තැඹිලි වතුර, කුරුම්බා වතුර සහ පොල් වතුර

පොල් වර්ග වල ගෙඩිය ළපටි අවස්ථාවේ සහ මේරූ අවස්ථවේ ඒතුල පවත්න ආහාරමය දියරයක් පවතී. පොල් වර්ගය සහ ගෙඩියේ මේරීම අනුව තැඹිලි වතුර, කුරුම්බා වතුර හෝ පොල් වතුර යන නමිවලින් හැඳින්වුනද මේවා බොහෝ ලක්‍ෂණ අතින් එකිනෙකට සමාන වේ.

ඉන්දුනීසියාවේ, පංගන්දරන්හී, විකිනීමට තබා ඇති විගසින් පානය කළ හැකි කුරුම්බා වතුර .


පොල් වතුර සංස්කරණය

වෙළෙඳපොළෙහි මිලදී ගැනීමට ඇති බොහෝ පොල් ගෙඩි ගසෙහි මේරූ ඒවා නොවේ. ලපටි ගෙඩි අවස්ථාවේ ඇති ඒවා ලෙලි ගසා අවුවේ වියළා කෘත්‍රිම ලෙසින් නිර්මාණය කරගත් ඒවා වෙති. එබැවින් ඒවායේ දියරයෙහි ගුණාත්මක භාවය සහ සනීපාරක්ෂක භාවය පිළිබඳ ගැටළු මතුවෙයි. බොහෝ ගෘහණියන් ඒවා ඉවත ලන්නේ එබැවිනි. අවම වශයෙන් ආප්ප මිශ්‍රණයට හෝ ඒවා වර්තමානයේ භාවිතා නොකරති. කෙසේවුවද තැඹිලි දියරය සහ කුරුම්බා දියරය බීමට භාවිතා කරන්නේ පිපාසය සංසිදුවා ගැනීමට හා ඒවායේ ඖෂධීය ගුණය නිසාය. වර්ෂාව පවතින කලට තැඹිලි දියරයේ රස හා ගුණය හීන වෙයි.

පොල් විනාකිරි තැනීමට පොල් වතුර භාවිතා කෙරෙයි.

මේරූ පොල් ගෙඩි පැලූ කල දියරය නිදහසේ වැගිරෙයි. පෙර කලදී ගෘහණියෝ මුව තබා මෙය පානය කිරීමට හෝ බඳුනකට මෙය එක් කොට ආප්ප පිටි මිශ්‍රණයක් පීපීමට වැනි භාවිතයකට හෝ ගනිති. මෙකලදී එය නොකෙරෙන්නේ පෙර සඳහන් කළ තත්ත්වය සබැඳි ගැටළු නිසා වෙයි.

කුරුම්බා/තැඹිලි වතුර සංස්කරණය

කුරුම්බා ගෙඩියෙහි ලෙල්ල සිදුරු කල විට එය තුල පවතින පීඩන තත්ත්වය නිසා දියරය වේගයෙන් පිටතට විදීමට පෙළඹෙයි. එබැවින් දියරය අපතේ නොයවා පරිස්සමින් ලෙල්ල කපා සිදුරක් තුලින් එය ලබා ගැනෙයි. දියරය පානය කිරීමද කලාවකි. මුව දෙපසින් නොවැගිරෙන පරදී සිදුරට මුව තබා පානය කෙරෙයි. ඉන් පසු කුරුම්බා ගෙඩිය දෙපලු කොට එහි ඇති ලොඳය අනුභව කරනු ලැබේ. කුරුම්බා ගෙඩිය තුල දියරය තිබියදීම හබල පෙති ආදිය එහි බහා මද වේලාවක් කබා පානය කිරීමද කරනු ලැබේ.

ආශ්‍රිත ලිපි සංස්කරණය

වැඩිදුර කියවීම් සංස්කරණය