නෙබුකැඩ්නෙසර් II (අසන්නi/ˌnɛbjʊkədˈnɛzər/; සැකිල්ල:Lang-arc; හීබෲ: נְבוּכַדְנֶצַּר Nəḇūḵaḏneṣṣar; පුරාතන ග්‍රීක: Ναβουχοδονόσωρ Naboukhodonósôr; අරාබි: نِبُوخَذنِصَّر nibūḫaḏniṣṣar; ක්‍රි.පූ. 642 – ක්‍රි.පූ. 562 පමණ) යනු ක්‍රි.පූ. 605 – 562 පමණ කාලයේ රාජ්‍ය කළ නව-බැබිලෝනියානු අධිරාජ්‍යයේ කැල්ඩියන් රජ කෙනෙකි. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන ඉදිකිරීම මෙන්ම ජෙරුසලමේ දේවස්ථානය විනාශ කිරීම ද සිදුකළේ ඔහු විසින් යැයි සැලකේ. ඔහු පිළිබඳ ඩැනියෙල්ගේ ග්‍රන්ථය සහ බයිබලයේ පොත් කිහිපයක ද සඳහන් වේ.

නබූ-කුඩුරි-උසර්
බැබිලෝනියාවේ රජ
II වන නෙබුකැඩ්නෙසර්ගේ රුව සමග ඔනික්ස් පාෂාණයක කැටයම් කළ අභිලේඛනයක්. ඇන්ටන් නයිස්ට්‍රෝම්, 1901.[1]
රාජ්‍ය සමයක්‍රි.පූ. 605 – 562 පමණ
පූර්වප්‍රාප්තිකයානැබොපොලැසර්
අනුප්‍රාප්තිකයාඅමෙල්-මාර්ඩුක්
උපතක්‍රි.පූ. 642 පමණ
මරණයක්‍රි.පූ. 562 පමණ (80 වියැති)
පියානැබොපොලැසර්

අක්කාඩියානු නමක් වන නබූ-කුඩුරි-උසර් යන්නෙහි අර්ථය "නබු නබු දෙවියනි, මගේ පළමු පුත්‍රයා රැකගන්න" යන්නයි. මාර්ඩුක් දෙවියන්ගේ පුත්‍රයා වන නබු බැබිලෝනියානු ප්‍රඥාවේ දේවතාවා ද වේ. අභිලේඛනයක නෙබුකැඩ්නෙසර් තමන්ට ආමන්ත්‍රණය කොටගෙන ඇත්තේ නබුගේ "ආදරණීයයා" සහ "ප්‍රියතමයා" යන නාමයෙනි.[2][3] මුලින් ඔහුගේ නම "නබු, මාගේ කුඩුරු රැකගන්න" ලෙස වරදවා අර්ථ දක්වා තිබිණි.[4] එවිට කුඩුරු යනු දේපළවල අභිලේඛිත පාෂාණමය ඔප්පුවක් බඳු දෙයකි. කෙසේනමුත් පාලකයාගේ නමෙහි යෙදෙන විට කුඩුරු යන්නෙන් ආසන්න වශයෙන් "පළමුව උප්න පුත්‍රයා" හෝ "වැඩිමහල්ම පුත්‍රයා" යන්න අරුත් ගැන්වේ.[5] හීබෲ නාමයේ ප්‍රභේද අතරට සැකිල්ල:Hebrew සහ සැකිල්ල:Hebrew (Nəḇuḵaḏreṣṣar) යන නම් ද ඇතුළත් වේ. ඔහුව බඛාත් නසර් යනුවෙන් ද හැඳින්වෙන අතර එහි අර්ථය "දෛවය ජයගන්නා" යන්නයි.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Anton Nyström, Allmän kulturhistoria eller det mänskliga lifvet i dess utveckling, bd 2 (1901)
  2. Harper, R. F. quoted in Peet, Stephen Denison (editor). 1900. “Editorial Notes,” The American Antiquarian and Oriental Journal. New York: Doubleday, vol. XXII, May and June, p. 207.
  3. Lamb, Harold. 1960. Cyrus the Great. New York: Doubleday, p. 104.
  4. Schrader, Eberhard. 1888. The Cuneiform Inscriptions and the Old Testament. London: Williams and Norgate, p. 48 (footnote).
  5. Chicago Assyrian Dictionary sub Kudurru Ca5'

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
නැබොපොලැසර්
බැබිලෝනියාවේ රජ
ක්‍රි.පූ. 605 – ක්‍රි.පූ. 562
අනුප්‍රාප්තික
අමෙල්-මාර්ඩුක්
"https://si.wikipedia.org/w/index.php?title=නෙබුකැඩ්නෙසර්_II&oldid=601344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි