ප්‍රේම් යා පහේලි – චන්ද්‍රකාන්තා

ප්‍රේම් යා පහේලි – චන්ද්‍රකාන්තා යනු නිඛිල් සිංහා විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු හින්දි භාෂා ෆැන්ටසි රූපවාහිනී වැඩසටහනකි.

ප්‍රේම් යා පහේලි – චන්ද්‍රකාන්තා
ගොනුව:Chandrakantha poster.png
චන්ද්‍රකාන්තා ප්‍රවර්ධන රුවක්
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
ෆැන්ටසි
තැනුවේට්‍රයෑන්ග්ල ෆිල්ම්ස්
මත පදනම්වදේවකී නන්දන් ඛත්‍රි
අධ්‍යක්ෂණය කලේනිඛිල් සිංහා, ධර්මේශ් ෂා සහ මනීෂ් සිං
රඟපෑම(පහළ බලන්න)
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන46 (2017 අගෝස්තු 6 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)නිඛිල් සිංහා
ස්ථානය(න්)හයිදරාබාද්, ඉන්දියාව
ධාවන කාලයආසන්න. මිනිත්තු 45
ප්‍රචාරණය
මුල් නාලිකාවලයිෆ් ඕකේ
මුල් ධාවනය2017 මාර්තු 4 – වර්තමානය

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කෘතිකා කම්රා සහ ගෞරව් ඛන්නා විසිනි. ට්‍රයෑන්ගල් ෆිල්ම්ස් විසින් නිෂ්පාදිත මෙය සඳහා පාදක වී ඇත්තේ දේවකී නන්දන් ඛත්‍රිගේ ජනප්‍රිය හින්දි නවකථාවක් වූ චන්ද්‍රකාන්තා නවකථාවයි. මෙම නවකථාව නූතන හින්දි භාෂාවෙන් කළ පථම ගද්‍යය ලෙස සැලකෙන අතර, භාෂාවේ ජනප්‍රියත්වයට එය බෙහෙවින් ඉවහල් වූවකි. 2017 මාර්තු 4 සිට ලයිෆ් ඕකේ නාළිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 9.00ට මෙය විකාශය වේ. වැඩසටහනේ ප්‍රථම ප්‍රවර්ධන රුව 2017 පෙබරවාරි 8 මුදාහැරිණි.ලංකාවේ හිරු tv තුලින් "සඳට දිවුරා කියන්නම් "නමින් විකාශනය විය,[1] කතාමාලාවේ විශේෂ දර්ශනයක් හයිදරාබාදයේ ගෝල්කොන්ඩා බලකොටුවේ දී රූගත‍ කෙරිණි.[2]

කථාපුවත සංස්කරණය

මෙම වැඩසටහන සඳහා සංකල්පය ගොඩනගා ඇත්තේ චන්ද්‍රකාන්තා නවකථාව ඇසුරෙනි. කථාව ඇරඹෙන්නේ හර්ෂවර්ධන් නම් රජු ලෝකයේ සියලුම බලයයන් අත්පත් කොටගෙන මෙම බලයන් ගබඩා කිරීමට කවචයක්ක් ගොඩනැගීමත් සමගයි. මෙම බලය සොරකම් කිරීමට සොරකම් කරන අයගෙන් එය ආරක්ෂා කිරීමට ඔහු යක්ෂයකු එය තුළ තබා අගුළු ලයි. යාඥාවක් සිදු කරමින් සිටින අතරතුර චූනාර්ගර්හි රජුගේ ආක්‍රමණයකින් රජු සහ බිසව මරණයට පත්වේ. මෙම සිදුවීමෙන් වසර 100කට පසුව, රජු සහ බිසව චන්ද්‍රකාන්තා කුමරිය සහ වීරේන්ද්‍ර සිං කුමරු ලෙසින් උපත ලබයි. කථාව මගින් කුමරු සහ කුමරිය ප්‍රේමයෙන් බැ‍ඳෙන අයුරුත් කවචය නැවත සොයොගෙන බලයන් යළි ලබාගන්නා අයුරුත් නිරූපණය වේ. මෙහි දී ඔවුනට "කවචයෙ"හි සැබෑ අයිතිකරු යැයි පැවසෙන ශිව්දත් කුමරු ඇතිකරන බාධාවලට ද මුහුණදීමට සිදුවේ.

චරිත නිරූපණය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. සැකිල්ල:Cit news
  2. "'Chandrakanta' actors shoot at Golconda Fort". The Times of India. සම්ප්‍රවේශය 17 February 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "Kritika Kamra: My role in Chandrakanta is neither spineless nor 'a bechari'". The Times of India. සම්ප්‍රවේශය 24 February 2017. {{cite news}}: Check date values in: |accessdate= (help); Italic or bold markup not allowed in: |publisher= (help); line feed character in |accessdate= at position 13 (help)
  4. "Kritika Kamra has not watched the original Chandrakanta and doesn't intend to". Hindustan Times. සම්ප්‍රවේශය 18 February 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. "Gaurav Khanna to play the lead in Life OK's Chandrakanta and Chandan Anand to play the bad guy". The Times of India. සම්ප්‍රවේශය 13 January 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. "Sudesh Berry on Chandrakanta:I couldn't play the hero's role then now, I am the superhero". Daily News and Analysis. සම්ප්‍රවේශය 26 February 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. "Ankit Arora: My character Shivdutt in Chandrakanta can go to any extent to achieve what he wants". The Times of India. සම්ප්‍රවේශය 25 March 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  8. "Impressed with Kritika's dedication to work: Chandan Anand". The Times of India. සම්ප්‍රවේශය 27 March 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. "Harsh Vashisht to play Kritika Kamra's father". The Times of India. සම්ප්‍රවේශය 27 January 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. "Jitendra Bohara to play Aayar Nazim on Chandrakanta". The Times of India. සම්ප්‍රවේශය 28 February 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි සංස්කරණය