ඇක්වාපොනික්ස් යනු ජල ජීවින් හා පැලෑටි නැවත නැවත මාරු කරමින් ජලජ ජීවින් හා පැලැටි වගා කිරීමේ ක්‍රමයයි.

එහා මෙයා ගෙන යා හැකි දිය වගා පද්දතියක්

ජලජ ජීවින් කුඩා ඉඩ ප්‍රමාණයක, හෝ ටැංකියක ඇති කිරීමෙන් එම ජලජ ජීවින්ගෙන් නිකුත් වන අප ද්‍රව්‍ය අතුරු නිෂ්පාදනයක් ලෙසින් ජලයට එක් වේ. මෙම අප ද්‍රව්‍ය එකතු වූ ජලය පැලෑටි වලට අවශ්‍ය පෝෂණ ගුණයන්ගෙන් අනූනය. එහෙත් ඒ සමග එම ජලය ජල ජීවින්ට විෂ සහිතය.

පැලැටි වැවෙන්නේ ඒවාට පෝෂණිය කොටස් අඩංගු ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකි වන අයුරිනි. පැලැටි පෝෂණ කොටස් උරා ගන්නා අතර ජලයේ තිබෙන විෂ කොටස් ඒ සමග ඉවත් කරයි. මෙය ජලජ ජීවීන්ට හිතකරය.

දැන් කෙරෙන්නේ පිරිසිදු වි ඇති ජලය ජලජ ජිවීන් සිටින පරිසරයට මුදා හැරීමයි. මෙසේ මේ ක්‍රියා දාමය නොකඩවා කෙරි ගෙන යයි. ඇක්වාපොනික් ක්‍රමයට අනුව ජලය ඉවත් කිරීමක් හෝ මාරු කිරිමක් සිදු නොවේ. ජල ජීවින් හා පැලැටි අතර පවත්නා සහ සම්බන්ධතාවය මත මෙම ක්‍රමය රඳා පවතින්නේ පරිසරය මනා ලෙස පවත්වා ගෙන යාම සඳහාය. පැලෑටි විසින් උරා ගන්නා ජලය සහ වාෂ්ප වීම මගින් ඉවත් වන ජලය නැවත ලබා ගැනීමට සෑහෙන ප්‍රමානයට පමණක් ජලය එක් කරනු ලැබේ.

ඇක්වාපොනික් ක්‍රමය ගෘහස්ත කුඩා ඒකක වල සිට විශාල වාණිජ මට්ටමක් දක්වා වෙනස් වේ. ජල ජීවින්ට ගැලපෙන ලෙස මේවාට පිරිසිදු ජලය හෝ කරදිය මිශ්‍ර කළ හැක.

ඇක්වාපොනික් ක්‍රමයේ සුවිශේෂි වාසි සංස්කරණය

  • නිරන්තරයෙන් ජලය නැවත ප්‍රයෝජනයට ගැනීම හා ප්‍රතිචක්‍රීකරණය හරහා ජලය සුරැකීම.
  • ස්වභාවික මාලු ‍ෛතලෝදය සමග පැලැටී වලට කාබනික පොහොර භාවිතය.
  • මනා ලෙස කරනු ලබන ජලජ ජීවි වගාවෙන් ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීම.
  • ආහාර නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය වගා බිම් ප්‍රමාණය අඩු වීම.
  • වගා කටයුතු වලදී, ඒක පුද්ගල ඉන්ධන දහනයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීම
  • කුඩා කාර්යක්ෂම වාණිජ ආයතන ගොඩනැගීමට හැකි වීම.
  • වෙළඳ පොලට ආසන්නව කුඩා කාර්යක්ෂම වාණිජ ආයතන ගොඩනැගිය හැකිය. මෙයින් ආහාර ලබා ගැනීම සඳහා යා යුතු දුර කෙටි වේ.


දිය වගාව සමඟ සැබැඳී ඇති ප්‍රධාන අවාසි නම් සංස්කරණය

  • ගෘහ, ටැංකි, ජල නළ එලීම, පොම්ප හා වැවීම් පාත්ති සඳහා මූලික වියදම
  • පද්ධතියක් සකස් කළ හැකි අපරිමිත ක්‍රම සංඛ්‍යාව නිසා ඒවා සමානව වෙනස් වන ප්‍රතිඵලවලට, මතභේදයට තුඩු දෙන පරීක්ෂණවලට හා සාර්ථකතා හෝ අසාර්ථකතාවලට හේතු වේ.
  • සමහරක් දිය වගා ස්ථාපනය කිරීම් වලදී, ප්‍රතිචක්‍රීකරණය හා ජල/හාත්පස පැතිරුණු උෂ්ණත්වය ලබා ගැනීම සඳහා මිනිසා විසින් නිෂ්පාදිත ශක්තිය, තාක්ෂණික විසඳුම් හා පාරිසරික පාලක මත අතිශයින් රඳා පැවතීමට හේතු වේ.
  • පරිස්සම් සහගතව සිදු කරන ලද සැලසුම්වලින් අනතුරු අවම කරගත හැකි වුවත් දිය වගා පද්ධතිවල බහු බිඳ වැටීමේ තනි ලක්ෂ්‍ය පැවතිය හැකි අතර එහි දී විදුලිය බිඳ වැටීමක් හෝ පයිප්පයක් අවහිර වීමක් වැනි ගැටළුවක් මත්ස්‍ය සම්භාරය සම්පූර්ණයෙන්ම නැතිවී යාමට මඟ පාදා දී ඇත.
  • අනෙකුත් සියළු ජල සංස්කෘති මත පදනම් වූ පද්ධති මෙන්ම ආහාර සැපයීම සාමාන්‍යයෙන් අඩු අගයෙන් යුත් වර්ගවලින් ගන්නා ලද මාළු කෑමවලින් සමන්විත වේ. කැලෑ මත්ස්‍ය සම්භාරවල සිදු වන හායනය මඟින් මෙම ක්‍රියාවලිය තිරසාර නොවන ක්‍රියාවලියක් බවට පත් කරයි.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Aquaponics

"https://si.wikipedia.org/w/index.php?title=දිය_වගාව&oldid=471834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි