැගෝඩාව
  • 2007 අප්‍රේල් හි දී තනා නිම කළ 137.7m උස changzhou Tianning Baoh ලෝකයේ උසම පැගෝඩාව
  • ක්‍රි.ව. 523 චීනයේ සොන්ගී කන්දේ තනා ඇති සොන්ග්යු පැගෝඩාව
  • ක්‍රි.ව. 961 තනන ලද චීනයේ Suzhou ට පිටතින් පිහිටි Hugiu කුළුන
  • ක්‍රි.ව. 1056 චීනයේ යින්ග් හි තැනූ ෆුගොන්ග් විහාර පැ‍ගෝඩාව

පැගෝඩා ගෘහ නිර්මාණ ආකෘතියට අනුව තැනු නූතන ගොඩනැගිලි

  • 1998 ඉදිකළ මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර පිහිටි පෙට්රොනාස් ගොඩනැගිලි
  • වර්තමානය වන විට ලෝකයේ උසම ගොඩනැගිල්ලක් වන 508m උසැති තායිවානයේ තායිපේ 101
"https://si.wikipedia.org/w/index.php?title=පැගෝඩා&oldid=439342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි