ද කිං ඇන්ඩ් අයි (රූපවාහිනී කතාමාලාව)

2007-2008 දකුණු කොරියානු ඓතිහාසික මාලා නාට්‍යය

ද කිං ඇන්ඩ් අයි (කොරියානු왕과 나; හන්ජා王과 나; ප්‍රරෝවංග්වා නා) යනුවෙන් හැඳින්වෙන්නේ 2007 අගෝස්තු 27 දින සිට 2008 අප්‍රේල් 1 දක්වා SBS නාළිකාව ඔස්සේ විකාශය කරන ලද දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව සඳුදා සහ අඟහරුවාදා 21:55ට විකාශය විය.[1][2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඕ මන්-සොක්, කු හ්යේ-සුන් සහ ගෝ ජූ-වොන් යන නළු නිළි පිරිස විසිනි. සමස්තයක් ලෙස ගත් විට සාර්ථක රූපවාහිනී කතාමාලාවක් වූ මෙය 20%ක උච්ච ප්‍රේක්ෂක ප්‍රතිශත ඇගයුමක් හිමි කරගැනීමට සමත් විය.

ද කිං ඇන්ඩ් අයි
ප්‍රවර්ධන පෝස්ටරයක්
රචනය කලේයූ දොං-යූන්
අධ්‍යක්ෂණය කලේකිම් ජේ-හ්‍යුං
ලී ජොං-සූ
සොන් ජේ-සුං
රඟපෑමඕ මන්-සොක්
කු හ්යේ-සුන්
ගෝ ජූ-වොන්
සම්භව රටදකුණු කොරියාව
කථාංග ගණන63
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)යූන් යොං-මූක්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයසඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමඔලිව්9
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝල් විකාශන පද්ධතිය
මුල් ධාවනයඅගෝස්තු 27, 2007 (2007-08-27) – අප්‍රේල් 1, 2008 (2008-04-01)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේකැචිං අප් විත් ගංනම් මම්ස්
අනුගමනය වනුයේසරාංහේ
බාහිර සබැඳි
වෙබ් අඩවිය
ද කිං ඇන්ඩ් අයි
හංගුල්
හන්ජා과 나
ප්‍රතිශෝධිත රෝමානුකරණයවංග්වා නා
මැකූන්–‍රයිෂවර්වං'ග්වා නා

කථා පුවත සංස්කරණය

ද කිං ඇන්ඩ් අයි කතාමාලාව ගෙතී ඇත‍්තේ ජොසොන් රාජවංශ යුගයේ විසූ හොඳම සාහයක පණ්ඩකවරයා යැයි සැලකෙන කිම් චෝ-සුන්ගේ ජීවීත කථාව වටා ය.[3]

චෝ-සුන් සිය ළමා වියේ හොඳම මිතුරිය වන සෝ-හ්වාහට පෙම් කරයි. නමුත් ඔවුන් දෙදෙනාගේ වෙනස් සමාජ තත්ත්වයන් හේතුවෙන් ඔහුට ඒ බව ඇයට හෙළි කළ නොහැකි වේ. අවසා‍නයේ දී, සෝ-හ්වා සොංජෝ රජුගේ බිසවක ලෙස සරණපාවා ගැනේ. ඇයව ආරක්ෂා කර රැක බලා ගැනීම සඳහා කර අඹාගන්නා ඔහු පණ්ඩකවරයකු ලෙස මාලිගයට ඇතුළු වේ‍.

මුලින් රජුගේ දෙවන උපබිසව වූ සෝ-හ්වා පසුකලෙක ජෙහොන් අගබිසව යනුවෙන් රජුගේ අගමෙහෙසිය බවට පත් වේ. නමුත් මාලිගයේ නොයෙකුත් දේශපාලන පක්ෂ බල අරගලයන්ගේ ගොදුරක් වන ඇය, පසුව තනතුරෙන් පහකොට අපකීර්තිමත් ලෙස මාලිගයෙන් පිටුවහල් කෙරෙයි. ඇයව රැකගැනීමට චෝ-සුන් නොයෙකුත් උත්සාහ දැරුව ද, ඇයට මරණ දඬුවම නියම වේ. රාජ නියෝග අනුව චෝ-සුන්හට අගබිසව වෙත වස පිරි බඳුන ගෙනැවිත් දීමට සිදු වේ. මෙලෙසින් තමන් ආදරය කළ කාන්තාවගේ මරණය ඔහුට සිය දෑස් ඉදිරිපිටදී ම බලා හිඳීමට සිදු වේ.[4] ඇගේ මරණින් පසු චෝ-සුන් ඇගේ පුත්‍රයා වූ යොන්සන් කුමරුන්ව රැක බලා ගනියි.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

සහායක චරිත සංස්කරණය

දීර්ඝ කළ නළු කැල සංස්කරණය

  • යැං ජුං-ආ, ඕ ආර්යාව ලෙස; චෝ-සුන්ගේ මව
  • ලී ඉල්-ජේ, කිම් ජා-මියුං ලෙස; චෝ-සුන්ගේ පියා
  • සුන්වූ ජේ-දුක්, යූන් කි-ක්‍යුන් ලෙස; සෝ-හ්වාගේ පියා
  • චෝයි ජුං-වොන්, ෂින් ආර්යාව ලෙස; කි-ක්‍යුන්ගේ බිරිඳ
  • හන් දා-මින්, ගොංහ්යේ අගබිසව ලෙස
  • හන් සෝ-ජුං, රාජකීය උම් ආර්යාව ලෙස
  • යූන් හ්යේ-ක්‍යුං, ඉයොම් ග්වයි-ඉන් ආර්යාව ලෙස
  • ආන් ගිල්-කං, කේ දෝ-චි ලෙස
  • කිම් ජුං-මින්, බෝ ද්‍යූල්-යි ලෙස
    • ජෝ ජුං-ඉයුන්, ළමා ද්‍යුල්-යි ලෙස
  • කිම් දා-හ්‍යුන්, චෝයි ජා-චි ලෙස
  • කං ඉන්-හ්‍යුං, මූන් සෝ-වූන් ලෙස
    • ජොන් හා-ඉයුන්, ළමා සෝ-වූන් ලෙස
  • කිම් හා-ක්‍යුන්, ජං සූන්-මූ ලෙස
  • කිම් මියුං-සූ, යැං යුං-යූන් ලෙස
  • හන් ජුං-සූ, දෝ ග්‍යුම්-ප්යෝ ලෙස
  • කිම් හෝ-හ්‍යුන්, ජුං ආර්යාව ලෙස; ජි-ග්යොම්ගේ බිරිඳයි
  • කිම් බ්යුං-සේ, සේජෝ රජු ලෙස
  • යූ දොං-හ්‍යුක්, යේජොං රජු ලෙස
  • කිම් ජොං-ග්‍යුල්, හන් මියුං-හොයි ලෙස
  • කිම් යොං-ජූන්, හොං ග්වයි-නම් ලෙස
    • ෂින් තේ-හූන්, ළමා ග්වයි-නම් ලෙස
  • කං ජේ, කිම් ජා-වොන් ලෙස
    • චෝයි සූ-හන්, ළමා ජා-වොන් ලෙස
  • ලී ගුන්-ජූ, සොං ග්යේ-නම් ලෙස
    • මේඋං චං-මින්, ළමා ග්යේ-නම් ලෙස
  • ලී සං-වොන්, ෂිම් කි-සූ ලෙස
  • පාක් හා-සුන්, ප්යේ බි-ෂින් ලෙස; යොන්සන්ගේ බිරිඳ
  • කිම් හ්‍යුක්, පාක් දොක්-හු ලෙස; සෝ-හ්වාගේ පළමු පෙම්වතා
  • ජුං ඉයුන්-චන්, යූන් කි-හ්‍යුන් ලෙස; සෝ-හ්වාගේ වැඩිමහල් සොහොයුරා
    • හෝ හ්යෝ-හූන්, ළමා කි-හ්‍යුන් ලෙස
  • ලී යොං-ඉයුන්, මාලිගයේ සාමාජකයෙක් ලෙස
  • කිම් යොං-හොන්, ඉයොම් නේ-ක්වන් ලෙස
  • කිම් බ්යුං-චූන්, යැං සුං-යොන් ලෙස
  • පාක් දොං-බින්, ගූ සුං-ගුන් ලෙස
  • චෝයි හා-නා, හොං බි ලෙස
  • ලී ජි-ඕ, කිරුළහිමි කුමරු ලෙස; යොන්සන්ගේ පුත්‍රයායි
  • ජුන් හ්‍යුන්-ආ, කම්-චුල් පාලිකාව ලෙස
  • ඕ සූ-මින්, ජං නොක්-සු ලෙස
  • නම් හ්යුන්-ජූ, හන්-සූගේ මව ලෙස
  • ජුං කි-සුං, ජොගෝබි ලෙස
  • සොං යොං-ග්‍යු, ලී කි ලෙස
  • ෂින් සූ-ජුං, හූ කූං ලෙස
  • සෝල් ජි-යූන්, කිම් පාලිකාව ලෙස
  • ජුං සෝ-යොං
  • කං සූ-හන්
  • නෝ යොං-හක්, ජින්සොං ප්‍රධාන කුමරු ලෙස
  • ජුන් තේ-සූ, හන් චි-ග්‍යුන් ලෙස

නිෂ්පාදනය සංස්කරණය

මෙහි සොංජොං රජුගේ චරිතය මුලින් නිරූපණය කිරීමට නියමිතව සිටියේ පාක් සං-මින් නැමැති නළුවායි. නමුත් ඔහුට නාට්‍යය හැරයාමට සිදුවීමත් සමග ගෝ ජූ-වොන් ඒ සඳහා ආදේශ කෙරිණි.

මෙහි සෝ-ග්වි වියපත් කාන්තාවගේ චරිතය නිරූපණයට තෝරාගැනුණේ යෝ වූන්-ක්යේ නැමැති නිළියයි. ඇය ඒ වන විටත් කථාංග කිහිපයක් නිරූපණය කර තිබුණ ද, ඇගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය වෙනුවට කිම් සූ-මි ආදේශ කෙරිණි.

පසුකලෙක මෙහි තිර පිටපත වෙනස් කිරීම හේතුවෙන් මෙහි නළු නිළියන්ට බොහෝ මහන්සි වීමට සිදු විය. මේ පිළිබඳ කුපිත වූ ජොන් ඉන්-හ්වාගේ සැමියා වූ යූ දොං-ග්‍යුන් 2007 දෙසැම්බර් 29 දින මෙම ද කිං ඇන්ඩ් අයි කතාමාලාවේ නිෂ්පාදකවරුන් දෙපළට පහර දීමට ද තැත් කළේ ය. නමුත් පසුව ඔහු ඒ පිළිබඳ සමාව ගත්තේ ය.[5][6]

කථාංග ප්‍රමාණනය සංස්කරණය

ද කිං ඇන්ඩ් අයි සම්ස්තයක් ලෙස යහපත් ප්‍රතිචාර සහිතව විකාශය වූ අතර, එය 20%–25% අතර රැඳුණු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගනිමින් ඉහළම ස්ථාන 10 තුළ රැඳී සිටීමට සමත් විය. නමුත් 2008 ජනවාරි මාසයේ MBC නාළිකාවේ යි සන් කතාමාලාව ඇරඹීමත් ‍සමග, මෙහි ප්‍රතිශතය මැදි දහයේ අගයයන් දක්වා පහත වැටුණු අතර, එය යන්තම් මුල් නාට්‍ය 20 අතර රැඳී සිටීමට සමත් විය.[7]

SBS මුලින් මෙම කතාමාලාව කථාංග 50 සිට 67 දක්වා පුළුල් කළේ ය. නමුත් අයහපත් ප්‍රතිචාර හේතුවෙන් එය 61ටත් අවසානයේ 63 දක්වාත් අඩු කෙරිණි.[8]

සම්මාන සංස්කරණය

2007 SBS නාට්‍ය සම්මාන[9]

මූලාශ්‍ර සංස්කරණය

  1. ලී, හ්යෝ-වොන් (සැප්තැම්බර් 18, 2007). "ටීවී ෆෝල්ස් ලව් විත් එපික් ඩ්‍රාමාස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-08-14.
  2. චුන්, සු-ජින් (සැප්තැම්බර් 19, 2007). "යූනච්ස් මේක් මී ලෝං ටු ගෙට් මයි හෑන්ඩ්ස් ඔන් ෆාදර්'ස් රිමෝට්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-03-24.
  3. "අබවුට් ද කිං ඇන්ඩ් අයි". ඇරිරැං ටීවී. සම්ප්‍රවේශය 2013-08-14.
  4. "ඉන්ග්‍රීඩියන්ට්ස් ඔෆ් පොයිසන් යූස්ඩ් ඩියුරිං ජොසොන් ඩයිනාස්ටි ටු කිල් ට්‍රේටර්ස්". KBS වර්ල්ඩ්. පෙබරවාරි 23, 2008. සම්ප්‍රවේශය 2013-08-14.
  5. ලී, ඉයුන්-ජූ (ජනවාරි 2, 2008). "රියල් ලයිෆ් පන්ච්-අප් අප්ස්ටේජස් SBS ඩ්‍රාමා". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2013-08-14.
  6. චුං, සුං-හී (දෙසැම්බර් 31, 2007). "පේජ් ස්ක්‍රිප්ට්ස් සිම්බොලයිස් ඩාකර් සයිඩ් ඔ‍ෆ් කොරියන් ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි". ද දොං-ආ ඉල්බෝ. සම්ප්‍රවේශය 2013-08-14.
  7. "ටීවී රේටිංස් ෆෝ ජැනුවරි" සංරක්ෂණය කළ පිටපත 2008-02-06 at the Wayback Machine. සූම්පි. සම්ප්‍රවේෂණය 2008-02-08.
  8. "2008 කේ-ඩ්‍රාමා: ෆස්ට් හාෆ් ව්රැපප්". ට්විච් ෆිල්ම්. ජූලි 18, 2008. සම්ප්‍රවේශය 2013-08-14.
  9. "2007 ඉයර්-එන්ඩ් කොරියන් ඩ්‍රාමා අවෝඩ්ස් රවුන්ඩ්-අප්". හන්සිනෙමා. ජනවාරි 7, 2008. සම්ප්‍රවේශය 2013-08-25.

බාහිර සබැඳි සංස්කරණය