දුම්රිය මාර්ග පද්ධති පිලිබඳ ඉංජිනේරු විද්‍යාව

දුම්රිය මාර්ග පද්ධති පිලිබඳ ඉංජිනේරු විද්‍යාව යනු විවිධ පැතිකඩ සහිත, සියලු දුම්රිය මාර්ග පද්ධති නිර්මාණය, ගොඩනැගීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධව කටයුතු කරන ඉංජිනේරු විෂය ක්ෂේත්‍රයකි. එය සිවිල් ඉංජිනේරු විද්‍යාව, පරිගණක ඉංජිනේරු විද්‍යාව, විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව ඇතුළු ඉංජිනේරු විෂය ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. තවත් ඉතා වැදගත් ඉංජිනේරු උප විෂය ක්ෂේත්‍ර රාශියක්ද මෙයට ඇතුලත් වේ.

ඉතිහාසය සංස්කරණය

දහ නව වන සියවසේ අග භාගයේ දී ඇති වූ දුම්රිය මාර්ග වල ආරම්භයත් සමඟම , දුම්රිය මාර්ග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව පැන නැගෙන, ඊට අනන්‍යවූ ගැටළු විසඳීම සඳහා විශේෂිත වූ ඉංජිනේරුවන් පිරිසකගේ අවශ්‍යතාවයක් පැන නැගිනි. දුම්රිය මාර්ග ව්‍යාප්ත වීම හා එය ප්‍රධාන ආර්ථික බලවේගයක් බවට පත්වීමත් සමඟම ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ විය. ඒ අතරින් Richard Trevithick, George Stephenson සහ Isambard Kingdom Brunel යන අය විශේෂ වේ. වර්තමානයේ දුම්රිය මාර්ග පද්ධති පිලිබඳ ඉංජිනේරු විද්‍යාව, Channel Tunnel වැනි විශාල ව්‍යාපෘතීන් වල දියුණුවත් සමඟ ඉතා ප්‍රබල ඉංජිනේරු විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී ඇත.

උප විෂය ක්ෂේත්‍ර සංස්කරණය

  • විධානය, පාලනය හා සංඥා කිරීම(Command, Control & Signaling)
  • බල ශක්තිය සඳහා විදුලි බලය යෙදවීම (Energy Electrification)
  • ස්ථිර යටිතල පහසුකම් පිලිබඳ ඉංජිනේරු විද්‍යාව(Infrastructure Permanent Way engineering)
  • ආලෝක රේල් පීලි පද්ධති(Light rail systems)
  • On-track plant
  • රේල් පීලි පද්ධති සංකලනය(Rail System Integration)
  • දුම්රිය පාලන පද්ධති(Train control systems)
  • දුම්රිය මාර්ග වාහන පිලිබඳ ඉංජිනේරු විද්‍යාව(Railway vehicle Engineering)
  • රෝද-පීලි අතුරු මුහුණත(Wheel-rail interface)
  • පද්ධති ඉංජිනේරු විද්‍යාව(Systems Engineering)
  • පද්ධති සංකලනය(Systems Integration)


මූලාශ්‍ර සංස්කරණය

http://en.wikipedia.org/wiki/Railway_systems_engineering