නමිනාථ යනුවෙන් හැඳින්වෙන්නේ වත්මන් අර්ධ කාල චක්‍රය වන අව්සර්පිනිහි විසිඑක්වන තීර්ථංකරවරයායි. ඔහු උපත ලැබූයේ ඉක්ෂ්වාකු රාජවංශයේ විජය රජුට දාව විප්‍රා රැජිනට ය. විජය රජු එකල මිථිලාවේ පාලකයා විය.[3] නමිනාථ සිය මවගේ කුසෙහි සිටින විට මිථිලාව බලවත් රජුන් රැසකගේ ආක්‍රමණවලට නතු විය. නමිනාථගේ බල මහිමයෙන් සියලු රජවරුන් විජය රජුට යටත් විය.[4]

නමිනාථ
21වන තීර්ථංකර
නමිනාථ
මථුරා කෞතුකාගාරයේ ඇති නමිනාථ ප්‍රතිමාවක්
Venerated inජෛන ආගම
සංකේතයනිල් මහනෙල් හෝ නිල් නෙළුම්[1]
උසහී 15 (45 මීටර)[2]
වර්ණයරන්
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්
  • විජය (පියා)
  • වප්‍රා (විප්‍රා) (මව)
පූර්වගමනය වූයේමුනිසුව්‍රත
අනුගමනය වූයේනේමිනාථ
උපත ලැබූයේමිථිලා
මෝක්ෂයශිඛර්ජි

චරිතාපදානය සංස්කරණය

නමිනාථ උපත ලැබූයේ චන්ද්‍රසූර්ය ජෛන දින දසුනේ 8වන ශ්‍රාවන් ක්‍රිෂ්ණ දිනයේ ය. බකුල වෘක්ෂයක් යටදී ඔහු කේවල ඥාන උපදවා ගත්තේ ය. ඔහුට ගනධරයින් 17 දෙනකු වූ අතර සුප්‍රභා එහි නායකයා විය.[5] ජෛන සම්ප්‍රදාය අනුව ඔහු තම සියලු කර්මයන් බිඳදමා සිය ආත්මය නිදහස් කරගත් අතර, නේමිනාථයන්ට වසර 50,000කට පමණ පෙර සම්මේද් ශිඛර් වෙතින් මෝක්ෂය ලබාගෙන ඇත.[6]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Tandon 2002, පිටු අංකය: 45.
  2. Sarasvati 1970, පිටු අංකය: 444.
  3. Tukol 1980, පිටු අංකය: 31.
  4. Jain 2009, පිටු අංකය: 87-88.
  5. Shah 1987, පිටු අංකය: 163.
  6. Zimmer 1952, පිටු අංකය: 226.

ප්‍රභව සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Jain Gods සැකිල්ල:Jainism topics


"https://si.wikipedia.org/w/index.php?title=නමිනාථ&oldid=414962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි