ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ ටොංගා රාජධානිය යන්නය. මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත ‍වේ. උතුරු - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට හවායි දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමෝවා හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී ජේමිස් කුක් කැප්ටන් වරයා ඉතා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙළාගත් පළමු පළතුරු අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයි.එහෙත් එසේ කිරීම සඳහා වූ සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.

Kingdom of Tonga

Puleʻanga Fakatuʻi ʻo Tonga
Tonga හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Ko e ʻOtua mo Tonga ko hoku tofiʻa"
"දෙවියන් සහ ටොංගොව මගේ උරුමය වේ"
ජාතික ගීය: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga
The Song of the King of the Tongan Islands
Tonga හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Nukuʻalofa (නුකු'අලොෆා)
නිල භාෂා(ව)
ආගම
Free Wesleyan Church of Tonga
ජාති නාම(ය)Tongan
රජයඒකීය පාර්ලිමේන්තු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව
• Monarch
Tupou VI
ʻAkilisi Pohiva
ව්‍යවස්ථාදායකයLegislative Assembly
Independence
• from British protection
4 June 1970
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
748 km2 (289 sq mi) (186th)
• ජලය (%)
4.0
ජනගහණය
• 2011 ජන සංගණනය
103,036[1]
• ඝණත්වය
139/km2 (360.0/sq mi) (76tha)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$763 million[2]
• ඒක පුද්ගල
$7,344[2]
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$439 million[2]
• ඒක පුද්ගල
$4,220[2]
මාසද (2013)Steady 0.705[3]
ඉහළ · 100th
ව්‍යවහාර මුදලPaʻanga (TOP)
වේලා කලාපයUTC+13
DST not observed
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+676
ISO 3166 codeTO
අන්තර්ජාල TLD.to
  1. Based on 2005 figures.


පැසිපික් සාගරයේ දූපත්වලින් සමන්විත රටවල් අතර ටොංගා එකම සෛවරී රාජාණ්ඩුව බවට පත්ව තිබේ. එමෙන්ම විධිමත් යටත් විජිතයක් බවට පත්වීමෙන් වැළකී සිටීමට සමත්වූ කලාපයේ එකම රාජ්‍යය බැව් කියා සිටීමේ හැකියාවද ටොංගා රාජ්‍යය සතුය. ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ටොංගා රාජ්‍යය සැලසුම් කරමින් සිටී. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සඳහා වන විධිමත් මැතිවරණයක් 2010 දී පැවැත්වෙනු ඇත.

මූලාශ්‍ර සංස්කරණය

  1. Tonga National Population Census 2011; Preliminary Count. pmo.gov.to (22 December 2011).
  2. 2.0 2.1 2.2 2.3 "Tonga". International Monetary Fund. සම්ප්‍රවේශය 22 April 2012.
  3. "Human Development Report 2014" (PDF). United Nations. 2014. සම්ප්‍රවේශය 27 July 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ටොංගා&oldid=347532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි