ද මමී (1999 චිත්‍රපටය)

"ද මමී" (The Mummy) නැමැති ඇමෙරිකානු චිත්‍රපටය 1999 දී නිෂ්පාදනය වූ ගවේෂණ සහ ත්‍රාස්‍යයජනක චිත්‍රපටයක් වන අතර තිර රචනය සහ අධ්‍යක්ෂණය "ස්ටීෆන් සොමර්ස්" විසින්ද "බ්‍රෙන්ඩන් ෆ්රේසර්", "රේචල් වෛස්", "ජෝන් හැනා" සහ "කෙවින් ජේ ඕ' කෝනර්" විසින් රඟ දක්වන අතර "අර්නෝල්ඩ් වොස්ලූ" විසින් චිත්‍රපටයේ දැක්වෙන චරිත නාමය රඟ දක්වයි. මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ 1932 නිර්මාණය වූ මෙම නාමයම රැගත් චිත්‍රපටයක් වන "ද මමී" චිත්‍රපටය පාදක කොට ගෙනය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කලේ "බොරිස් කර්ලොෆ්" විසිනි. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පටන් ගනු ලැබුවේ අඩු වියදමකින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කල ත්‍රාස්‍යයජනක චිත්‍රපට මාලාවක් ලෙස වුවත් එය අවසානයේ වාර්තා පිහිටවූ ත්‍රාස්‍යය පිරි ගවේෂණ චිත්‍රපටයක් බවට පත් විය.

ද මමී
The Mummy
ගොනුව:The mumm.jpg
Teaser poster
අධ්‍යක්‍ෂණයස්ටීෆන් සොමර්ස්
රචනයස්ටීෆන් සොමර්ස්
ජෝන් එල්. බැල්ඩර්ස්ටන්(නිර්දේශ නොකල)
කතාවස්තුවස්ටීෆන් සොමර්ස්
ලොයිඩ් ෆොන්විල්
කෙවින් ජාර්
නීනා විල්කොක්ස් පුට්නම්(නිර්දේශ නොකල)
රිචර්ඩ් ශේයර්(නිර්දේශ නොකල)
නිශ්පාදනයෂෝන් දනියෙල්
ජේම්ස් ජැක්ස්
රංගන ශිල්පීන්බ්‍රෙන්ඩන් ෆ්රේසර්
රේචල් වෛස්
ජෝන් හැනා
අර්නෝල්ඩ් වොස්ලූ
කෙවින් ජේ ඕ' කෝනර්
සිනෙමාරූපණයඑඩ්රියන් බිඩ්ල්
සංස්කරණයබොබ් ඩක්සේ
සංගීතයජෙරී ගෝල්ඩ්ස්මිත්
Production
company
බෙදාහැරීමයුනිවර්සල් පික්චර්ස්
නිකුත්වූ දිනය
1999|මැයි|7
තිර කාලය
මිනිත්තු125
රටඇමෙරිකා එක්සත් ජනපදය
භාෂාඉoග්‍රීසි
අරාබි
ඉපැරණි ඊජීප්තු
පිරිවැය$80 මිලියන
ආදායම$415,933,406

චිත්‍රපට රූගත කිරීම් "මරකෙක්, මොරොක්කෝවේ", 1998 මැයි මස 4 වෙනි දින ඇරඹුනු අතර සති දාහතක් පුරා රූගත කිරීම් කරන ලදී. කණ්ඩායමට විජලනය, වැලි කුණාටු, සහ සර්පයන්ගෙන් හානි සිදුවූයේ සහරා කාන්තාරයේ රූගත කිරීම් කරන අතරතුරය. විශේෂ දෘෂ්‍ය චලන 'ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික්' ආයතනය විසින් සපයන ලද අතර ඔවුන් චිත්‍රපටය සමඟ පරිඝනකය මඟින් සකස් කරන ලද මමී චරිතයේ රූප එක් කිරීමද කරන ලදී. "ජෙරී ගෝල්ඩ් ස්මිත්" විසින් ඕර්කේස්ට්‍රා වාදනයෙන් දායක විය.

"ද මමී" චිත්‍රපටය 1999 මැයි 7 වන දින නිකුත් වූ අතර එය නිකුත්වූ සති අන්තයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට ශාලා 3210 ක තිරගත වීමෙන් ඩොලර් මිලියන 43 ක ආදායමක් ලැබිණි. ඔවුන්ගේ විශාල ආදායමෙන් ලද සාර්ථකත්වය නිසා 2001 දී, "ද මමී රිටර්න්ස්" චිත්‍රපටයද, "ද මමී : ද ඇනිමේටඩ් සීරීස්" සහ "ස්කෝපියන් කිංග්" නමැති චිත්‍රපට නිෂ්පාදනයටද මං සැලසිණි. අවරුදු 7 කට පසුව තුන්වන අදියර ලෙස "ද ටූම්බ් ඔෆ් ද ඩ්රැගන් එම්ප්‍රරර්" 2008 අගෝස්තු 1 වැනි දින නිකුත් කරන ලදී. "යුනිවර්සල් පික්චර්ස්" ආයතනය "රෝලර් කෝස්ටර්" සහ "රිවේන්ජ් ඔෆ් ද මමී" චිත්‍රපටද 2004 දී නිකුත් කරන ලදී. මෙම චිත්‍රපටයේ කෘතියක් ලෙස "මැක්ස් ඇලන් කොලින්ස්" විසින් එළි දක්වන ලදී.

කථා වස්තුව සංස්කරණය

ක්‍රි.පූ 1290 ඊජිප්තුවේ, උත්තම පූජක "ඉමෝටෙප්", "පලවන පාරාවෝ සේති" රජුගේ බිරිය වන "අනක්-සුන-මෝන්" සමඟ සම්බන්ධතාවක් ඇති කර ගනී. මේ පිළිබඳ පාරාවෝ රජු දැනගත් විට, ඉමෝටේප් සහ අනක්-සුන-මොන් විසින් රජුව මරණයට පත් කරති. රජුගේ සොල්දාදුවන් පැමිණෙන විට ඉමෝටෙප් පලා යන අතර අනක්-සුන-මොන් සිය දිවි නසා ගන්නේ ඉමෝටෙප් ඇයව නැවත මරණයෙන් නැගිටුවනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. අනක්-සුන-මොන් ගේ මරණ කටයුතු වලින් අනතුරුව, ඉමෝටෙප් සහ ඔහුගේ අනෙකුත් පූජක වරුන් ඇයගේ මළ සිරුර සොරකම් කර "හමුනප්ට්‍රා" නම් මළවුන්ගේ දේශයට පලා යන අතර එහිදී මළවුන්ගෙන් නැගිටීමේ උත්සවය පැවැත්වීම අරඹන ලදී. ඔවුන් එම උත්සවයේ ආගමික/සංස්කෘතික පිළිවෙත් නිම කිරීමට ප්‍රථම රජුගේ සොල්දාදුවන්ට හසු වන අතර, අනක්-සුන-මොන් ගේ ආත්මය නැවත පාතාලයට යවන ලදී. ඉමෝටෙප් ගේ අනිකුත් පූජක වරුන් පණපිටින් මමී බවට පත් කරන ලද අතර, ඉමෝටෙප් වෙත සාපයක් හෙළා දඩුවම් කලේ මිනී කන කෘමීන් සමඟ ඔහුව පණපිටින් වළලා එහි වේදනාව සදාකාලිකව අත්විදීමට සැලසීමෙනි. ඔහුව වළලනු ලැබුවේ තදබල මුර ආරක්ෂාවක් යටතේ වන අතර ගලින් තනවන ලද පෙට්ටියක් තුල මුද්‍රා තබා ඊජිප්තු දෙවියෙකු වන "අනුබිස්" දෙවියාගේ පිළිමය යට තැන්පත් කරන ලදී. මෙයට මුර ලෙස තැබුවේ "මෙඩ්ජායි" නැමැති සොල්දාදුවන් පිරිසකි.

1926 දී "ජොනතන් කාර්නහැන්", "කයිරෝ" හි පුස්තකාල භාරකාරකාරියකද, ඊජිප්තු ඉතිහාසඥවරියක්ද වන ඔහුගේ සහෝදරිය "ඉවලින්" වෙත පුරාණ පෙට්ටියක් සමඟ සිතියමක් පෙන්වන ලද්දේ ඔහු මේවා "තිබේ" හි සොයාගත්තේ යැයි පවසමිනි. ඔවුන් දෙදෙනා පසුව මෙම සිතියම "හමුනප්ට්‍රා" වෙත යන මාර්ගය පෙන්වන්නේ යැයි සොයා ගන්නා ලද අතර, ජොනතන් මෙය ඇමෙරිකානු ගවේෂකයෙකු වන දැනට සිරගතව සිටින "රික් ඕ'කොනෙල්" ගෙන් සොරා ගත්තේ යැයි හෙළි කරයි. ඉවලින් සහ ජොනතන්, රික්ව මුණගැසීමෙන් අනතුරුව රික් කියා සිටියේ ඔහු එම ස්ථානය දන්නා බවත් අවුරුදු කිහිපයකට කලින් එම ස්ථානය තමන් ප්‍රoශ හමුදා කණ්ඩායමක සිටියදී සොයා ගනු ලැබූ බවත්ය. ඔහු ඉවලින් සමඟ ගිවිසුමකට පැමිණෙන්නේ ඉවලින් ඔහුට නියම වී ඇති එල්ලා මැරීමේ දඬුවමෙන් බේරාගන්නේ නම් හමුනප්ට්‍රා වෙත යන මඟ පෙන්වන්නේ යැයි පවසමිනි.

රික් විසින් ඉවලින් සහ ජොනතන්ව රැගෙන ගවේෂණයේ යෙදෙන අතර මඟදී, ඔවුන්ට ඇමෙරිකානු නිදන්වස්තු සොයන්නන් කණ්ඩායමක් මුණ ගැසෙන අතර ඔවුන් මෙහෙයවනු ලබන්නේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඊජිප්තු ඉතිහාසඥවරයෙකු වන ආචාර්‍ය "ඇලන් චෙම්බර්ලෙන්" වන අතර මං පෙන්වනු ලබන්නේ රික්ගේ පැරණි මෙන්ම ඉක්මනින් බියට පත්වන සගයෙකු වූ "බෙනී ගේබර්" විසිනි. හමුනප්ට්‍රා වලට පැමිණීමෙන් පසුව ඔවුන්ට මෙඩ්ජායි හමුදාවෙන් පහර කෑමට ලක්වන අතර, "ආර්ඩේත් බේ" විසින් මෙඩ්ජායි මෙහෙය වනු ලබයි. ආර්ඩේත් පසුව මෙම නගරයේ භයංකාරත්වය ගවේෂණ කණ්ඩායම් දෙකට පැහැදිලි කර දෙන නමුත් ඔවුන් එය සැලකිල්ලට නොගෙන කණ්ඩායම් කැඩී නගරය විමර්ශනය කරන්නට නික්මයයි. ඉවලින්, "අමුන්-රා" නැමැති රත්රන් වලින් නිමවන ලද දැඩි ඝනකමකින් යුතු පොතක් සොයමින් සිටින අතර එම පොත හට ජීවයක් බිලිගැනීමේ බලයද සතුබව පැවසේ. නමුත් ඇයට හමුවන්නේ ඉමෝටෙප්ගේ සුන්බුන් කිහිපයකි. මේ අතරතුර ඇමෙරිකානු ගවේෂණ කණ්ඩායමට "මළවුන්ගේ කළු පොත" නැමැති පොතක් අඩoගු පෙට්ටියක් හමුවන අතර එය සමඟ අනක්-සුන-මොන් ගේ ශරීර කොටස් තැන්පත් කරනු ලැබූ ජෝගු කීපයක් සොයාගැනීමට ඔවුන්ට හැකිවේ. චෙම්බර්ලෙන් මළවුන්ගේ පොත රැගෙන යන අතර, කණ්ඩායමේ සෑම දෙනාම එක් ජෝගුවක් බැගින් රැගෙන යන ලදී. පොත අඩoගු පෙට්ටිය වීවෘත කිරීමට පෙර චෙම්බර්ලෙන් එහි කොටා ඇති ලියමනක් කියවන අතර එහි සඳහන් වනුයේ එම පෙට්ටිය වීවෘත කරන්නා හෝ කරන්නන්, ඉමෝටෙප් නැගිටවනු ලැබුවොත් සාපයක් ඔවුන් වෙත පැමිණවෙන බවය. කණ්ඩායමේ අනිකුත් අය එය සැලකිල්ලට නොගන්නා නමුත්, බෙනී උදව් කිරීමට පැකිලෙන අතර අනතුරුව පලා යයි.

රාත්‍රියේදී, ඉවලින් මළවුන්ගේ පොත ගෙන එහි පිටුවක් හඬ නගා කියවා අතපසුවීමෙන් හදිසියේ ඉමෝටෙප් නැගිටවනු ලැබිණ. ගවේෂණ කණ්ඩායම් කයිරෝ වලට පලා යන නමුත් ඉමෝටෙප් ඔවුන්ව බෙනී ගේ සහය ඇතුව පසුපස ලුහුබදී. බෙනී සහය වීමට කැමති වන්නේ ඔහුගේ ජීවිතය මෙහිදී විනාශ නොකරන්නේ යැයි පොරොන්දු ඇතිවය. ඉමෝටෙප්, ඇමෙරිකානු ගවේෂණ කණ්ඩායමේ පිරිසගේ ජීවය උරා ගෙන නැවත ප්‍රාණවත් වේ. ඉමෝටෙප් නතර කිරීමට උපායක් සොයන රික්, ඉවලින්, ජොනතන් ට කෞතුකාගාරයකදී ආර්ඩේත් හමු වේ. ඉවලින් එහිදී කියා සිටියේ ඉමෝටෙප් ඇයව අනක්-සුන-මෝන් ලෙස ආමන්ත්‍රණය කරන ලද බවය. මෙය අසා සිටි ආර්ඩේත් සහ කෞතුකාගාර භාරක "ටෙරන්ස් බේ" කියා සිටියේ ඉමෝටෙප් තමන් ආදරය කරන්නිය නැවත මරණයෙන් නැගිටුවීමට අවශ්‍ය බවත් එයට ඉවලින් මිනිස් බිල්ලක් ලෙස පාවිච්චි කිරීමට සැලසෙන බවත්ය. ඉවලින් අනතුරුව කල්පනා කරන්නේ මළවුන්ගේ පොත ඉමෝටෙප්ව නැගිටවනු ලැබුවා නම් අමුන්-රා පොත ඔහුව නැවත මරණයට පත් කල හැකි බවය.පොත ඇති ස්ථානය සොයාගැනීමෙන් අනතුරුව ඉමෝටෙප් එම කණ්ඩායම සොල්දාදුවන් යොදවා කොටු කර ගනී. ඇතිවූ තත්වය නිසා ඉවලින් තම ජීවිතය ඉමෝටෙප්ට භාරදීමට එකඟවන අතර ඒවෙනුවෙන් තමන්ගේ කණ්ඩායමේ ඉතුරු සගයන්ගේ ජීවිතවලට හානි නොකරන ලෙස ඉල්ලා සිටියාය. ඉමෝටෙප් පොරොන්දු ඉෂ්ට නොකර ඔහුගේ සේවකයන් යොදවා ගවේෂණ කණ්ඩායම මැරීමට යොදවයි. උමඟකට දොරටුවක් සොයාගැනීමට වාසනාවන්තවූ රික් නිසා ඔවුන්ට පලා යාමට ඉඩ සැලසිණි. ටෙරන්ස් අනෙක් සගයන්ගේ ජීවිත බේරාගැනීමට ඉඩ සලසන විට තම ජීවිතය බිලිදීමට සිදුවේ.

ඉමෝටෙප්, ඉවලින් සහ බෙනී සමඟ හමුනප්ට්‍රා වෙත නැවත පිවිසෙන අතර රික්, ජොනතන්, සහ ආර්ඩේත් ඔවුන් ලුහුබදී. ඉමෝටෙප්ගේ මමීවරුන් බවට පත්වූ පූජකවරුන් සමඟ සටන් වැඳීමෙන් අනතුරුව ඉවලින් බේරාගැනීමට හැකි වන අතර ඉවලින්, අමුන්-රා පොතෙන් කොටසක් කියවන අතර ඉන්පසු ඉමෝටෙප්ට තිබූ අමරණීයත්වය නැතිවීයයි. ඉන්පසු රික් ඔහුව මරණයේ නදිය වෙත තල්ලු කරයි. ඉමෝටෙප් ජීවතුන්ගේ ලෝකයෙන් නික්මී යන්නේ 'මරණය පටන් ගැන්ම පමණයි' යනුවෙන් පලිගැනීමට පොරොන්දු වෙමින් වන අතර ඔහු එම කී වචන වූයේ තමාගේ මිනීපෙට්ටියේ කොටා තිබූ වදනකි. පිරමිඩයේ ගබඩා කරතිබූ වස්තුන් ගෙන යාමට තැත් කරන විට බෙනී අතපසුවී මිනී කන කෘමීන් සහිත උගුලක් ලිහිල් වෙන අතර මුළු හමුනප්ට්‍රාවම වැලිවලට යටවී යයි. පලායන අතරතුර අමුන්-රා පොත අස්ථානගත වන නමුත් කතාවේ වීරයන්ට තමන්ගේ ජීවිත බේරාගැනීමට හැකි වේ. අවසානයේදී රික්, ජොනතන් සහ ඉවලින් ඔටුවන් පිට නැගී කාන්තාරය තරණය කරන්නේ බෙනී සොයාගත් වස්තු සම්බාරයද රැගෙනය.

රංගන ශිල්පීන් සංස්කරණය

  • බ්‍රෙන්ඩන් ෆ්රේසර්, රික් ඕ'කොනෙල් ලෙස - ප්‍රoශ හමුදා ඒකකයේ සේවය කල ගවේෂකයෙකි. නිෂ්පාදක ජේම්ස් ජැක්, රික් ඕ'කොනෙල් චරිතය ටොම් කෘස්, බ්‍රැඩ් පිට්, මැට් ඩේමන් සහ බෙන් ඇෆ්ලෙක් හට පිරිනැමුවද ඔවුන් අකමැති වීම හෝ කාලය වෙන් කර ගැනීමට නොහැකි වීම යන හේතු නිසා භාරගැනීමට නොහැකි විය. නිෂ්පාදක ජැක්ස් සහ අධ්‍යක්ෂක ස්ටීෆන් සොමර්ස්, ජෝර්ජ් ඔෆ් ද ජන්ගල් චිත්‍රපටය උපයන ආදායම දැක මවිතයට පත්වුයෙන් බ්‍රෙන්ඩන් ෆ්රේසර් මේ සඳහා තෝරා ගන්නා ලදී.සොමර්ස් වැඩි දුරටත් පවසා සිටියේ ෆ්රේසර්, එරොල් ෆ්ලින් විසින් රඟන ලද කඩුහරඹ පාන චරිතයට මනාව ගැලපෙන බව තම මනසින් මවා ගෙන තිබු බවය. සොමර්ස් ඔහුගේ චරිතය එතරම් තමන් ප්‍රධාන කොටගත් බාවයක් නිරූපණය නොකරන බව තේරුම් ගත්තේ නරඹන්නන්ගේ අවශ්‍යතාව හදුනාගනිමිනි.
  • රේචල් වෛස්, ඉවලින් කාර්නහැන් ලෙස - නොසැලකිලිමත් නමුත් ඉතා ඥාණවත් ඊජිප්තු ඉතිහාසඥවරියකි. තම සගයින්ට තම හැකියාවන් පෙන්වීමට හමුනප්ට්‍රා ගවේෂණය කර පුරාණ පොතක් සොයා යාමට පෙළඹේ. රේචල් වෛස් ත්‍රාස්‍යයජනක චිත්‍රපට වලට ඇලුම් නොකරන නමුත්, මෙම චිත්‍රපටය එවැන්නක් ලෙස ඇය නොදකියි. ඇය සම්මුඛ සාකච්චාවකදී පැවසුවේ "මෙය හොකුම් වැනි, කාර්ටූන් චරිත පිරි ලෝකයක් බඳුය" කියාය.
  • අර්නෝල්ඩ් වොස්ලූ, උත්තම පුජක ඉමෝටෙප් ලෙස - පාරාවෝ රජුගේ විශ්වාසවන්තම උපදේශකවරයා ලෙස කටයුතු කළේය. ඉමෝටෙප්ට, අනක්-සුන-මෝන් වෙත ඇතිවූ ආදරය නිසා රජුව රැවටීමට යොමු විය.ඔහු සාප ලද අතර කඩින් කඩ මරණයට පත්කිරීම ඔහු කල වරදට දඩුවම විය. නමුත් වසර 3000 කට පසු ඔහු යලි මරණයෙන් නැගිටුවන ලදී. දකුණු අප්‍රිකානු නළුවකු වන වොස්ලූ, සොමර්ස් මෙම චිත්‍රපටයේ පිටපතෙහි පිවිසුම තේරුම් ගත්තද, ඉමෝටෙප් චරිතය නිරූපණය කිරීමට භාරගත්තේ එක් කොන්දෙසියක් පිටය. එනම් මෙම චිත්‍රපටය ඉමෝටෙප් ගේ දෘෂ්ටිකෝණයෙන් එය රෝමියෝ-ජුලියට් කතාවට සමාන වෙනස් කතාවක් ලෙස පෙන්නුම් වේනම් පමණි යන්න මතය.
  • කෙවින් ජේ ඕ' කෝනර්, බෙනී ගේබර් ලෙස - ප්‍රoශ හමුදා ඒකකයේ සේවය කල රික් වැනි සේවයෙන් අස්වූ සෙබළෙකි. බෙනී මුදලට තන්හා පුද්ගලයෙකු වන අතර බියගුළු තැනැත්තකු වන්නේය. ඔහු ඉමෝටෙප්ට ගොදුරු වීමට යාමේදී ඇතිවූ බිය නිසා තමන් සේවය කල ස්වාමියන් රැවටීය. ඉමෝටෙප් බෙනීව තමන්ගේ වහල්ලෙක් බවට පත් කරගන්නේ බෙනී ඉමෝටෙප් විසින් හඳුනාගන්නා ලද 'සේවකයන්ගේ භාෂාවෙන්' ඉමෝටෙප්ව නමස්කාර කල බැවිනි.
  • ඔඩෙඩ් ෆෙර්, ආර්ඩේත් බේ ලෙස - මෙඩ්ජායිවරයෙකු වන අතර නගර ආරක්ෂකයෙකි.
  • පැට්‍රිෂියා වෙලස්කුවෙස්, අනක්-සුන-මොන් ලෙස - ඉමෝටෙප්ගේ ආදරවන්තිය
  • බර්නාඩ් ෆොක්ස්, කැප්ටන් වින්ස්ටන් හැව්ලොක් ලෙස - රික්ගේ සගයෙකු ලෙස
  • එරික් අවාරි, ආචාර්‍ය ටෙරන්ස් බේ ලෙස - කෞතුකාගාර භාරකාරවරක් ලෙස සහ මෙඩ්ජායිවරයෙකු ලෙස
  • ඔමිඩ් ජාලිලි - රික්, ඉවලින් සහ ජෝනතන්ගේ ගවේෂණයට එක්වූ මඟ පෙන්වන්නෙක් ලෙස
  • ස්ටීෆන් ඩන්හම්, කොරී ජොන්සන්, ටක් වට්කින්ස් සහ ජොනතන් හයිඩ් ඇමෙරිකානු ගවේෂණ කණ්ඩායමේ සගයන්ගේ චරිත නිරූපනය කරන ලදී.

නිෂ්පාදනය සංස්කරණය

ආරම්භය සංස්කරණය

1992 දී, නිෂ්පාදක ජේම්ස් ජැක්ස් පළමු 'මමී' චිත්‍රපටය 1990 ට සරිලනසේ නැවත නිර්මාණය කිරීමට තීරණය කළේය. 'යුනිවර්සල් ස්ටූඩියෝ' සහ 'එම්බ්ලින් එන්ටටේන්මන්ට්' සමාගම එයට සමබන්ධ වීමට කැමැත්ත පල කලේ ඔහු එහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කට සීමා කරන්නේ නම් පමණි කොන්දේසිය පිටය. නිෂ්පාදකවරයා පෙර සිටම දැන සිටියේ 'යුනිවර්සල් ස්ටූඩියෝ' ආයතනයට අඩු වියදම් සහිත ත්‍රාස්‍යයජනක චිත්‍රපටයක් නිපදවීමට අවශ්‍යතාවක් තිබු බවය. ඊට ප්‍රතිචාරයක් ලෙස ජැක්ස් ත්‍රාස්‍යය චිත්‍රපට අධ්‍යක්ෂක/ තිර රචක, 'ක්ලයිව් බාර්කර්' අධ්‍යක්ෂණය සදහා කැදවා ගනී. බාර්කර්ගේ අදහස වුයේ චිත්‍රපටය ඉතා බිහිසුණු මෙන්ම කතාවේ ප්‍රධාන චරිතය ලෙස පෙන්නුම් කලේ, මමීවරුන් නැගිටවන මායාකාරයෙක් වන කලා කෞතුකාගාර භාරකරුවෙකුගේ වෙස් ගෙන සිටින්නෙක්ය. ජැක්ස් නැවත මතක් කර කියා සිටින්නේ බාර්කර්ගේ අදහස වුයේ චිත්‍රපටය අඳුරු, රාගාත්මක එමෙන්ම මායාවලින් පිරී තිබිය යුතුබවය. එය නිෂ්පාදනය වුයේ නම් එය හොඳ අඩු වියදම් සහිත චිත්‍රපටයක් වීමට තිබිණ. සාකච්චා කීපයකින් පසු බාර්කර් සහ යුනිවර්සල් ආයතනය මේ පිලිබඳ උනන්දුව නැතිවී යයි. චිත්‍රපට අධ්‍යක්ෂ 'ජෝර්ජ් ඒ. රොමේරෝ' විසින් ගෙනා අදහස වුයේ චිත්‍රපටය ඇවිදින මළවුන් පිලිබඳ විය යුතු බවත් ත්‍රාස්‍යයජනක චිත්‍රපටයක් වන 'නයිට් ඔෆ් ද ලිවින් ඩේඩ්' හා සමාන චිත්‍රපටයක් විය යුතු බවය. නමුත් ජැක්ස් මෙන්ම ප්‍රායෝගික අදහසක් අවශ්‍ය වී තිබු ස්ටූඩියෝවද එම අදහස් වන චිත්‍රපටය භයංකාර එකක් වනු ඇතැයි තීරණය කළෝය.

ඊලඟට 'ජෝ ඩන්ටේ' සමග සම්බන්ධ වූ අතර ඔහුගේ අදහස වුයේ වැඩි වියදමක් සහිතව 'දනියෙල් ඩේ ලුවිස් ' ඉතා නපුරු මමීයකගේ චරිතයක් නිරූපනය කරන චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. මෙම අනුවාදයට අනුව (ජෝන් සේල්ස් සමඟ තිර රචනය කල) වර්තමාන කාලය පදනම් කරගෙන ආදරකතාවක නැවත උත්පත්තිය පිලිබඳ කියවේ. මෙම චිත්‍රපටය නිර්මාණය වීමට ආසන්නව තිබු නමුත් එනම් මිනී කන කෘමීන් වැනි දෑ නිර්මාණය වූ පසුත්, ස්ටූඩියෝවට ඩොලර් මිලියන 15 ක අයවැයක් වූ ච්ත්‍රපටයක් අවශ්‍ය වූ නිසා ඩන්ටේගේ අනුවාදය අනුමත නොවීය. ඉන් මද කලකට පසු 'මික් ගැරිස්' අධ්‍යක්ෂණයට එක්වූ නමුත් නැවත ව්‍යාපෘතිය හැර යන අතර, 'වෙස් ක්‍රාවේන්' ට මෙම චිත්‍රපටය පිළිගැන්වෙන නමුත් එය ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉන්පසු 1997 දී ස්ටීෆන් සොමර්ස්, ජැක්ස්ට කතා කර කියා සිටින ආකාරයට ඔහුගේ අදහස වන්නේ 'ඉන්දියානා ජෝන්ස්' හෝ 'ජේසන් ඇන්ඩ් ද අර්ගොනොට්ස්' යන චිත්‍රපට වල ආකාරයට මමී නැමැති සත්වයා චිත්‍රපටයේ වීරයන්ට අනතුරු ඇති කරන බවය. සොමර්ස් මමී පළමු චිත්‍රපටය වයස 8 දී දැක තිබුණු අතර ඔහුට එය නැවත විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය විය. ඔහුට මමී සම්බන්ධ චිත්‍රපටයක් 1993 දී සිට නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් තිරරචකයින් සහ අධ්‍යක්ෂකවරුන් එම කාර්යයේ යෙදී සිටියෝය. අවසානයේදී සොමර්ස්ට තම අවස්ථාව උදා වී ඔහුගේ අදහස යුනිවර්සල් ආයතනයට පිටු 18 ක වාර්තාවක් පිළිගන්වන ලදී. එවන විට යුනිවර්සල් ආයතනයේ කළමනාකාරිත්වය, 'බේබ්: පිග් ඉන් ද සිටි' චිත්‍රපටය නිසා මේ පිලිබඳ අදහස වෙනස් වී තිබු නිසාත්, එම චිත්‍රපටය තිරගත වීමෙන් ලද පාඩුව නිසාත් එය මකාගෙන 1930 දී තිබී සාර්ථකත්වය ළඟා කරගැනීමට ආයතනයට අවශ්‍යවේ. යුනිවර්සල් ආයතනය මෙම අදහසට කැමති වන අතර එය අනුමත කර, අයවැය ඩොලර් මිලියන 15 සිට ඩොලර් මිලියන 80 දක්වා වැඩි ක‍රයි.

මූලික ජායාරූපකරණය සංස්කරණය

චිත්‍රපට රූගත කිරීම් "මරකෙක්, මොරොක්කෝවේ", 1998 මැයි මස 4 වෙනි දින ඇරඹුනු අතර සති දාහතක් පුරා රූගත කිරීම් කරන ලදී. ජායාරූපකරණය පසුව 'අරෆ්වුඩ්' නැමැති කුඩා නගරයෙන් පිට පිහිටි සහරා කාන්තාරයට රැගෙන ගිය අතර ඉන්පසු එක්සත් රාජධානියටද, 1998 අගෝස්තු 29 දින රූගතකිරීම් අවසන් වීමට ප්‍රථම මාරුවෙමින් පැවතිනි. කණ්ඩායම ඊජිප්තුවේ රූගත කිරීම් කිරීමට නොහැකි වුයේ යහපත් දේශපාලන වාතාවරනක් නොතිබූ නිසාය. සහරා කාන්තාරයේ දැඩි රස්නය නිසා ඇතිවන විජලන තත්වය මගහරවා ගැනීමට නිෂ්පාදන කණ්ඩායමේ, ප්‍රථමාධාර පිරිස විශේෂ පානයක් සකස් කල අතර එය පැය දෙකෙන් දෙකට රූගත කරන කණ්ඩායමට මෙන්ම රංගන ශිල්පීන්ට පානය කිරීමට සිදු විය. දෛනිකව වැලි කුනාටුවලට හසු විය. සර්පයන්, මකුණන් සහ ගෝනුස්සන් ඉතා බරපතල ප්‍රශ්නයක් වූ අතර, කණ්ඩායමේ සමහරුන්ව මෙම සතුන් සපා කෑම නිසා ගුවන් මගින් ප්‍රතිකාර සදහා ගෙන යාමට සිදු විය. බ්‍රෙන්ඩන් ෆ්‍රේරේසර්ගේ ජීවිත හානි වීමට පවා සිදුවූයේ ඔහු එල්ලා මැරීමේ දර්ශනය රූගත කරන අතරතුරය. වෛස් ඒ පිලිබඳ මතක් කරන ආකාරයට ඔහු (ෆ්‍රේරේසර්) හුස්ම ගැනීම නැවතූ නිසා කෘතීම ශ්වසනය දීමට සිදුවූ බවය." නිෂ්පාදන කණ්ඩායමට මොරොක්කෝවේ හමුදාවේ නිල ආරක්ෂාව ලැබී තිබුණු අතර රංගන ශිල්පීන්ට පැහැර ගෙන යාම පිළිබද ජීවිත රක්ෂණයක්ද ගැනීමට සිදු විය. මෙය සොමර්ස් රංගන ශිල්පීන්ට කියා සිටින්නේ රූගත කිරීම් අවසන් කල පසුවය.

නිෂ්පාදක නිර්මාණක 'ඇලන් කැමරන්' ක්‍රියාවිරහිතවූ ගිනිකන්දක් අර්ෆ්වුඩ් ආසන්නයේ සොයාගත් අතර, එය හමුනප්ට්‍රා නගරය නිර්මාණය කිරීමට යෝග්‍ය විය. සොමර්ස් මෙයට කැමැත්ත පල කර සිටියේ " ගිනිකන්දකට මුවාවී සැගවී තිබෙන නගරයක් මෙයට ඉතාමත් යෝග්‍ය බවය. " කාන්තාරය මැදදී එය නොපෙනේ. ගිනි කන්ද පිළිබද විමර්ශනයක් සිදු කරන ලද්දේ, බිත්ති සහ පිළිමවලට නියමිත පරිමා තීරණය කර 'ශේපර්ටන් ස්ටූඩියෝ' හීදී නිර්මාණය කිරීමය. මෙහි උමං සහ මළවුන්ගේ දේශය වැනි දර්ශන රූගත කිරීම සිදු විය. මෙම ආකෘති සති 17 ක් පුරා නිර්මාණය වූ අතර, ෆෛබෙර් වීදුරු වලින් නිර්මාණය කරන ලද ඉදිකිරීම් විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග වලින් පිරි චිත්‍රපටයේ අවසන් කොටස්වලට පාවිච්චි කෙරිණි. තවත් එක රූගත කිරීම් ස්ථානයක් එක්සත් රාජධානියේ 'චත්තම්' හි වාරයෙහි තිබුණු අතර එය තවත් විශාල කාර්යයක් වුයේ 'නයිල්' නදියේ 'ගීසා' වරායෙදී මෙවැනි රූගත කිරීමක් තිබුණු නිසාය. මෙම රූගත කිරීම සදහා අඩි 600 ක් (මීටර් 183) දිග දුම් කෝච්චියක්, ඇජැක්ස් එන්ජිමක්, පස් අයින් කිරීමේ යන්ත්‍ර තුනක්, අශ්ව කරත්තයක්, අශ්වයන් ඇදගෙන යන රථ හතරක්, මනාව පිළියෙළ කරන ලද අශ්වයින් පස්දෙනෙකු සහ ආශ්වාරෝහකයන්, බුරුවන් නව දෙනෙකුද, වෙළදසැල්ද, අරාබි වෙළදුන් මෙන්ම අමතර වෙස් ගන්වන ලද තුන්සීයක පිරිසක්ද මෙයට අයත් විය.

විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සංස්කරණය

නිෂ්පාදකවරුන් ඩොලර් මිලියන අසුවකින් ඩොලර් මිලියන පහළොවක් වැය කරන ලද්දේ 'ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික්' ආයතනය විසින් සපයන ලද විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සදහා වන අතර නිෂ්පාදකවරුන්ට අවශ්‍ය වුයේ මමී සදහා අලුත් පෙනුමක් ලබා දීමට නිසා පැරණි මමී චිත්‍රපට සමග සැසදීමක් නොවීය. 'ජෝන් ඇන්ඩ්රිව් බර්ටන් ජුනියර්' ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික් ආයතනයේ, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග පරිපාලක විසින් 'ද මමී' චිත්‍රපටයේ මමීගේ හැඩරුව නිර්මාණය කිරීම චිත්‍රපට රූගත කිරීමට මාස තුනකට කලින් පටන් ගන්නා ලදී. ඔහු කියා සිටියේ මමීගේ ස්වරූපය "රසිකයන් පෙර නොදැක තිබෙන ඉතා රෞද්‍ර, භයංකාර ස්වරූපයක්" ලබා දීමට අවශ්‍ය වූ බවයි. බර්ටන් ඉතා රෞද්‍ර මෙන්ම ස්වභාවික පෙනුමක් සහිත මමීයක් තැනීමට "මෝෂන් කැප්චර්" භාවිතා කළේය. අර්නෝල්ඩ් වොස්ලූගේ චලන හසු කර ගැනීමට ජයාරූපකාරණයක් සිදු කරන ලද්දේ, මමීගේ හැසිරීම සහ චලන එයට ගැලපෙන අයුරින් තිබේද යන්න බැලීමටය.

මමී නිර්මාණය කිරීමට, බර්ටන් සැබෑ චලන මෙන්ම පරිගණක රූපවලද එකතුවක් භාවිතා කළේය. ඉන්පසු ඩිජිටල් තාක්ෂණය මගින් හදුනාගෙන ඊට ගැලපෙන අයුරින් නිර්මාණය සිදුවිය. බර්ටන් කියා සිටියේ "චිත්‍රපටයේ මමීයගේ පෙනුම වන්නේ ඔහුගේ සත්‍ය මුහුණේ දිරාපත් වූ හිස් භාවයට පත් වූ අනුරුවකි. එය ඔහුගේ මුව තුලින් දත් පවා පෙනෙන අයුරින් නිර්මාණය වී තිබිණ. එම නිසා මෙය නිර්මාණය කිරීමට දැඩි වෙහෙසක් වෙහෙසක් ගැනීමට සිදු විය." වොස්ලූගේ පවසන ආකාරයට මෙය 'සම්පූර්ණයෙන් අලුත් දෙයක්' ලෙස ඔහුට හැඟුණ බවත්, තවදුරටත් කියා සිටියේ "මගේ මුහුණේ චලන හදුනා ගැනීමට ඔවුන්ට කුඩා බල්බ මගේ මුහුණ පුරා යෙදීමට සිදුවූ අතර බොහෝ වෙලාවට රූගත කිරීම් අතරතුර මට ඇවිදීමට සිදුවුයේ නත්තල් ගසක් ආකාරයටය." වේශ ප්‍රයෝග ශිල්පී "නික් ඩඩ්මන්" විශේෂ සත්ව ස්වරූප නිෂ්පාදනය කල අතර එයට තුන් ඉරියව් වේශ චලන අඩංගුය. ඔහු සජීවීකරණ චලනද නිර්මාණය කිරීමට යෙදින. චිත්‍රපටය විශාල ලෙස පරිගණක ගත රූප භාවිතා කලත්, තවත් බොහෝ රූගත කිරීම් සත්‍ය ඒවා බව පෙන්නුම් කල හැක්කේ රේචල් වයිස් ගේ දර්ශනයක් වන මීයන් හා කෘමීන් වටකරගත් දර්ශනය උදාහරණයක් ලෙස පෙන්වීමෙනි.


සංගීත දායකත්වය සංස්කරණය

ද මමී : නියම මෝෂන් පික්චර් සංගීතය
ගොනුව:The Mummy Soundtrack.jpg
සංගීතය , විසිනි
මුදාහැරුණේමැයි4, 1999
දිග57:46
ලේබලයපොලිග්‍රෑම්
The Mummy soundtrack කාලානුක්‍රමය
{{{This album}}}


වෘත්තීයමය ප්‍රමාණන
විචාර ලකුණු
ප්‍රභවයප්‍රමාණනය
AllMusic     
Filmtracks     
Tracksounds          


ද මමී: නියම මෝෂන් පික්චර් සංගීතය නිර්මාණය හා මං පෙන්වීම "ජෙරී ගෝල්ඩ්ස්මිත් " විසින් සිදුකල අතර ඔකෙස්ට්‍රා වාදනයෙන් "ඇලෙක්සැන්ඩර් කරේජ්" දායක විය. මෙම සංගීත පටය"ඩෙකා රෙකෝඩ්ස්" මගින් 1999 මැයි 4 දින නිකුත් කල අතර ගෝල්ඩ්ස්මිත් ගේ අනෙකුත් සංගීත පට ලෙස, ප්‍රධාන සංගීත තනුව ග්‍රාස් සහ පකෂන් බහුල ලෙස යොදාගනී. ගෝල්ඩ්ස්මිත් ඉතා දක්ෂ ගායකයන් බොහොමයක් ද මෙම කාර්‍ය සදහා යොදාගන්නා ලදී.

සමස්තයක් වශයෙන් ගෝල්ඩ්ස්මිත් ගේ සංගීතයට යහපත් ප්‍රතිචාර හිමිවිය. "ඇල් ම්යුසික්" එය විස්තර කලේ මෙය අපේක්ෂාකළ විශේෂ අවස්ථා ඉස්මතු වන ආකාරයට "ඉතා ප්‍රෞඩ" භාවයක් පෙන්වන බවය. අනෙකුත් විචාරකයන් යහපත් ප්‍රතිචාර දැක්වුයේ අදුරු භාවයක් හගවන සංගීතය, මෙහි කතා වස්තුවට මනාව ගැලපෙන බවත් එම සංගීතයේ ශක්තිමත් භාවය එය තවත් ඉස්මතු කරන බවත්ය. සීමාසහිත නමුත් විශේෂ ලෙස යොදා ගත් කෝරසය මනා ලෙස ප්‍රසංසාවට ලක් විය. එමෙන්ම බොහෝ විචාරකයින් සී.ඩී තැටියේ අන්තිම ගීතය සමස්ථයක් වශයෙන් හොදම ගීතය ලෙස පෙන්නුම් කරන ලදී.

තවත් විචාරකයින් කියා සිටියේ එම සංගීත පටය ඒකීයත්වය අඩුවෙන් පෙන්වු බවත් නැවත නැවත ඇසෙන ඉතා ශක්තිමත් සංගීතය තරමක් ඇසීමට අපහසු බවය. "සන්මියුසික්.නෙට්" හි සේවය කරන "රොඩ්රික් ස්කොට්" කියා සිටියේ එම සංගීත පටය ගෝල්ඩ්ස්මිත්ගේ "ඉතා හොදම මෙන්ම යම් දුරකට සාමාන්‍ය හැකියාවන් පෙන්වන්නක්" බවය. ඔහුගේ කාර්ය වාසනාවට ඔහු ජයග්‍රාහි ලෙස නිම කරයි.

අංකය. ගීතය කාලය
1. "ඉමෝටෙප්"   4:20
2. "ද සාකෝපගස්"   2:17
3. "ටෝග ඇටෑක්"   2:23
4. "ගීසා පොර්ට්"   2:01
5. "නයිට් බෝඩර්ස්"   4:08
6. "ද කැරවැන්"   2:52
7. "කැමල් රේස්"   3:26
8. "ද ක්‍රිප්ට්"   2:26
9. "මමියා ඇටෑක්"   2:19
10. "ඩිස්කවරීස්"   3:41
11. "මයි ෆේවරිට් ප්ලේග්"   3:59
12. "ක්රෞඩ් කන්ට්‍රෝල්"   3:12
13. "රීබර්ත්"   8:33
14. "ද මමී"   6:19
15. "ද සෑන්ඩ් වෝල්කෙනෝ"   5:41

විශ්ලේෂණය කිරීම් සංස්කරණය

බොක්ස් ඔෆිස් වාර්තා තැබීම් (ආදායම්) සංස්කරණය

ද මමී" චිත්‍රපටය 1999 මැයි 7 වන දින නිකුත් වූ අතර එය නිකුත්වූ සති අන්තයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට ශාලා 3210 ක තිරගත වීමෙන් ඩොලර් මිලියන 43 ක ආදායමක් ලැබිණි. මුළු ලෝකය පුරා දර්ශනය කර එය ඩොලර් මිලියන 415 උපයා ගැනීමට හැකි විය. (ඇම.ඩො.මිලියන 155, අනෙක් රටවල ඩොලර් වලින් මිලියන 260)

විචාරක මත සංස්කරණය

ද මමී චිත්‍රපටයට මිශ්‍ර මත කිහිපයක් ලැබී තිබිණි. එය මේ වනවිට 55% ක "නරක" තක්සේරුකිරීමක් "රෝටන් ටෝමෑටොස්" හිදී මෙන්ම 48 ක මෙටාස්කෝරයක් "මෙටාක්‍රිටික්" හිදීද තක්සේරුවීමක් විය. "චිකාගෝ සන් ටයීම්ස්" හි චිත්‍රපට විචාරකයෙකු වන "රොජර් ඊබර්ට්" මෙම චිත්‍රපටය සදහා තරු 4න් 3ක ඇගයීමක් ලබා දුන් අතර, තවදුරටත් කියා සිටියේ "මට මේ පිලිබඳ කීමට ඇත්තේ, චිත්‍රපටයේ සෑම මිනිත්තුවක් පාසාම මම එය රසවිඳි බවය. මට මෙහි පිටපත්, අධ්‍යක්ෂණය, රඟපෑම, හෝ මමිය පිලිබඳ කිසිම අඩුපාඩුවක් කීමට බැරි අතර මට කීමට හැක්කේ මට මෙම චිත්‍රපටය බැලීමට කම්මැලිකමක් නොලද බවය." එසේම "එන්ටර්ටේන්මන්ට් වීක්ලි" හි "ඕවන් ග්ලිබර්මන්" මෙම චිත්‍රපටයට බී - ක තක්සේරු කිරීමක් ලබා දී තිබිණි. එමෙන්ම කියා සිටියේ, "ද මමී ඔබව වෙව්ලීමට පත් කරන බවත් එසේ කරන්නේ චිත්‍රපටයේ විනෝදාත්මකමක භාවයට හානියක් නොකරමිනි. "සැන් ෆ්රැන්සිස්කෝ ක්රෝනිකල් " හි "බොබී ග්‍රැහැම්" මෙම ච්ත්‍රපටයට ඉහල ලකුණු රඟපෑමට මෙන්ම විශේෂ ප්‍රයෝග වලටද ලබා දුන්නේය.

"නිව්යෝක් ටයීම්ස්" හි "ස්ටීෆන් ගෝල්ඩ්" ලියන ලද්දේ ද මමී නම් මෙම් අනුවාදයේ පෙන්වන ප්‍රතිරුඋපයට අමතරව වෙනත් ප්‍රතිරූපයක් පෙන්වීමට අවශ්‍ය නොවන අතර එය හුදෙක් කාර්ටූන් චරිතවලින් පිරි වීඩියෝ ක්‍රීඩාවක් තිරගත කලා මෙනි.

සම්මාන සහ නිර්දේශන සංස්කරණය

සම්මානය ශේස්ත්‍රය නිර්දේශ ප්‍රතිපලය
ඇකඩමි සම්මානය ඇකඩමි සම්මානය ලෙස්ලි ශාට්ස්, ක්‍රිස් කර්පෙන්ටර්, රික් ක්ලයින් සහ ක්‍රිස් මුන්රෝ නිර්දේශිත
එම්.ටී.වී සිනමා සම්මානය හොදම ක්‍රියාදාම චිත්‍රපටය නිර්දේශිත
බී.එම්. අයි සම්මානය හොදම සංගීතය ජෙරී ගෝල්ඩ්ස්මිත් දිනාගති
සැටර්න් සම්මානය නිර්දේශිත
හොදම මනක්කල්පිත චිත්‍රපටය නිර්දේශිත
හොදම අධ්‍යක්ෂක ස්ටීෆන් සොමර්ස් නිර්දේශිත
හොදම තිර රචක නිර්දේශිත
හොදම නළුවා බ්‍රෙන්ඩන් ෆ්රේසර් නිර්දේශිත
හොදම නිළිය රේචල් වෛස් නිර්දේශිත
හොදම ඇදුම්රෙදිපිලි ජෝන් බ්ලූම්ෆීල්ඩ් නිර්දේශිත
හොදම වේශ නිරූපනය නික් ඩඩ්මන් සහ අයිලීන් සීටන් දිනාගති
හොදම විශේෂ ප්‍රයෝග ජෝන් ඇන්ඩ්රිව් බර්ටන් ජුනියර්, දනියෙල් ජනෙට්, බෙන් ස්නොව් සහ ක්‍රිස් කොබෝල්ඩ් නිර්දේශිත
බෆ්ටා සම්මාන මුඋලික දෘෂ්‍ය ප්‍රයෝග නිර්දේශිත
සැටලයිට් සම්මාන නිර්දේශිත
සියරා සම්මාන නිර්දේශිත
බ්ලොක්බස්ටර් එන්ටටේන්මන්ට් සම්මාන හොදම නළුවා - ක්‍රියාදාම බ්‍රෙන්ඩන් ෆ්රේසර් නිර්දේශිත
හොදම නිළිය - ක්‍රියාදාම රේචල් වෛස් නිර්දේශිත
හොදම සහය නළුවා - ක්‍රියාදාම ජෝන් හැනා නිර්දේශිත
හොදම දුෂ්ටයා අර්නෝල්ඩ් වොස්ලූ නිර්දේශිත
ගෝල්ඩන් රීල් සම්මානය හොදම ශ්‍රව්‍ය සැකසුම් - ප්‍රයෝග ලෙස්ලි ශාට්ස්, ජොනතන් ක්ලයින්, රිචර්ඩ් බර්ටන්, ටොම් බ්‍රෙනන් සහ මාර්ක් පප්පස් නිර්දේශිත
Csapnivalo Awards නරකම චිත්‍රපටය නිර්දේශිත

උපුටා ගැනීම් සංස්කරණය

ද මමී චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් සාර්ථකත්වය අනුගාමි චිත්‍රපට ගණනාවකට හේතු විය. "ද මමී රිටන්ස්" චිත්‍රපටය මුල් චිත්‍රපටයේ ලක්ෂණ මෙන්ම මුල් ච්ත්‍රපටයේ දිවි බේරාගත් චරිත සමග තිරගත කරන ලදී. එහි දෙවන අනුගාමි චිත්‍රපටය "ස්කෝපියන් කිං" නමින් විවාහක රික් සහ ඉවලින්ද ඔවුන්ගේ පුත් ඇලෙක්ස් සමග නිර්මාණය විය. මෙම චිත්‍රපට දෙක වාර දෙකක් පුරාවට විහිදුනු සජීවිකරණ කතා මාලාවක් සහ ස්කොපියන් කිංග් (2002) චිත්‍රපටය නිර්මාණය වීමට හේතු විය. මෙහි ඇකැඩියන් සොල්දාදුවෙක් රජු බවට පත් වන කතාවක් වටා ගෙතුණු එකකි.

දෙවැනි අනුගාමි චිත්‍රපටය "ද මමී : ටූම්බ් ඔෆ් ද ඩ්රැගන් එම්පරර්" තිරගත විය. එය 2008 අගෝස්තු 1 දින නිකුත් විය. මෙහි කතාව චීනයේ ටෙරකොටා අදිරාජ්‍යයා දුෂ්ට චරිතයකට පන පොවන අතර රේචල් වෛස් වෙනුවට මරියා බෙලෝ රංගනයෙන් දායක විය. ස්කොපියන් චිත්‍රපටයට පෙරගාමි චිත්‍රපටයක් "ද ස්කොර්පියන් කිංග් 2- රයිස් ඔෆ් අ වොරියර්" නමින් චිත්‍රපටයක් ඩී.වී.ඩී මගින් කෙලින්ම නිකුත් විය. මෙම චිත්‍රපට දෙකම දුර්වල නිර්මාණ ලෙස විචාරයට බදුන් විය.

ද මමී හි වීඩියෝ ක්‍රීඩා අනුරූ දෙකක් "කොනාමි" සහ "යුනිවර්සල් ඉන්ටර්රැක්ටිව්" ආයතනය මගින් 2000 වසරේදී නිකුත් කරන ලදී. ක්‍රියාදාම වීර චාරිකා ඝණයට අයත් (පෞද්ගලික පරිගණක සහ ප්ලේස්ටේෂන් සදහා) ක්‍රීඩා වේ. මෙය "රෙබෙලියන් ඩිවෙලොප්මෙන්ට්" මගින් නිෂ්පාදනය විය. කොනාමි නාගොයා මගින් නිපදවූ "ගේම් බෝයි" වර්ණ ප්රෙහෙලික ක්‍රීඩාවක් මේ අතර විය. මෙය තවත් රෝලර් කොස්ටරයක් වූ රිවේන්ජ් ඔෆ් ද මමී ට හේතු වූ අතර එය යුනිවර්සල් ස්ටූඩියෝ තේමා කරගත් උද්‍යාන තුනක, එනම් කැලිෆොර්නියාවේ හි හොලිවුඩ් හිදීද , ෆ්ලොරීඩා හි ඔර්ලෝන්ඩොවලදීද, සිංගප්පුරුවේ සෙන්ටෝසා හිදීද ඉදිවිය.

බාහිර සබැදුම් සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:The Mummy සැකිල්ල:Stephen Sommers සැකිල්ල:Universal Monsters

"https://si.wikipedia.org/w/index.php?title=ද_මමී_(1999_චිත්‍රපටය)&oldid=477892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි