නොකියා ඕවිජී[3] (ෆින්ලන්ත: [Nokia Oyj] Error: {{Lang}}: text has italic markup (help), ස්වීඩන: [Nokia Abp] Error: {{Lang}}: text has italic markup (help);) යනු, ෆින්ලන්ත බහුජාතික සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ සමාගමකි. මහා හෙල්සින්කි පුරවර ප්‍රදේශයෙහි, එස්පර්, ඌසිමා හී, නොකියා මූලස්ථානය පිහිටා ඇත.[1]2014 වසරේදී, රටවල් 120 ක් පුරා නොකියා විසින් සේවකයන් 61,656 ක් භාවිතා කරමින්, රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක වෙළෙඳාම් කටයුතු කරමින් වාර්ෂීක ආදායම €12.73 බිලියන පමණ රැස් කර ගති.[2] නොකියා යනු හෙල්සින්කි කොටස් වෙළෙඳපොළෙහි සහ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති පොදු සීමාසහිත -ආධිනතා සමාගමකි.[4] ෆෝර්චූන් ග්ලෝබල් 500 පරිදී, 2013 ආදායම් මිනුම අනුව එය ලෝකයේ 274වන-විශාලතම සමාගම වෙයි.[5]

නොකියා
වර්ගය යූල්කිනෙන් ඔසාකෙයිහිටියො
(පොදු සමාගම)
ස්ථාපිතයටම්පරෙ, ෆින්ලන්ත මහා වංශාධිපති දනව්ව (1865)
නොකියා හී සංස්ථාගත කල (1871)
ප්‍රාරම්භක
මූලස්ථානයඑස්පර්, ඌසිමා, ෆින්ලන්තය[1]
සේවා සරියලෝක ව්‍යාප්ත
ප්‍රධාන පුද්ගලයන්
කර්මාන්තයදුරවිනැවුම් උපකරණ
පරිගණක මෘදුකාංග
නිෂ්පාදිතයන්නොකියා නිෂ්පාදිත ලැයිස්තුව
සේවාවන්නොකියා නිෂ්පාදිත ලැයිස්තුව #සේවා
ආදායම €12.73 බිලියන (2014)[2]
මෙහෙයුම් ආදායම €1.63 බිලියන (2014)[2]
ශුද්ධ ආදායම €1.17 බිලියන (2014)[2]
මුළු වත්කම් €21.06 බිලියන (2014)[2]
මුළු සමකොටස €8.67 බිලියන (2014)[2]
සේවකයන්61,656 (Q4/2014)[2]
උපාංගයන්නොකියා නෙට්වර්ක්ස්
HERE
නොකියා ටෙක්නලජීස්
වෙබ්අඩවියNokia
විකුණනු ලබන්නේOMXNOK1V
NYSENOK

සමාගම විසින් වර්තමානයේ සිය අවධානය යොමු කරන්නේ මහා-පරිමාණයේ දුරවිනැවුම් යටිතලව්‍යුහයන්, තාක්ෂණික ප්‍රවර්ධනය සහ බලපත්‍රකරණය සහ, මාර්ගගත සිතියම්කරණ සේවා වෙතය.[6] ජීඑස්එම් සහ එල්ටීඊ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා සහාය වෙමින්, ජංගම දුරකතන ක්‍රම කර්මාන්තයෙහිද සැලකිය යුතු දායකත්වයක් නොකියා විසින් සිදු කෙරුනු අතර, කිසියම් කාල පරිච්ඡේදයක් තුලදී, ලෝකයේ විශාලතම ජංගම දුරකතන විකුණුම්කරු විය. එහි සිම්බියන් මඤ්චකය තුලින්, ස්මාට්ෆෝන් කර්මාන්තය වෙතද නොකියා හී ආධිපත්‍යය විස්තීරණය කෙරුණු මුත්, ඇපල් හී අයිෆෝන් පෙළ සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් වල නැගී ආ ආධිපත්‍යය නිසා එය විගසින් ඡායාච්ඡාදනය විය. අත්‍යන්තයෙහිදී 2011 වසරෙහිදී, නොකියා විසින් මයික්‍රොසොෆ්ට් සමග ගිවිසුමකට එළඹියේ, අනාගත ස්මාර්ට්ෆෝන් සඳහා අනන්‍ය ලෙසින් එහි වින්ඩෝස් ෆෝන් මඤ්චකය භාවිතා කිරීම සඳහාය.

සම්පූර්ණ අගය €5.44 බිලියන (US$7.17 බිලියන) වන සමස්ත ගනුදෙනුවක කොටසක් වශයෙන්, නොකියා හී ජංගම දුරකතන ව්‍යාපාරය අත්පත් කර ගන්නා බවට, 2013 සැප්තැම්බරයේදී, මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයට පත් කලේය.[7][8] 2014 අප්‍රේල් 25 දින අවසන් කෙරුණු ගනුදෙනුවේ කොටසක් ලෙසින්, නොකියා හී හිටපු ප්‍රවිනි, ස්ටිෆන් එලොෆ් සහ තවත් විධායක නිලධාරින් කිහිප දෙනෙක්, මයික්‍රොසොෆ්ට් හී උපාංගයක් වන නව මයික්‍රොසොෆ්ට් මොබයිල් හා එක්වුනහ.[9] 2014 සැප්තැම්බරයේදී, තෙවන-පාර්ශව නිෂ්පාදකවරුන් සඳහා, නිෂ්පාදන සැලසුම් හා තාක්ෂණ බලපත්‍රකරණය කිරීම නොකියා විසින් ඇරඹුවේ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් දෘඩාංග වෙළෙඳපොලෙහි නොකියා සන්නම දිගටම පවතිනු පිණිසය.[6]

2015 අප්‍රේල් 15 දිනදී, නොකියා ප්‍රකාශයට පක්කලේ, €15.6 බිලියන මුදලකට, ප්‍රංශ දුරවිනැවුම් උපකරණ සමාගම ඇල්කටෙල්-ලූසන්ට් තමන් විසින් මිලයට ගන්නා බවයි.

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "Nokia Oyj" (Finnish බසින්). YTJ.fi. සම්ප්‍රවේශය 2 March 2013.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 "නොකියා කෝපරේෂන් රිපෝට් ෆො Q4 2014 ඇන්ඩ් ෆුල් ඉයර් 2014" (PDF). නොකියා කෝපරේෂන්. 29 ජනවාරි 2015. සම්ප්‍රවේශය 29 ජනවාරි 2015.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nokia_articles_of_association නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "නොකියා – FAQ". නොකියා කෝපරේෂන්. සම්ප්‍රවේශය 16 මාර්තු 2009.[භින්න වූ සබැඳිය]
  5. "ග්ලෝබල් 500 2013". ෆෝර්චූන්. 2013. http://money.cnn.com/magazines/fortune/global500/2013/full_list/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 අගෝස්තු 2013. 
  6. 6.0 6.1 "දිස් ඊස් ද නිව් නොකියා". ද වර්ජ්. සම්ප්‍රවේශය 23 නොවැම්බර් 2014.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; verge-msnokia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. ඔමිනේ, ෂිරා. "මයික්‍රොසොෆට් ඉන් $7.17 බිලියන් ඩීල් ෆෝ නොකියා සෙල්ෆෝන් බිස්නස්". වෝල් ස්ට්‍රීට් ජර්නල්. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2013.
  9. http://www.cnet.com/news/microsoft-closes-nokia-deal-pays-more-than-expected/
"https://si.wikipedia.org/w/index.php?title=නොකියා&oldid=540140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි