දුර චලනය හෙවත් දූරචලනය යනු සිතේ ඇති අධි මානසික බලයෙන් යම් වස්තුවකට බලපෑම් කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම වස්තුව චලනය වීම, හැඩය වෙනස් වීම, උෂ්ණත්වය වෙනස් වීම සිදුවිය හැකිය.

මේ සඳහා නවකයකු පළමුව බාහිර වස්තුව මත සිත පිහිටවීම (concentrate on the object) පුරුදු විය යුතුය. වෙනත් බාහිර අරමුණු වල සිත නොයොදවා හුදෙක් වස්තුව මත සිත ඒකාග්‍ර කරගත යුතුය. මුලදී ඉතා අපහසු වුවත් සංගමයෙන් යුතුව කාලයක් පුහුණු වීමෙන් නිපුණත්වය ට පත්විය හැක.

මෙම හැකියාවන් හි නිපුණත්වය ට පත්වූ පසු විශාල ගස් පවා උදුරා දැමිය හැකි වේ. තවද ඇතැම් යෝගාවචර වරු විසින් ගමන් කරමින් තිබූ දුම්රිය ද නවත්වා ඇති බව වාර්තා වේ.

පුද්ගලයාගේ ස්වභාවය මත කාලය තීරණය වේ. කුඩා කල සිට (අවුරුදු 5ට පෙර) හෝ නව යොවුන් වියෙහි ආරම්භයේදී පුහුණු වුවහොත් ඉතා ඉක්මන් දියුණුවක් ලැබීය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=දුරචලනය&oldid=495106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි