තෝමස් අල්වා එඩිසන් (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමෙරිකානු පර්යේෂකයෙකි. මානව සංස්කෘතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග්‍රැමෆෝනය, විදුලි බුබුළ ඉන් සමහරකි.

තෝමස් අල්වා එඩිසන්ගේ උඩුකය දැක්වෙන සිතුවමක්.

ග්‍රැමෆෝනය නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප්‍රසාදයටද පාත්‍ර වුයේය. 1880 වර්ෂයේදී එඩිසන් ෆ්ලොරීඩා ප‍්‍රාන්ත‍්‍රයේ පදිංචි වු අතර එහිදී ඔහු ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණයේ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් සමඟ මිත්‍ර වුයේය. ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණය සඳහා එඩිසන්ගේ දායකත්වයක් ලැබුණේද ඒ හරහාය.

1901 ඔහු සංබරි කලාපයේ සංචාරය කළේ පතල් නිරීක්‍ෂයකු ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ෆැල්කන්බි‍්‍රජ් යපස් නිධිය සොයා ගත්තේය.

එඩිසන් සාර්ථක ව්‍යාපාරිකයකුද වුයේය. ප්‍රවාහන අංශයේ විවිධ ව්‍යාපාර රැසක් ඔහු විසින් හොබවනු ලැබු අතර සිනමා ක්ෂේත‍්‍රය තුළද එවැනි ව්‍යාපාර කටයුතු වලට ඔහු හවුල් වුයේය.

තෝමස් අල්වා එඩිසන් මෙලොව හැර ගියේ 1931 ඔක්තෝම්බර් 18 වන දිනය. ඒ වෙස්ට් ඔරේන්ජ්හි ලේවෙලින් පාර්ක් නම් ස්ථානයේ පිහිටි නිවසේදීය. එඩිසන්ගේ අවසන් හුස්ම රැගත් පරීක්‍ෂණ නලයක් හෙන්රිෆෝඩ් කෞතුගාරයේ තැන්පත් කර ඇත්තේය.


"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්_අල්වා_එඩිසන්&oldid=540142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි