ද කයිට් රන' යනු ඉංග්‍රීසි බසින් ලියැවී ඇති නවකථාවකි. මෙය ඇෆ්ගන් ඇමරිකානු ලේඛක ඛාලිඩ් හොසෙයිනි ගේ පලමු නවකතාවයි.[1] මෙය 2003 වසරේදී රිවර්හෙඩ් පොත් ප්‍රකාශකයින් මගින් මුද්‍රණය කර බෙදා හරින ලදී. මෙය කාබුල්හි වසීර් අක්බර් ඛාන් නම් ප්‍රදේශයේ සිටි අමීර් නම් කොලුගැටයාගේ සහ හසාන් නම් ඔහුගේ හොඳම යාළුවා වූ, ඔහුගේ පියාගේ හසාරා සේවකයාගේ කතාවයි. මෙහි කතාව දිවයන්නේ සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය හේතුවෙන් වන ඇෆ්ගනිස්ථානයේ බිදවැටීම සහ ඇෆ්ගන් සරණාගතයින් පාකිස්ථානය සහ ඇමරිකාවට පලායාමත්, ඉන්පසු ඇෆ්ගනිස්තනයේ ඇතිවන තලේබාන් පිබිදීමත් පසුබෙමෙහියි.

ද කයිට් රනර්
පළමු සංස්කරණ පිට කවරය
(එජ ඝනකවර)
කර්තෘKhaled Hosseini
කවර චිත්‍ර ශිල්පීHoni Werner
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයසැකිල්ල:සරල ලැයිස්තුව
ප්‍රකාශකයාRiverhead Books
ප්‍රකාශිත දිනය
මැයි 29, 2003
මාධ්‍ය වර්ගයPrint (hardcover & paperback), audio CD, audio cassette, and audio download
පිටු324 pp
අයිඑස්බීඑන්1-57322-245-3
ඕසීඑල්සී51615359
813/.6 21
LC ClassPS3608.O832 K58 2003

හොසෙයිනි වරක් සදහන් කරන්නේ මෙය පිය පුතු සෙනෙහස පිළිබද, පවුල් සංස්තාව කේන්ද්‍රකොටගෙන ලියන ලද්දක් බවත් ඔහුගේ ඉදිරි නිර්මාණ සදහාත් මෙය ප්‍රස්තුත කරගන්නා බවත්ය. වර්ධකාරීත්වය සහ ඉන් මිදීම තේමා කරගෙන රචිත මෙම කෘතියේ එම තේමාව විචිත්‍රනයට රචකයා යොදාගන්නා සිද්ධිය වන්නේ හසාන් ප්‍රචණ්ඩත්වයකට ලක්වීමත් එහිදී අමීර්ට ඔහුව එයින් මුදවා ගැනීමට නොහැකිවීමත් නිසා අමීර් තුල ඇතිවන වරදකාරී හැගීමයි.කෘතියේ දෙවන බාගයේ විස්තරවන්නේ මේ වරදකාරී හැඟීමෙන් මිදීමට අමීර් දශක දෙකකට පසු හසාන්ගේ අනාථ දරුවා බේරාගන්නට දරන ප්‍රයත්නයයි.

ද කයිට් රන' ලොව වැඩිම අලෙවියක් ලැබූ කෘතියක් වන අතර පොත් සමාජයන්හි ඉතා ප්‍රසිද්ධියකට පත්වුවකි. වසර දෙකක් පුරාවට මෙය නිව්යෝක් ටයිම්ස් සගරාවට අනුව ලොව වැඩිම අලෙවියක් සහිත පොත ලෙස හදුන්වන ලදී.ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙහි පිටපත් මිලියන හතකට අදික ප්‍රමාණයක් විකිණී ඇත.පොත පිළිබද පළවූ විචාරයන් සුබවාදීවුවත් පොතෙහි එන සමහරක් සිදුවීම් ඇෆ්ගනිස්ථානය තුල යම් කැපීපෙනෙන මතවාද ඇතිකරවීය. පසුව මෙම කෘතිය චිත්‍රපට,වේදිකා නාට්‍ය හා රූප කතා වලටද පෙරලෙන ලදී.

රචනය සහ ප්‍රකාශනය සංස්කරණය

 
ඛාලිඩ් හොසෙයිනි, 2007 දී

සරුංගල් ලුහුබදින්නා පල කිරීමට පෙර ඛාලිඩ් හොසේයිනිඛාලිඩ් හොසේයිනි කැලිෆෝනියා මොවුන්ටන් වීව් රෝහලේ සිරුරේ අභ්‍යන්තර රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වසර කීපයක් සේවය කර ඇත. 1999 වසරේ පුවත්පත් වාර්තාවක් කියවමින් සිටින විට ඔහු තලේබාන්වරු විසින් ඇෆ්ගනිස්ථානයේ සරුංගල් ඇරීම තහනම් කර ඇතිබව ඔහු දැනගනියි. ඇෆ්ගනිස්තානුවන්ට සරුංගල් පිළිබද ඇති දැඩි බැදීම නිසා මේ සටහන ඔහුට විශාල කම්පනයක් ඇති කරයි. මේ කම්පනය ඔහුව විසින් පිටු විසිපහක කෙටි කතාවක් ලිවීමට ඔහුව පොලබවයි.එයට පාදක වෙන්නේ කාබුල් හි සරුංගල් අරින දරුවෝ දෙදෙනෙකි .මෙයඑස්ක්වයර් සහ ද නිව්යෝකර් පුවත් පත් දෙක මගින්ද ප්‍රතික්‍ෂේප වන අතර, පසුව මොහු 2001 වසරේ මාර්තු මාසයේදී තම ගරාජයේ සිට මෙම කෙටි කතාව නවකතාවක් බවට පත් කරයි. හොසේයිනිට අනුව, ඔහු බලාපොරොත්තු වුවාට වඩා කථාමුලිකයා, එනම් අමීර්ගේ චරිතය අඳුරු චරිතයක් වී රචනා වී වචන වලට පෙරලී ඇත.

ඔහුගේ පසුකාලීන නවකතා වල සේම මෙහිත් පරම්පරා කිහිපයක දෙමාපිය දූ දරු සබඳතාවය ගැන විස්තර කෙරෙයි. බලාපොරොත්තු නොවන අවසානයක් ගෙන හැර පාමින් හොසේයිනි තම කෘති රචනා කරන්නේ පාඨක සිත්හි කුතුහලය ඇතිකරවමිනි. ඔහු පසුව හෙළිකරන්නේ, ඔහු කෘතියේ සහරක් තැන් සකස් කරගන්නේ නිතර ඒ අවස්තාවන් චිත්‍රනයට නැගීමෙන් බවයි.උදාහරණයක් ලෙස අමීර් සහ හසාන්, සහෝදරයෝ වීම ඔහු තීරණය කර ඇත්තේ මෙසේ කටු සටහනක් ඇදීමෙන් පසුවයි.

මෙහි කතානායකයා වන අමීර් සේම හොසේයිනිත් ඇෆ්ගේනිස්තානයේ ඉපිද තරුණ වයසේදී රට හැරගොස් ඇත. ඔහු වරක් මෙසේ සදහන් කරනවා "පොතේ මා ලියාතියෙනෙන තැන් මගේ ජීවිතයට සම්බන්ද යයි කියන විට බොහෝ දෙනා එය විශ්වාස කරන්නේ නෑ.සමහර සිද්දි මගේ ජීවිතයත් එක්ක තදින් බද්ද වී තියෙන බව හොදින්ම පෙනෙනවා, නමුත්.. මම මෙහි සමහර සිද්ධි සංදිග්ද අයුරින් ලියා තිබෙන්නේ පොත් කියවන්නන්ගේ කුතුහලය පිණිසයි". සෝවියට් යටත්විජිත සමයේ රට අත හැරයාම ගැන ඔහුට ඇත්තේ යම් තරමක වරදකාරී හැගීමක්. "ඇෆ්ගනිස්තානය පිළිබද පොත් කියවන හැමවිටම මට මා පිලිබදව ඇති වන්නේ වරදකාරී හැගීමක්. මගේ ගොඩක් බාල කාලේ මිත්‍රයින් ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා සමහරක් අය මියගියා කෙනෙක් මියගියේ තෙල් ටැංකියක නැගලා රටින් පිට වෙන්න උතසාහ කරනකොට මේ අවස්තාව ඔහු තම කෘතියට පාදක කරගන්නවා" වරක් ඔහු මෙසේ තම වරදකාරීතාවය ප්‍රකාශ කරනවා.

රිවර් හෙඩ් ප්‍රකාශකයින් විසින් ප්‍රථමයෙන් මෙහි පිටපත් 50000ක් මුද්‍රණය කෙරුණු අතර 2003 වසරේ මැයි මස 29 දින මෙය ප්‍රකාශයට පත් කරන ලදී. හොසේයිනි වසරක කාලයක් දොස්තර වෘත්තියට සමුදෙන්නේ පොත ජනප්‍රිය කරවීමට කාලය සොයා ගැනීමටයි.ඔහු ඒ වෙනුවෙන් පොත් වලට අත්සන් තැබීමට, විවිධ උත්සව වල කතා පැවැත්වීමට, ඇෆ්ගන් ප්‍රශ්න වෙනුවෙන් ආධාර එකතු කිරීමට එම කාලය යොදවනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මුලින් පලවූ සරුංගල් ලුහුබදින්නා කෘතිය පසුව රටවල් 38ක භාෂා 42කට පරිවර්තනය වී ඇත. 2013 වසරේදී රිවර් හෙඩ් ප්‍රකාශකයින් විසින් දසවන සංවත්සරය සදහා මෙම කෘතිය රන් දාරයක් සහිත කවරයකින් යුතුව නව සංස්කරණයක් ලෙස එලි දක්වන ලදී. එම වසරේම මැයි මස 21 වන දින ඔහුගේ තවත් පොතක් එලිදක්වන ලදී.

පසුව වසර එකහමාරක කාලයක් අවෑමෙන් ඔහු වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තිය නිමා කරමින් පූර්ණ කාලීන රචකයකු ලෙස කලඑළි බසී.

සාරාංශය සංස්කරණය

1 කොටස සංස්කරණය

 
Wazir Akbar Khan neighborhood in Kabul, setting of Part I

අමීර් යනු ධනවත් පශ්තුන් දරුවෙක්,හසාන් යනු අමීර්ගේ පියා යතතේ වැඩකරන හසාරා සේවකයකු වන අලී ගේ දරුවායි. මොවුන් දෙදෙනාගේ විනෝදාංශය වුයේ සාමකාමී කාබුල් නගරය පුරා දවස පුරා සරුංගල් ඇරීමයි. හසාන් සරුංගල් ලුහුබදීමේ දක්ෂයෙක්, අමීර්ට අනුව නම්, හසාන් හැමවෙලේම සරුංගලය වැටෙන තැන එය දකින්නේවත් නැතිව දැනගන්නට තරම් හපනෙකි. "බාබා" අමීර් තම පියාව ඇමතුවේ ඒ නමිනි. ඔහු ඉතා ධනවත් වෙළෙන්දෙක් වූ අතර මේ දරුවන් දෙදෙනාටම සමානව ආලය පෑවෙකි. නමුත් ඔහු නිතර තමන්ගේ පුතු වූ අමීර්ට දොස්තබුවේ ඔහු ඉතා දුර්වලයෙක් සහ ශක්තියක් නැත්තෙක් ලෙස ප්‍රකාශ කරමිනි. අමීර්ව තේරුම්ගන්න ඔහුට ඉතා ලබැදියෙක් විය. ඒ තම පියාගේ ලගම මිතුරකු වන රහීම් ඛාන්ය. අමීර්ගේ ලිවීමට ඇති ලැදියාව හදුනාගන්න මොහු ඒ සදහා ඔහුව දිරිමත් කරයි.

අසෙෆ් යනු නගරයේ ජීවත්වූ දඩබ්බර කොල්ලකු වන අතර ඔහු නිතරම අමීර්ගේ සහ හසාන්ගේ සමාගමය අප්‍රිය කල අතර ඒ නිසාම නිතර අමීර්ව සමච්චලයට ලක් කරන ලදී. එයට හේතුව ලෙස ඔහු පෙන්වූයේ කුලයෙන් අඩු හසාරාවන් ආශ්‍රයට සුදුසු නොවන්නන් බවයි. දවසක් මෙයට විරෝධය පෑමට අසෙෆ් අමීර්ට පහරදීමට සුදානම් වන විට තම මිතුරාට ඇති සෙනෙහසින් ඊට එරෙහිවන හසාන් තමන්ගේ කැටපෝල විදීමේ හැකියාවෙන් ප්‍රයෝජනය ගෙන අසෙෆ්ගේ මුහුණට කැටපෝලය එල්ලකර ඔහුට තර්ජනය කර තම මිතුරා බේරගනී. අසේෆ් ඔවුන් මග ඇර යන්නේ ඉදිරි දවසක හසාන්ගෙන් පළිගැනීමේ අරමුණ හිතේ තබාගනිමිනනි.

එක් ජයග්‍රාහී දිනයක අමීර්, ප්‍රදේශයේ පැවැත්වූ සරුංගල් තරගයක් ජයග්‍රහණය කර තම පියාගේ අවධානය දීනාගනී. තරගයේ කැඩී ගිය අවසන් සරුංගලය මොවුන් සලකන්නේ ඉතා වටිනා වස්තුවක් ලෙසටය. තම මිතුරාට ඇති සෙනෙහස නිසා හසාන් ඒ අවසාන සරුංගලය පසුපස ලුහුබදින්නේ "ඔබ වෙනුවෙන් දහස් වරක් හෝ මෙසේ කරනවා" යයි පවසමිනි. හසාන් සරුංගලය සොයාගෙන ජයග්‍රාහීව අමීර් සොයා එනවිට ඔහුගේ ඉදිරියට මුණගැහෙන්නේ අසේෆ්ය .අසේෆ් ඔහුගෙන් සරුංගලය ඉල්ලා සිටියත් හසාන් අකමැති වන නිසා ඔහු එය බලෙන් පැහැරගැනීමට උතසහ කරන අතර හසාන්ගෙන් එය ගැනීමට නොහැකි තැන අසේෆ් ඔහුට පහරදෙයි. මින් නොනවතින ඔහු පෙර සිදුවීමට පලිගැනීමක් ලෙස තම මිතුරන්ද සමග එක්ව හසාන්ව ලිංගිකව අපයෝජනය කරයි. අමීර් මේ හැමදෙයක්ම සැගවී බලාසිටින අතර මෙයට මැදිහත් වීමට බියවෙයි. ඔහු සිතන්නේ හසාන්ට සරුංගලය ගෙදර ගෙන ඒමට නොහැකිවුවොත් එයින් තම පියාගේ සිතේ හසාන් තුල වන ප්‍රසාදය මදැක හෝ අඩු වනු ඇති බවයි. අමීර්ට වරදකාරී හැගීමක් දැනුනත්, තම බියගුළුකම තම පියා ඉදිරියේ නිරාවරණය වී තවත් පියාගේ අප්‍රසාදයට පත්වෙයයි බියෙන් ඔහු මේ සිද්දිය පිලිබදව මුනිවත රකියි. ඉන් ඇතිවූ වරදකාරී හැගීම නිසා අමීර් හසාන් සමග වන ආශ්‍රයේ යම් පරතරයක් පවත්වාගැනීමට කටයුතු කරයි.

හසාන් නැති වුවොත් තාමාට ජීවිතය ගෙන යාම පහසුයි සිතන අමීර්, හසාන්ව ගෙදරින් යැවීමට සැලසුම් කරයි.තමන්ට ලැබුණු යම් මුදලක් හසාන්ගේ කොට්ටයක් යට සගවන අමීර් ,තම පියා ඉදිරියේ හසාන්ව වැරදිකාරයා කරයි. අමීර් මෙය කල බව තේරුම් ගන්නා හසාන් "බාබා" ඉදිරියේ තමා ඒ වරද කල බව පාපොච්චාරණය කර සිටියි. "හොරකමට එහා ගෙය නීච කමක් තවත් නැත"යි බාබා තදින්ම පිළිගත්තත් මෙහිදී ඔහු හසාන්ට සමාව දෙයි. නමුත් අලී තම පුතුත් සමග නිවසින් පිට වීමට තීරණය කරයි.

2 කොටස සංස්කරණය

පස් අවුරුද්දකට පසු 1979දී ,සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන අතර අමීර්ට සහ බාබාට රටින් පිටවීමට හැකිවෙයි.පෙශාවර්වලින් පකිස්තානයටත් ඉන් කැලිෆොර්නියාවටත් ඔවුන් සංක්‍රමණය වෙයි. බාබා ගෑස් පිරවුම්හලක රැකියාවට යන අතර අමීර් උසස් අධයාපනයට යොමුවෙයි.උපාධිය ලබාගැනීමෙන් පසුව පාසලකට සම්බන්ද වී තම ලිවීමේ හැකියාව වැඩි දියුණු කරගනී. සෑම ඉරිදාකම වල වෙළදපලකට යන ඔහු අමතර අදායමක් ලෙස පාවිච්චි කල භාණ්ඩ විකුණයි. එහිදී ඔහුට තවත් ඇෆ්ගන් සරණාගත පවුලක් වන සොරයාගේ පවුල මුණගැසෙයි. බාබාට පිළිකාවක් බව සොයාගන්නා අතර අමීර්ට කරන අවසාන උපකාරය ලෙස ඔහු සොරායාගේ පියා හමුවී අමීර්ට ඇය හා විවාහවීමට අවසර ඉල්ලසිටියි. දෙපාර්ශවයේම ආශීර්වාදය මැද ඔවුන් දෙදෙනා විවාහ වෙයි. ටික කලකින්ම බාබා ජීවිතය හැරයයි. අමීර් සහ සොරායා සතුටින් තම විවාහ ජීවිතය ආරම්භකලද, ඔවුනට දරුවන් ලැබිය නොහැකිබව පසුව දැනගනියි.

අමීර් සාර්ථක නවකතාකරුවකු ලෙස පසුබිමක් ගොඩනගාගනියි. ඔහුගේ විවාහයෙන් වසර 15කට පසු ඔහු කිසිදාක බලාපොරොත්තු නොවූ දුරකථන ඇමතුමක් ලැබෙයි. එය මියැදෙමින් සිටින ඔහුගේ ආදරණීය හිතවතා වන රහීම් ඛාන්ගෙනි. ඔහු ඉල්ලා සිටින්නේ අමීර්ට පෙෂාවර් පැමිණෙන ලෙසයි. තවද ඔහු මෙසේ කියයි. "ඔබට නැවත යහපත් මිනිසෙක් වීමට අවස්ථාවක් තිබේ".

3 කොටස සංස්කරණය

රහීම් ඛාන් සමග වන හමුවෙන් අමීර් දැනගන්නේ හසාන් සහ ඔහුගේ බිරිද මරා දමා ඇති බවයි. ඔවුන් මර දමා තිබෙන්නේ අමීර්ගේ කාබුල්හි නිවසේ සිටියදී තලේබාන් වරු ඔවුනට නිවසින් පිට වන ලෙස තර්ජනය කල විට ඔවුන් ඊට එරෙහි වූ නිසාවෙනි.තවදුරටත් ඔහු පවසන්නේ අලී යනු හසාඩ්ගේ ජීවවිද්‍යාත්මක පියා නොවන බවත් හසාන් අමීර්ගේ අර්ධ සහෝදරයා බවත් සහ අලීට දරුවන් සැදීමට නොහැක්කකු බවත්ය. තවද මෙහිදී රහීම් ඛාන් විසින් හසාගේ එකම දරුවා වන සොරාබ් ගැන කියා සිටින අතර තමාගේ වරද නිවරදිකරවා ගැනීමට ඇති එකම මග ලෙස ඔහු පෙන්නවා දෙන්නේ සොරාබ්ව ඇෆ්ගනිස්ථානයෙන් බේරාගැනීමයි.

ඇෆ්ගනිස්ථානයට යන ගමනේදී අමීර්ට ෆරීඩ් නම් කුලී රථ රියැදුරා උදවුවන අතර ඔහු සෝවියට් පාලනයේ සිදුරු හොදින් දත්තෙක් බැවින් ඇෆ්ගනිස්ථානයට ඇතුල් වෙම්ම පහසු විය. සොරාබ් නැවතී සිටින අනාථ නිවසට ගිය විට ඔවුන් දැනගන්නේ ඇෆ්ගන් තලේබාන් නිලදාරීන් නිතර එහි පැමිණ මුදල් දී එහි වෙසෙන ගැහැණු දරුවන් රැගෙන යන බවයි. නමුත් මෙවර එසේ ගෙනගොස් ඇත්තේ සොරාබ්වය. අනාත නිවසේ භාරකරුගෙන් අදාළ තලේබාන් නිලධාරියාගේ නිවාස ගැන අමීර්ට පවසයි. අමීර් සොරාබ් සොයා යයි.

අමීර්ට අදාල නිලධාරියා හමුවන අතර ඔහු වෙන කෙනෙකු නොව තමාට සහ හසාන්ට ළමා කල පීඩාකල අසේෆ්ය. ඔහු අමීර් ඉදිරියේ සොරාබ්ට ගැහැණු ඇදුම් ඇද නැටීමට එන කරන අතර ඔහු ඉදිරියේම සොරාබ්ට ලිංගික අපයෝජනයන් සිදුකරයි. මෙයට අමීර් එරෙහි වන විට අසේෆ් පවසන්නේ ඔහුට සොරාබ්ව බේරා ගැනීමට අවශානම් එයට වන්දි පිණිස අමීර් ඔහුගේ පහර කෑමට ලක්විය යුතු බවයි. සොරාබ් ඉදිරියේ අමීර් පහර කෑමට ලක්වන අතර මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන සොරාබ් තම කැටපොලය ගෙන අසේෆ්ගේ වම ඇසට විදින්නේ තම පියා වසර ගණනාවකට පෙර ඔහුට කල තර්ජනය සැබෑවක් කරමිනි.

අමීර් සොරාබ් කැටුව යන අතර ඔහු සරාබ්ට තමන්ගේ සැලසුම පහදාදෙයි. ඔහු පවසන්නේ ඔහු සොරාබ් කටුව ඇමරිකාවට යන බවත් එහිදී ඔහු තමන්ගේ දරුවකු ලෙස සලකා කටයුතු කරන බවත්ය. මෙයින් සොරාබ් දැඩි සතුටට පත් වෙයි. නමුත් නීතිමය සහ ලියකියවිලි කටයුතු නිසා ටික දිනකට අමීර්ට සොරාබ්ගෙන් වෙන් වීමට සිදුවෙන බව දන්වූ විට සොරාබ් බියවන්නේ අමීර්ද ඔහුව අත්හැරීමට කටයුතු කරනවා යැයි සිතාගෙනයි. එහිදි කම්පනයට සහ වේදනාවට පත්වාන සොරාබ් සියදිවිනසාගනීමට උත්සාහ කරයි. අමීර්ගේ ප්‍රයත්නය නිසා ඔහුගේ දිවි බේරුනද ඇතිවූ දැඩි වේදනාව සහ කලකිරීම නිසා සොරාබ් අමීර් සම්බන්දයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. කෙසේ හෝ සොරාබ්ව ඇමරිකාවට රැගෙන යන අතර අමීර් සහ සොරායා ඔහුව තමන්ගේ දරුවකු ලෙස හදා වඩා ගනියි. නමුත් තවමත් සොරාබ් ඔවුන් දෙදෙනා සමග කතාබහක් නොපවත්වයි. දිනක් ඔවුන්ගේ ඇෆ්ගන් මිතුරන් චාරිත්‍රයක්ව සිදුකරන සරුංගල් තරගයකට ඔවුන් තිදෙනා සහබාගී වෙයි. අමීර් සොරාබ්ව ගෙන ගොස් ඔහු සමග සරුංගල් අරින්නේ ඔහුට හසාන් සහ තමා කුඩා කල සරුංගල් තරග දිනු සැටි සිහිපත් කරවමිනි. සරුංගල් අරින විට යොදන උපායන් ගැන අමීර් සොරාබ්ට කියාදෙයි. අවසන සොරාබ් සහ අමීර් තරගය ජයගනියි. අවසානයට කැපීගිය සරුංගලය සොයා අමීර් දිව යන්නේ එය සොරාබ්ට දීමටයි. එම සරුංගලය සොයාගේනවිත් එය සොරාබ් අතෙහි තබන විට සොරාබ්ගේ මුවෙහි සිහින් සිනාවක ලකුණු පෙනෙයි. ඔහුගේ හිස අතගාමින් අමීර් මෙසේ පවසයි. "ඔබ වෙනුවෙන් දහස් වරක් උනත් මෙසේ කරනවා".

චරිත සංස්කරණය

  • අමීර් මෙහි කතානායකයා වන්නේ මොහුයි. අමීර් යනු තම මිතුරා බේරා ගැනීමට තරම් දිරියක් නොවූ බියගුල්ලකු බව කෘතියේ මුල් කොටසින් ප්‍රකට වුවද, පොතෙහි පසුකොටස් වල ඔහු ගැන අනුකම්පාවකින් ලියා ඇති සැටියක් පෙනෙයි. ඔහු 1963 පස්තුන් පවුලකට දාව උපදින අතර ඔහුගේ උපතේදී මව මියයයි. අවුරුදු 18දී පියා සමග කාබුල් හැරදමා ඇමරිකාවට පලා යයි.
  • හසාන්ළමා කල අමීර්ගේ හොදම මිතුරායි. පොතේ මොහුව විස්තර වන්නේ චීන බෝනික්කකුගේ වන මුනක් සහ හාතොල් ඇති කොළ ඇස් ඇති දරුවකු ලෙසයි. හොසේයිනි මොහුව පාටකයාට ගෙනෙන්නේ පැතලි චරිතයක් ලෙසිනි. "ඔබ ඔහුට ප්‍රිය කරනු ඇත ඔබ ඔහු වෙනුවෙන් දුක් වනු ඇත නමුත් ඔහු එතරම් ගැබුරු චරිතයක් නොවේ". කෘතියේ අවසාන බාගයේදී හසාන් යනු බාබාගේම දරුවකු බව පාටකයාට දැනගැනීමට ලැබෙයි.
  • අසේෆ් කතාවෙහි එන ප්‍රදානමසතුරා මොහුය. ඔහු ඇෆ්ගන් පියෙකුට සහ ජර්මානු මවකට දාව ඉපදුනු පස්තුන් දරුවෙකි. ළමා කල ඔහු හසාන් ගේ සහ අමීර්ගේ සමාගමයට බොහෝ හිරිහැර සිදුකළේය. ඉන්පසු කෘතියේ අග බාගයේ නැවත මොහු කරලියට එන්නේ සොරාබ්ව රැගෙනගිය තලේබාන් නිලධාරියා ලෙසයි.
  • බාබා අමීර්ගේ පියා වන මොහු කාබුල්හි විසූ ධනවත් ව්‍යාපාරිකයෙකි. හසාන්ගේද පියා වන මොහු මේ බව ඔවුන් දෙදෙනාගෙන්ම සගවයි. නමුත් හසාන්ටත් ඉතා සුහදශීලීව සැලකීමට මොහු කටයුතු කරයි. 1987දී ඇමරිකාවේදී ඔහු මිය යන්නේ අමීර් සහ සොරායා විවාහවී ටික කාලයක අවෑමෙනි
  • අලී බාබාගේ සේවකයායි. හසාන් බාබාට දාව ඔහුගේ බිරිදට ඉපදුනු දරුවෙක් වන අතර ඔහු හසාන්ව තම දරුවා ලෙස හදාවඩා ගනියි.
  • රහීම් ඛාන්බාබාගේ ලගම මිතුරා වන මොහු බාබාගේ සියලු රහස් පිළිබද දන්නා එකම තැනැත්තායි. අමීර්ට පකිස්තානයේදී හසාන් ඔහුගේ අර්ධ සොයුරා බවත් සොරාබ් ගැනත් පවසන්නේ මොහුයි.
  • සොරායා ඇමරිකාවේදී අනීර්ට හමුවන තරුණ ඇෆ්ගන් කාන්තාවකි. පසුව ඔහු ඇය හා විවාහ වෙයි. හොසේයිනි මුලින් ඇය ඇමරිකානු කාන්තාවක් ලෙස ලිවීමට සැලසුම් කලත් පසුව අදහස වෙනස් කොට ඇත.
  • සොරාබ්හසාන්ගේ එකම පුතු මොහුයි. දෙමාපියන් අමිහිමි වීමෙන් පසු අනාත නිවාසයකට යන මොහු තලේබාන් නිලධාරියෙක් වන අසේෆ්ගේ හිරිහැර වලට ලක්වෙයි. අමීර් මොහුව බේරාගන්න අතර ඔහුව තම දරුවෙක් මෙන් හදාවඩා ගනියි. සොරාබ් ඔහුගේ පියාගේ බාල කාලයේ හොදම නිදර්ශනයකි.
  • සනුබාඅලීගේ බිරිද වන තර හසාන්ගේ උපතින් ඉක දවසකට පසු ය පලායයි.
  • ෆරීඩ් ඇෆ්ගන් ගමනට අමීර්ට සහය වන කුලීරථ රියදුරායි.


කෘතිය සංස්කරණය

 
ලෝරා බුෂ් සමග ඛාලිඩ් හොසෙයිනි (වමේ සිට පළමුව සහ දෙවනුවට)".[2]

කෘතිය ලපවී පළමු වසර දෙක ඇතුලත ඝන පිටපත් 70,000ක්ද කඩදාසි බැම්ම සහිත පිටපත් 1,250,000ක්ද විකිණී ඇත.පොතෙහි ජනප්‍රියත්වය ඉහල නැගෙන්නේ 2004 වසරේදී පොත කඩදාසි බැම්ම සහිතව නිකුත් කලායින් පසුවයි.2004 වසරේදී වැඩිම ඉල්ලුමක් සහිත පොත් අතරට එකතු වන මෙම කෘතිය නිව්යෝර්ක් ටයිම්ස් සගරාවේ 2005 මාර්තු මාසයේ වැඩිම අලෙවියක් සහිත කෘතිය ලෙස පත්වෙයි.වසර දෙකක් පුරාවට එම ලයිස්තුවේ තමාගේ තැන රැකගැනීමට මෙයට හැකිවෙයි.මේ වන විට මෙම කෘතිය සම්මාන 60කත වැඩි ප්‍රමාණයක් දිනාගෙන තිබේ.

අනුවර්තනයන් සංස්කරණය

චිත්‍රපටය සංස්කරණය

 
ඛාලිඩ් හිසෙයිනි ද කයිට් රන' නළුවන් සමග , භාරම් සහ එල්හම් එහ්සාස්

කෘතිය එළිදැක්වීමෙන් වසර 4කට පසුව මෙහි චිත්‍රපටය එළිදැක්විණි.ඛාලිඩ් අබ්දුල්ලා අමීර් ලෙසත්,හොමයුන් එර්ශාදී බාබා ලෙසත් අහමඩ් ඛාන් හසාන් ලෙසත් රගපෑහ. 2007 නොවෙම්බර් මස මෙය එළිදැක්වීමට යෙදුනත්,ළමා නළුවන් දෙදෙනාට පැමිණි මරණ තර්ජන නිසා ඔවුන් දෙදෙනාව බීරාගන්න තෙක් මාස 6ක් දිනය පිටුපසට ගැනීමට සිදුවිය.මැක් ෆොරස්ටර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයේ තිර රචනය ඩේවිඩ් බෙනිඔෆ් ගෙනි.චිත්‍රපටය සම්මාන ගණනාවකට හිමිකම් කියූ අතර ඇකඩමි සම්මාන උළෙල සදහාද නිර්දේශ විය.


මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. Noor, R.; Hosseini, Khaled (September/December 2004). "The Kite Runner". World Literature Today. 78 (3/4): 148. doi:10.2307/40158636. {{cite journal}}: Check date values in: |date= (help)
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; O'Rourke නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ද_කයිට්_රන%27&oldid=386052" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි